ප්‍රවීණ සටන් නළු විල්සන් කරූ දිවි සැරිය නිමා කරයි

0
1272

සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවෙකු වූ විල්සන් කරූ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 79 වන වියේ පසු විය.

1942 ඔක්තෝබර් 28 වන දින කොළඹදී උපත ලද විල්සන් කරුණාරත්න මහතා 1974 වසරේදී ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටය හරහා සිය සිනමා දිවිය ආරම්භ කළේ ය.

දශක පහකට ආසන්න සිනමා දිවියකට හිමිකම් කියන ඔහු චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

2019 වසරේදී තිරගත වුණු ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය ඔහු රඟ පෑ අවසාන චිත්‍රපටය වෙයි.

විල්සන් කරූ මහතා ටෙලිනාට්‍ය 15කට අධික සංඛාවකට ද රංගනයෙන් දායක වී තිබේ.

පසුගිය වසරේ සිය නිවස තුළ සිදුවූ අනතුරක් හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ ඒ මහතා කලක් කොළඹ ජාතික රෝහලේ ද ප්‍රතිකාර ලැබීය.