ජනපතිට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට වහා පියවර ගන්නා ලෙස බල කර සිටියහ.
එහිදී එම මන්ත්‍රීවරුන් පිරිස කතානායක කාර්යාලය වැටලූහ.
පසුව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ කතානායක අසුනේ වාඩි වී සභාව ඇමතීය.
ඔහු එහිදී ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවූ බව ය.
“සඳුදා පෙරවරු 10ට පක්ෂ නායක රැස්වීමක් අපි කැඳවලා තියෙනවා. ඒ රැස්වීමේදී අපි සාකච්ඡා කරලා හැකි නම් ඒ සතිය ම තුළ හෝ නැතිනම් ලබන සතියේ 17 වන දා නොවැරදීම අපි පාර්ලිමේන්තු සභාව රැස්වෙනවා. ඒ වගේ ම එළියෙ සිදුවන සිදුවීම් ගැන ත් අපි ඇත්ත වශයෙන් ම කනගාටුව පළ කරනවා. පොලිසියේ රාජකාරිය කරන්න ගිහිල්ලා පොලිස් නිලධාරීන්ට හෝ ඒ වගේ ම සාමකාමීව… අපි උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා, සාමකාමීව මේ උද්ඝෝෂණය කරන්න. ඒකෙ අවුලක් නෑ. මෙතෙක් කල් එහෙම කිසි ම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ඒ නිසා ඒ අනුව කරන්න. අපි එළියෙ සිදුවී ඇති සිද්ධිය සම්බන්ධයෙන් අපි පොලිසියෙ සම්පූර්ණ වාර්තාවක ලබන සතියේ පොලිස්පතිවරයාගෙන් කැඳවනවා. පාර්ලිමේන්තුව මැයි මස 17 වන දා පෙරවරු 10 වෙනකම් කල් තබනවා.”