රිය අනතුරකින් අඹුසැමි යුවළක් සහ කාන්තාවක් මරුට

0
262

පොලොන්නරුව, මනම්පිටිය කොටලිය පාලම අසළදී ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද (මැයි 1) අලුයම 5.50ට පමණ බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ තව ත් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඔවුන්ගෙන් දෙදෙනෙක් අඹුසැමි යුවළක් වන අතර අනෙක් කාන්තාව ඔවුන්ගේ ඥාති කාන්තාවක් බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය පොලොන්නරුව මූලික රෝහලේ තැන්පත් කර ඇත.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.