Newsfirst මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට පහර දීමක්

0
468

Newsfirst මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී කිසියම් පිරිසක් පහර දී තිබේ.

අද (මැයි 4) උදෑසන මෙම පහර දීම සිදුවී තිබිණි.

මේ සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය Newsfirst ආයතනයෙන් කළ විමසීමකදී එහි ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ පහර දීම සිදු කර ඇත්තේ අරගලයේ නිරත පිරිසක් නොවන බව ය.

ඔහු සඳහන් කළේ, මෙම පහර දීම අරගල භූමියේ සිටින අරගලයට සම්බන්ධ නොවන පිරිසක් විසින් සිදු කරනු ලැබ ඇති බව ත් ඒ සම්බන්ධයෙන් ආයතනය මගින් විමර්ශනයක් සිදු කරන බව ත් ය.

වින්දන ප්‍රසාද් කරුණාරත්න සක්‍රියව ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය වාර්තාකරණය සඳහා සහභාගි වූ ජනමාධ්‍යවේදියෙකි.

මිරිහානේදී පැවති විරෝධතාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බාධා කිරීමට එරෙහිව ද ඔහු පෙනී සිටියේ ය.