ඇත්තම  ඩයිනොසරයන් දකින්න ආසද?

0
930

පිහාටු තියෙන්නේ කුරුල්ලන්ට විතරද? ඩයිනොසරයන්ටත් පිහාටු තිබුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මෙවර Jurassic world චිත්‍රපටයේ අපිට ඇත්තටම ඩයිනොසරයින් පෙන්වන්න ආයතනය උත්සාහ කොට තිබෙනවා. ඔවුන්ගේ චිත්‍රපට මාලාවට ලැබුණු ප්‍රධානතම චෝදනාව තමයි ඩයිනොසරයන්ගේ කෘත්‍රිම පෙනුම. විද්‍යාඥයන් පවසන අන්දමට සැබෑ ඩයිනොසිරයන්ට පිහාටු තිබිලා තියෙනවා.

Universel Studio සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටය වන ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන Jurassic World; dominionහි නවතම හා අවසන් ට්‍රේලරය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙය Jurassic world 3 චිත්‍රපටය ද වන අතරම මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපටයේ ප්‍රධානතම ටීසර හා ට්‍රේලර නිකුත් කිරීමට පෙර මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා  විසින් 

චිත්‍රපටයේ පෙරවදනක් සහිත වීඩියෝවක් නිකුත් කරනු ලැබීමයි. එනම් මීට අවුරුදු මිලියන හැටපහකට පමණ පෙර යම් සිද්ධීන් දාමයක් මෙයින් නිරූපණය වන අතර ඔයාලා අහලා තිබෙන වගේම නම් වගේම, දිව උලුක්කු වෙන ජාතියේ නම් තිබෙන අහලවත් නැති ඩයිනෝසරයන් රැසක් මේ preface වීඩියෝවෙන් බලාගන්න පුළුවන්. මේ preface video එක Jurassic world සීරීස් එකේ පදනම කියලා හඳුන්වන්නත් පුළුවන්.

Jurassic world ෆිල්ම් එකේ අපි හැමෝම ආදරය කරන Blue කියන ටීරෙක්ස් ඩයිනෝසරයව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැහැනේ. අන්න ඒ Blue ව නිර්මාණය කරන්න හේතු සාධක වුණු DNA සොයාගත් ආකාරයත් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඒත් ඉතින් die hard ෆෑන් කෙනෙක් නොවෙයි නම් ඒ ගැන නොබලා හිටියට ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. මේ විඩීයෝ එක ෆිල්ම් එකේ නැහැයි කියලා තමා ඩිරෙක්ටර් මහත්මයා නම් කියලා තිබෙන්නේ.

දැන් අපි ෆිල්ම් එකට එමු. 2015 නිකුත් වුණු Jurassic world හා 2018 දී Jurassic world; Fallen Kingdom චිත්‍රපටවලම දිගුවක් ලෙස Jurassic world: Dominion චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 2015දී නිකුත් වුණු Jurassic world චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන Colin Trevorrow ගේ නිර්මාණයක් වන මෙය Universel Pictures Studio හි බෙදාහැරීමක් වනවා.

සුපුරුදු පරිදි Chris pratt, Bryce Dallas, Isabella Sermon මෙහි රංගනයෙන් දායක වන අතර මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ, Jurassic Park හි රංගනයෙන් දායක වුණු Sam Neill, Laura Dern, Jeff Goldblum ඇතුළු හොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් දායක වීමයි. සරලව කිව්වොත් Jurassic Park සහ Jurassic world ෆිල්ම් සීරීස්වල Crossover ටයිප් එකේ ෆිල්ම් එකක් තමා අපිට බලන්න වෙන්නේ.

ඔයාලට මතකයි නම් ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් හැම ෆිල්ම් එකකටම අලුතෙන්ම ඩයිනෝසර් කෙනෙක් එකතු වෙනවා. ඒක ඉතින් අපිට මේ ෆිල්ම් එකෙත් අලුත්ම අලුත් ඩයිනෝසරයෙක් බලාගන්න පුළුවන් වෙයි. 2022 ජුනි 10 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරැඹීමට නියමිත Jurassic world: Dominion චිත්‍රපටය ෆිල්ම් හෝල් එකකට ගිහින්ම එක්ස්පීරියන්ස් කරන්න කියලා මම ඉල්ලනවා. මොකද ඒ සවුන්ඩ්ස්, ඇනිමේෂන්ස් හා ඒ ෆීලීන්ග්ස් ගෙදර ඉඳන් බැලුවට නියම එක්ස්පීරියන්ස් එක ගන්න බැරි වෙයි.

රමෝද් ජයවර්ධන