මහින්ද අගමැතිකමින් ඉල්ලා අස් වෙන්නේ නැති ලු (VIDEO)

0
351

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණයක් ගෙන නොමැති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 4) පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍යවේදියා: අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවට කටකතාවක් පැතිර යනවා. මොකක් ද මේ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය?

දිනේෂ් ගුණවර්ධන: එහෙම තීරණයක් නැහැ. අගමැතිතුමා රටේ තියෙන ගැටලු පිළිබඳව ප්‍රකාශයක් කිරීමට නියමිත යි. ආර්ථිකය, මහ ජනතාවගේ ගැටලු, පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධව. එය බොහෝ විට හෙට දිනයේ හෝ අනිද්දා දිනයේ සිදු කරන්න පුළුවන්. ඒ නිසා මේ බොරු ප්‍රචාරයන් විශ්වාසයක් තබන්න කටයුතු නොකිරීම තමයි ප්‍රවෘත්ති ආයතනවල ගෞරවය ආරක්ෂා වෙන්නෙත්.