රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, අදාළ ශල්‍යකර්මය නිසා සිය වගකීම් රුසියාවේ හිටපු පොලිස් ප්‍රධානියාට පැවරීමට පුටින් පියවර ගෙන ඇති බව ය.
නිකොලායි පැටෘෂෙෆ් නමැති එම නිලධාරියා රුසියානු ෆෙඩරල් පොලිසියේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස මේ වන විට කටයුතු කරයි.
මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි ව්ලැඩිමීර් පුටින් පසුගිය දිනවල අයහපත් සෞඛ්‍ය තත්ත්වය පසුවූ බව වාර්තා වේ.