කළුදුරු-සතකුප්ප-තල දඬු ඇතුළත් ඔසප් චක්‍රයේ ගැටලු ඇති කාන්තාවන්ට ප්‍රතිකාර 4ක්

0
84

කාන්තාවන්ගේ ඔසප් රුධිරය එනම් ආර්ථව ලෙයෙහි ‍ෙදා්ෂ තත්ත්වයන් ආයුර්වේදයේ අප හඳුන්වන්නේ ආර්ථව දෘෂ්ටි නමිනි. එසේම ආර්ථව ‍ෙදා්ෂ සහිත වූ විට නිරෝගී දරුවකු අපේක්ෂා කළ නොහැකි අතර එය වන්ද්‍යභාවයටද හේතු විය හැකියි.

‍ෙදා්ෂයෙන් තොර වූ ඔසප් රුධිරයෙහි ගර්භාශයේ සෙම් කලාවට අයත් සිවි කොටස් -ශ්ලේෂ්මල කොටස් (ර්භජධභඵ) ගර්භාශය හා යෝනි බිත්තිවලින් කැඩී එන කොටස් මෙන්ම සාමාන්‍ය රුධිරයේ ඇති ප්‍රමාණයට වඩා චූර්ණ ධාතු පවතී. දින 28 කට වරක්, දින 2 – 5ත් අතර කාලයක් ගන්ධ රහිත වූ සෙවෙල් ගති දැවිලි පීඩාවලින් තොර වූ ඔසප් රුධිරය ප්‍රශස්ත වන බව ආයුර්වේදයේ දක්වයි. දින 28 කට වඩා ප්‍රමාද වීම හෝ ඒ කාලය තුළ වරින් වර ඔසප් වීම – වර්ණය වෙනස් වීම – විවිධ ගන්ධයන් ඇතිවීම – පෙණ/ කැදලි/ සැරව සහිත වීම – ඔසප් රුධිරය කැටි වශයෙන් පිටවීම වැනි ලක්ෂණ ආර්ථව ‍ෙදා්ෂ පවතින කාන්තාවන්ට ප්‍රධාන වශයෙන් ඇතිවිය හැකියි.   

එසේම ඩිම්බකෝෂ ආශ්‍රිත ග්‍රන්ථි – chocolate cysts _ Adenomyosis – අණ්ඩෝමාතෘකය – Endometriosis – ගර්භාශ බිත්ති ඝනකම් වීම අර්බුද තත්ත්ව – Fibroid යන රෝග අවස්ථාවලදීත් ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර දරු ඵල අඩුවීම කෙරෙහිද (වන්ද්‍යභාවය) මෙය ඍජුවම බලපෑමට ඉඩ පවතී. කාන්තාවකගේ ශරීර උෂ්ණත්වය පමණට වඩා වැඩිවීම නිසා හෝමෝනවල අසමතුලිතතාව ඇතිවීම හේතුවෙන් ඔසප් රුධිරය පිටවීම අක්‍රමවත් වීම හෝ ඔසප් නොවීම සිදුවිය හැකියි. නැතහොත් මාස කිහිපයකට වරක් ඔසප් වීම සිදුවිය හැකියි. මෙය ආයුර්වේදයේ ආර්ථව ක්ෂය නමින් හඳුන්වන අතර එය ගැබ්ගැනීම ආශ්‍රිත දුර්වලතාද මතුකරයි.

මෙම කාන්තාවන්ගේ ශරීර බර වැඩිවීම – පිරිමින්ගේ මෙන් රෝම වැඩි කළුදාර දක්නට ලැබීම සිදුවිය හැකි අතර කලක් ගතවීමේදී දියවැඩියාව වැනි තත්ත්ව ද ඇතිවිය හැකියි.

TSH – Thyroid Stimulation Hormone, FSH – Follicle Stimulating Hormone, LH – Luteinizing Hormone යන හෝමෝනවල මට්ටම හා ක්‍රියාකාරිත්වය වෙනස් විය හැකිය. ප්‍රධාන වශයෙන් ස්ත්‍රී ශරීරය තුළ පවතින උෂ්ණ ගති අඩුවෙන් පවතිනවා නම් ආර්ථව ‍ෙදා්ෂ පැනනැඟීමට ඇති ප්‍රවණතාව බොහෝ අඩු වනු ඇති. ඒ සඳහා පහත ප්‍රතිකාරවලට ඔබට යොමුවිය හැකියි.

• කොත්තමල්ලි ඇට තළා පෙරදින රාත්‍රියේ වතුරට දමා තබා පසු දින පානය කිරීම – දළ වශයෙන් ඔසප් වීමට නියමිත දිනට දින 2කට පමණ පෙර සිටවත් මෙය කළ යුතුයි.

• සුදුලූනු කබලේ බැද ආහාරයට ගැනීම.

• තල දඬු – සතකුප්ප – සුදුලූනු තම්බා එම වතුර දිනකට දෙවරක් පානය කිරීම.

• කළුදුරු – සතකුප්ප එක තරම ගෙන කබලේ බැද කුඩුකර දිනකට වරක් කෝපි මෙන් වත්කර පානය කිරීම.

නමුත් ඔබට ඔසප් අක්‍රමිකතාව සමඟ හෝමෝන අසමතුලිතතාව එසේම ඔසප් රුධිරයට අමතර විවිධ ස්‍රාව වර්ග නිකුත් වේ නම්ද ඒ ආශ්‍රිත කැසීම් පවතී නම්ද පමා නොවී ඔබ වෛද්‍යවරයකු හමුවිය යුතුයි.

මන්ද ඊස්ට්‍රජන් හෝමෝනයේ ප්‍රතික්‍රියා අධික වීම – ඩිම්බකෝෂවල දුර්වලතා – ගර්භාශගත අර්බුද (Fibroid) – ගැබ්ගෙල ප්‍රදාහ – සුදු හෝ කහ පැහැයෙන් යුත් ස්‍රාව පිටවීම වෙනයම් රෝගයක උපද්‍රව අවස්ථාද මතුවිය හැකියි.

එම නිසා මෙයාකාර වූ රෝග ලක්ෂණ දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හොඳය.

ඔසප් ක්‍රමවත් හෝ අක්‍රමවත් වූ කාන්තාවන්ටද හෝමෝන අසමතුලිතතා පවතින කාන්තාවන්ටද ශරීර උෂ්ණත්වය අධික නිසා, දුඟදවත්ව – මුදවපු කිරි වැනිවද ඇතැම්විට ළා කොළ මිශ්‍ර පැහැයෙන්ද ස්‍රාවයන් නිකුත් විය හැකි අතර එය ශ්වේත ප්‍රදරය – Leucorrhoea නමින් හඳුන්වයි. සාමාන්‍යයෙන් සුද යෑම ලෙස අප හඳුන්වන්නෙත් මෙයමයි.

එහෙයින් නිසි ලෙස තම රෝගය කුමක්දැයි අවබෝධ කර ගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගැනීම මැනවි. නැතහොත් අවිවාහක හෝ විවාහක ඔබගේ ගැබ් ගැනීම් සිදුවන කාල පරාසය තුළදී මහත් ගැටලුවක් වනු නොඅනුමානය.

වෛද්‍ය

එන්. දිල්හාරා ඩයස්

D.A.S.N. (Hons)

M.Ac.F (SL) I.F.A.S.Sc Chandigarh (India)

Q.C.O.P (India)

ස්වර්ණහංස ආයුර්වේදය

0778075452