පිළිකාවක් නිසා සිය වම් පාදය අහිමි වූ කාන්තාවක් අඛණ්ඩව මැරතන් ධාවනයේ නිරත වීමෙන් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට නියමිතව සිටී.
46 හැවිරිදි ජැකී හන්ට්-බ්රෝස්මා නමැති ඇය පසුගිය ජනවාරි මාසයේ මැද භාගයේ සිට දිනපතා සැතපුම් 26.2ක දුරක් දිවීමේ නිරත වන්නීය.
ඒ සඳහා ඇය දෛනිකව ගත කරන කාලය පැය 5කට ආසන්න ය.
පසුගිය සෙනසුරාදා ඇය අඛණ්ඩව 104 වන දිනට ත් අදාළ දුර ධාවනයේ යෙදිණි. එය ගිනස් ලෝක වාර්තාවක් ලෙස විශ්වාස කෙරෙන අතර ඒ සඳහා ඇය ගිනස් ලෝක වාර්තා ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා අනුමැතිය හිමි වීමට මාස 3ක පමණ කාලයක් ගත වනු ඇත.
ජැකී හන්ට්-බ්රෝස්මා දකුණු අප්රිකාවේ උපත ලබා ඇති අතර, පසුව එංගලන්තයේ සහ නෙදර්ලන්තයේ වාසය කර තිබේ.