සමහරුනට බැටරිය මතක් වෙන්නෙ පණ නැති වුණාම

0
266

වාහනයක බැටරිය කොයිතරම් වටිනවද කියලා තේරෙන්නේ ඒ බැටරියෙන් එන්ජිම පණගන්වා ගන්න බැරි තරමට දුර්වල වෙච්ච වෙලාවට. සමහර විට ඒ වෙලාව රෑ එක – දෙක වෙන්න පුළුවන්. උදව්වට මනුස්සයෙක්වත් නැති කැලෑ පාරක වෙන්න පුළුවන්.ලෝකයේ බැටරි වර්ග සෑහෙන ප්‍රමාණයක් නිෂ්පාදනය වුණත් වාහනයක ගැළපෙන්නේ නැවත ආරෝපණය කළ හැකි ඒ වගේම ස්ටාටර් මෝටරය පණගැන්වීමේ දී ලබා ගන්නා අධික ධාරාව ලබා දිය  හැකි බැටරියක්. මේකට කියන තාක්ෂණික නාමය වෙන්නෙ ලෙඩ් ඇසිඩ් ඇකියුමිලේටර්. මේ ගැන වැඩිදුරට හොයන කෙනෙක්ට ඒ නම වැදගත් වෙයි.

මේ වෙනකොට මේන්ටේනස් ෆ්‍රී ජෙල් බැටරි අලුත් වාහනවල භාවිත වුණත් ඒ බැටරිවල මිල සාපේක්ෂව ටිකක් වැඩි නිසා අපේ රටේ වැඩියෙන්ම භාවිත වෙන්නෙ සාමාන්‍ය ලෙඩ් ඇසිඩ් වර්ගයේ බැටරි තමයි. එතකොට මේ සාමාන බැටරිවලට නඩත්තුවක් අවශ්‍යයි. සාමාන්‍යය ලෙඩ් ඇසිඩ් බැටරිවල උඩ බැටරියේ ආරෝපණ තත්ත්වය ගැන දළ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒ ඉන්ඩිකේටර් එක කියැවිය යුතු ආකාරයත් බැටරියේ උඩ ස්ටිකරයක ගහලා තිබෙනවා. වාහනයක බැටරිය බහින්නෙ ඇයි?  වාහනයේ ඕඩියෝ සිස්ටම් එක ලොකු ඉලෙටි්‍රකල් ලෝඩ් එකක්. අපි ලොකු වෙලාවක් ඒක පාවිච්චි කළොත් වාහනේ ස්ටාට් කරන්නෙ නැතුව බැටරිය බැහැලා යන්න පුළුවන්. ඒ වගේම කෙටි පරිපථ වීමක් එහෙම නැත්නම් ෂෝර්ට් සර්කිට් වීමක් නිසාත් බැටරිය බැහැලා යන්න පුළුවන්. අමතක වෙලා මොකක් හරි ලයිට් එකක් ඔන් වෙලා තිබ්බත් බැටරිය ඩේ්‍රන් වෙලා යන්න පුළුවන්.

බැටරියක් බැහැපු වාහනයක් ආයෙම පණගන්වා ගන්න නම් අපිට ඒ බැටරිය නැවැත ආරෝපණය කරන්න වෙනවා. අපි ඒකට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නෙ බැටරිය චාර්ජ් කරනවා කියලා. එහෙම නැත්නම් වාහනේ ජම්ප් ස්ටාර්ට් එකක් කරන්න වෙනවා. ආරක්ෂාකාරීව ජම්ප් ස්ටාට් එකක් කර ගන්නෙ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම ජම්ප් ස්ටාට් කිරීමේ දී හානි සිදුවිය හැකි පද්ධති සහිත වාහන තියෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් දැනුවත් වෙලා තමයි මේ වැඩේ කරන්න ඕන.

ඔයාගෙ වාහනේ ඔටෝ ට්‍රාස්මිෂන් වාහනයක් නම් අනිවාර්යයෙන්ම වාහනේ ජම්ප් කේබල් දෙකක් තියා ගන්න. එතකොට බැටරිය  බැහැපු වෙලාවක වෙන කෙනකුගේ සහායකින් පණගන්වා ගන්න පහසුයි. ඒ වගේම මේ වෙනකොට පෝටබල් ජම්ප් ස්ටාටර් මිලට ගන්න පුළුවන්. මේකෙන් පුළුවන් ඔයාගෙ වාහනය පණගන්වා ගන්න වගේම ඔයාගෙ ෆෝන්, ලැප්ටොප් චාජ් කර ගන්නත්, පාවිච්චි කරන්න.  ඒ වගේම ඔයාගෙ ඩෑෂ් බෝර්ඩ් එකේ බැටරියක හැඩැති රතු පාට  ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක අපි යතුර ඔන් කළාම පත්තු වෙලා තියෙනවා. ඒකෙන් අපිට කියන්නෙ ඉන්ඩිකේටර් බල්බ් එක පිච්චිලාද කියලා චෙක් කර ගන්න, ඒ වගේම වාහනේ ස්ටාට් වෙනවත් එක්කම මේ ඉන්ඩිකේටර් එක නිවිලා යන්න ඕන. වාහනේ ස්ටාට් වෙලා තියෙන කොටත් මේ බල්බ් එක පත්තු වෙනවා නම් හෝ යන්තම් පත්තු වෙවී තිබිලා රේස් කරනකොට නිවිලා යනවා වගේ නම් ඔයාගෙ වාහනේ බැටරි ආරෝපණ පද්ධතියේ ‍ෙදා්ෂයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට ටෙක්නීෂියන් කෙනෙක්ට පෙන්නලා අදාළ අලුත්වැඩියාව කර ගන්න.

කාලයක් යනකොට ඔයාගෙ වාහනේ බැටරි ටර්මිනල් සුදු පාට හුනු වගේ ඔක්සයිඩ් එකක්  බැඳෙන්නට පුළුවන්. වාහනේ සර්විස් කරනකොට ටර්මිනල් පිරිසුදු කිරීමක් කරනව නම් වාහනේ බැටරිය ගැන අවධානයෙන් ඉන්නවා නම් අපිට මඟ නවතින්නෙ නැතුව අපේ ගමන යන්න පුළුවන්.

මාධව රූබසිංහ