“අයවැයේ අනවශ්‍ය වියදම් කපා ජනතාවට සහන දෙන්න” – රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

0
278

අයවැයේ ඇති සියලු අනවශ්‍ය වියදම් කපා දමා ජනතාවට සහන ලබා දිය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 4) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එම කටයුත්ත රාජ්‍ය මූල්‍ය කමිටුව සඳහා භාර දිය යුතු බව ද ඔහු එහිදී පැවසීය.

හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේ, ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත පවතින අර්බුදය සඳහා දේශපාලනික විසඳුමක් ලබා ගැනීම සඳහා එකඟත්වයකට පැමිණිය යුතු බව ය.

ඔහු අවධාරණය කළේ, ජනතාව මේ වන විට පාර්ලිමේන්තුව ද ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පැමිණ ඇති බව ය.

“දැන් කොහොම ද අපේ ව්‍යාපාර ගෙනියන්නේ? මේ ව්‍යාපාර කඩා වැටෙනවා. මුදල් නැති වෙනවා. කී දෙනෙක්ට රැකියා නැතිවෙනවා ද ඊළඟ කාලේ? ලක්ෂ ගණන්. ව්‍යාපාර ලක්ෂ ගණන් කඩා වැටෙයි බැංකු බේරන්න ගියා ම. එතනට අපි කොහොම ද මුහුණ දෙන්නේ? අන්න ඒ සහන දෙන එක. ඒ නිසා අය වැයෙන් සහන දෙනවා නම් අය වැයේ තියෙන සේරම උවමනා නැති වියදම් කපන්න. මේක වෙනස් කරන එක රාජ්‍ය මූල්‍ය කොමිටියට භාර දෙන්න. එතනට අපි සහභාගි වෙලා මේකේ ඉවත් කරන්න පුළුවන් හැම එකක් ම ඉවත් කරලා ඒ ඔක්කොම ජනතාවට දෙමු. මේ සහනය දෙන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න ඕනේ.

දේශපාලන විසඳුම ලබා ගන්න එක අපි අතර කතා කරලා කොහොමත් ඒක ත් අපි මාසයක් ඇතුළත සුමාන දෙක තුනක් ඇතුළත එකඟත්වයකට එන්න ඕනේ. අපිට මෙහෙම පාවෙන්න බැහැ. මොක ද මිනිස්සුන්ට දැන් පාර්ලිමේන්තුව ත් එපා වෙලා තියෙන්නේ. කවුරුත් විසඳුම් ගැන කතා කරන්නේ නැහැ, තමන්ගේ ගැන කියලා.”