විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පත් භාර ගැනීම නවතී

0
304

පරිගණක පද්ධතියේ යළි හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් සිය ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු ශාඛා කාර්යාලවල විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් භාර ගැනීමේ කටයුතු අද (මැයි 5) දිනයේදී සිදු නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එක්දින සහ සාමාන්‍ය සේවා ද්විත්වයට ම මෙය අදාළ වන බව ය.

එමෙන් ම, අනෙකුත් සේවා කටයුතු ද අද දහවල් 12.30 දක්වා සීමා කර තිබේ.

කෙසේ වෙතත්, ගුවන්තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කළේ ය.

පෙරේදා රාත්‍රියේ හටගත් හදිසි පරිගණක දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී ද එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුනොකරන බව ප්‍රකාශ කර තිබූ අතර පසුව එය ඊයේ උදෑසන එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබිණි.

මේ අතර, අයැදුම්පත් භාර ගැනීම අත්හිටුවීම හේතුවෙන් ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලයට පැමිණි පිරිසක් බත්තරමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (මැයි 4) උදෑසන විරෝධතාවක නිරත විය.

ඒ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව, බොරැල්ල-මාලඹේ, බොරැල්ල-කඩුවෙල ඇතුළු මාර්ගවල පැයක පමණ දැඩි රථ වාහන තදබදයක් ද පැවතිණි.