වසර දෙකකට පසු නවසීලන්තය විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි

0
1096

නවසීලන්තය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොවිඩ් වසංගතය හේතුවෙන් එරට දේශසීමා වසා දමා වසර දෙකකට අධික කාලයකට පසු මෙලෙස රට විදේශිකයින් වෙත විවෘත කර ඇති බව ය.

ඒ අනුව, කොරෝනා ආසදනය නොවුණු සහ එන්නත්කරණයට ලක් වුණු රටවල් 60කට අධික විදේශිකයින්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව ලැබෙනු ඇත.

නවසීලන්තය මාර්තු මාසයේ සිට එරට පුරවැසියන්ට රටින් ඇතුළු වීමට සහ පිටතට යාමට අවසර ලබා දී තිබුණු අතර අප්‍රේල් මාසයේ සිට ඔස්ට්‍රේලියානුවන්ට ද ඇතුළු වීමට අවසර දී තිබිණි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නවසීලන්තය 2020 වසරේ මාර්තු මාසයේදී සිය දේශසීමා වසා වසා දැමීමට කටයුතු කර තිබිණි.