JUST IN: රංජිත් සියඹලාපිටිය යළි ත් නියෝජ්‍ය කතානායක ධූරයට

0
217

රංජිත් සියඹලාපිටිය මහතා අද (මැයි 5) නියෝජ්‍ය කතානායක ධූරය සඳහා යළි ත් තේරී පත් විය.

ඡන්ද 148 ලබා ගනිමින් ඔහු මෙම ධූරයට තේරී පත් වුණු අතර විපක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා කෙරුණු ඉමිතියාස් බාකිර් මාකර් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 65කි.

කතානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දයකට යාමට සිදුවන බව කතානායකවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

කෑගල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කරන ලද අතර, එය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ස්ථීර කරනු ලැබීය.

විපක්ෂය වෙනුවෙන් ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලද අතර එම යෝජනාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථීර කරනු ලැබීය.