මාදිවෙල මන්ත්‍රී නිවාස දක්වා දිවෙන මාර්ගය විරෝධතා නිසා අවහිර වෙයි

0
186

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසවලට පිවිසෙන මාදිවෙල සිට කිඹුලාඇළ දක්වා මාර්ගය ජනතා විරෝධතා හේතුවෙන් අවහිර වී ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.

ඔවුන් ප්‍රකාශ කළේ, අදාළ මාර්ගයේ රථවාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වී තිබූ බව ය.

දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් ජනතාව මාර්ගයට බැස විරෝධය දැක්වීම ඊට හේතු වී තිබේ.

මේ හේතුවෙන් පිටකෝට්ටේ මංසන්ධියේ සිට තලවතුගොඩ සහ පැලවත්ත දක්වා වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.