බණ්ඩාරනායක පිළිරුවේ දෑස් කළු රෙදි කඩකින් බැඳ දැමීම ගැන ශ්‍රී ලනිප පොලිස්පතිට ලියයි

0
599

ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ පිළිරුවට “අගෞරව කිරීම” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොලිසිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ලිපිය යොමු කරනු ලැබ ඇති අතර එම පිළිරුවෙහි ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසට එමගින් ඉල්ලීමක් කර ඇත.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ගෙන් එක අයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුව මතට නැගී කළු රෙදි කඩකින් එම පිළිරුවේ දෑස් බැඳ දමන ආකාරය දැක්වෙන ඡායාරූප පසුගිය දිනයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බව අදාළ ලිපියේ ඔහු සඳහන් කර තිබේ.

එම ක්‍රියාව තම පක්ෂය තරයේ හෙළා දකින ද ඔහු එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.