JUST IN: ඉන්ධන ඉල්ලා ජනතාව කොළඹ-මීගමුව පාර අවහිර කර විරෝධතාවක (PHOTOS)

0
637

ඉන්ධන ඉල්ලා ජා-ඇළ, දඬුගම ප්‍රදේශයේ ජනතාව කොළඹ-මීගමුව පාර අවහිර කරමින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, දඬුගම පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මාර්ගය අවහිර කර එම පිරිස විරෝධතාවයේ නිරත වන බව ය.

අදාළ පිරවුම්හලේ දින තුනක් තිස්සේ ඉන්ධන නොතිබුණු බවට එම පිරිස චෝදනා කරන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ, පොලිසිය හෝ මැදිහත් වී ඉන්ධන ලබා දීමට කටයුතු කරන තුරු මෙලෙස විරෝධතාවයේ නිරත වන බව ය.

ඒ හේතුවෙන්, එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරට ත් පැවසීය.

  • ඡායාරූප සහ වාර්තාව – අකිල මධුෂාන්