ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව අද ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව, ටෙස්ට් වරම් ලබා සිටින රටවල් 10 අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ, 7 වන ස්ථානය යි.
ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින්නේ, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ය.
මේ අතර, එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේ පසු වෙයි.
බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.
T20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ, 9 වන ස්ථානය යි.
බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු වෙයි.