මන්ත්‍රීලා එනතුරු ජනතාව කොසු, ඉදල් රැගෙන බලා සිටිද්දී, මන්ත්‍රීවරු හොර පාරෙන් මාරු වෙති

0
487

පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු ඊට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව පිටත් කර යැවීමට හැකි වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා mawbima.lk වෙබ් අඩවියට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාර්ගය හැර අමතර පිවිසුම් මාර්ග ඔස්සේ මන්ත්‍රීවරුන් පිටත්කර යැවූ බව ය.

මේ අතර, “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා” අවට මාර්ග දෙපස පදිංචි ජනතාව අද පස්වරුවේ කොසු, ඉදල් රැගෙන බලා සිටි බවට අප වාර්තාකරුවෝ පැවසූහ.