ඇන්ජලිනා ජොලී හදිසියේ යුක්‍රේනයට (VIDEO)

0
1301

හොලිවුඩ් රංගන ශිල්පිනී ඇන්ජලිනා ජොලී ඊයේ (අප්‍රේල් 30) යුක්‍රේනයේ, ලිවිව් නගරයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුද්ධයෙන් අවතැන් වී එම නරගයේ දුම්රිය ස්ථානයේ රැඳී සිටින ජනතාව හමුවීමට ඇය එහි පැමිණි බව ය.

දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේදී ඇයට අවතැන් වූවන් සමග වැඩ කරන ස්වේච්ඡා සේවකයන් ද මුණගැසී ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ, දුම්රිය ස්ථානයේ සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු දෙකේ සිට 10 දක්වා වන ළමුන් බව ය.

46 හැවිරිදි ජොලී එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ විශේෂ නියෝජිතවරියක් ද වෙයි.

පසුගිය මාස දෙක තුළ මිලියන 12.7 කට වැඩි ජනතාවක් සිය නිවෙස්වලින් පළා ගොස් ඇති අතර එය යුක්‍රේනයේ පූර්ව යුධ ජනගහනයෙන් 30%ක් පමණ වන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවේ දී සිටින අවස්ථාවේදී ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමට පටන් ගත් අතර පසුව ජොලී ඇගේ සහයකයින් සමග ඉක්මනින් දුම්රිය ස්ථානයෙන් පිටව ගිය බව ය.