අලුත් කෘෂිකර්ම ඇමතිගෙන් පොහොරවලට මිල සූත්‍රයක්

0
286

ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (මැයි 1) පැවති සාකච්ඡාවක් සඳහා එක් වෙමිනි.

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර සම්පූර්ණයෙන් ම ලබා දීම සඳහා මේ වන විට ත් අවශ්‍ය කටයුතු සලසා ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

පුද්ගලික අංශය විසින් පොහොර ආනයනය කොට අධික මිලකට පොහොර අලෙවි කිරීම තුළ ගොවීන් මුහුණ පාන ගැටලු සඳහා පිළියමක් ලෙස රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායි හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු සලසන බව කියූ ඒ මහාතා මේ තුළින් වෙළෙඳපළේ රසායනික පොහොර මිල අඩු වනු ඇති බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ය.