මැයි රැලියක් නොතිබ්බාට පොහොට්ටුව හේතු කියයි

0
204

රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර මැයි දින පෙළපාලියක් හෝ රැලියක් සංවිධානය නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

එම පක්‍ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ දිවයින පුරා සිටින පාක්‍ෂිකයන් කොළඹට කැඳවීමේදී විශාල වියදමක් දැරීමට සිදුවීම මත එම තීරණයට එළැඹි බව ය.

කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතිවලින් මැයි රැලියක් සංවිධානය කර තිබුණු අතර පොදුජන ප්‍රගතිශීලී වෘත්තීය සමිති මැයි රැලිය නමින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී එම මැයි රැලිය පැවැත්විණි.