සක්වළ කලඹා  ජීවය සොයා යන AI

0
576

ආතර් සී. ක්ලාක්ගෙ ‘2001: A Space of Odyssey’ ගැන නොදන්න කෙනෙක් නෑ. ඒ වගේම ස්ටැන්ලි කුබි්‍රක්ගෙ සිනමා පටය සී. ක්ලාක්ගෙ ප්‍රබන්ධ ලෝකය ඉතාමත් ප්‍රබලව තිරයට ගෙනාවා. මතකද? හැල්ව (HAL9000). ඔව්. 2001 ඉන්න කෘත්‍රිම බුද්ධිය මිනිසාවත් රවට්ටන්න පුළුවන් තරමට දියුණු වුණ කෘත්‍රිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක්. විද්‍යා ප්‍රබන්ධවල මැවූ ලෝකයන් අද සැබෑ වෙලා තියෙනවා. ඇපල් ජංගම දුරකථනයේ ඉන්න සිරි කියන්නෙත් මේ වගේ ප්‍රාථමික කෘත්‍රිම බුද්ධියක්. ඉස්සරහට මේ කෘත්‍රිම බුද්ධිය මොනවගේ තැනකට යයිද? Ex machina එකේ Ava වගේ වෙයිද?

මේ යන්නෙ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ලිපියක් ලියන්න නෙමෙයි. කෘත්‍රිම බුද්ධිය උපකාරයට ගනිමින් පිටසක්වළ ජීවය පිළිබඳව සොයා යෑම තමයි මේ ලිපියේ අරමුණ. 1896දී නිකොලා ටෙස්ලා යෝජනා කරනවා අඟහරු මත සිටින ජීවීන් සම්බන්ධ කර ගැනීමට ඔහුගේ රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ අනුවාදයක් භාවිත කිරීමට හැකියි කියලා බවයි. මේක තමයි මේ ක්‍රියාවලියෙ ආරම්භය.

SETI (Searching Extra Terrestrial Intelligence) කියන මෙහෙයුම තමයි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ව්‍යාපෘතියෙ අරමුණ තමයි පිටසක්වළ බුද්ධිමත් ජීවයක් තිබෙනවා දැයි සොයා බැලීම. ලෝකය පුරාම ස්ථාපිත කරල තියෙන රේඩියෝ දුරේක්ෂ මඟින් නිරන්තරයෙන් තරංග හෝ සංඥා නිකුත් කරමින් පිටසක්වළින් පැමිණෙන ප්‍රති සංඥාවලට පිළිතුරු දීමට ඔවුන් නිරන්තරයෙන් සූදානම්ව ඉන්නවා.

1967දී තම ආචාර්ය උපාධියට සූදානමින් සිටින ජොසලීන් බෙල්ට ආචාර්ය උපාධිය ලෙස පැවරුණේ ගුවන්විදුලි තරංග දුරේක්ෂ යොදා ගනිමින් ග්‍රහලෝක හා ක්ෂීර පථයෙන් එපිට දීප්තිමත් විකිරණ ගැන සොයා බලන්න. මේ පර්යේෂණ සිදුකරන අවස්ථාවෙදී බෙල්ට හා ඇගේ උපදේශක අන්තෝනි හෙවිෂ්ට යම් අපහැදිලි දෙයක් දැක ගන්න ලැබෙනවා. කෙසේ හෝ මේ සංඥාව ලුහුබඳිමින් යන ඔවුන්ට ලැබුණ සංඥාව පිළිබඳව ආන්‍ෙදා්ලනාත්මක තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි සෙටී ආයතනයේ ආරම්භය. මේ සංඥාව කාගෙන්ද පිටසක්වළ ජීවයකින්ද?

අති මෑතකදී ජිල් ටාටර් කියන විඳ්‍යාඥවරිය මෙහෙම කියනවා. “ඔවුන්ගේ අතීත පරීක්ෂණ යනු රේඩියෝ තරංග සෙවීම මිසක බුද්ධිය සොයා යෑම නොවේ” බුද්ධිය ගැන විමසන විට පෘථිවියෙහි එකම බුද්ධිමත් ජීවය මිනිසුන් නොවන බව මතක තබා ගත යුතුයි. චිම්පන්සියන්ට සංස්කෘතියක් තිබෙනවා. ඔවුන්ට මෙවලම් භාවිත කළ හැකියි. මකුළුවන් තමන්ගේ තොරතුරු මකුළු දැලෙහි අතුරනවා. බීවර්ලා විශිෂ්ට ඉන්ජිනේරුවන්ය. කපුටන් සාදෘශ්‍ය තේරුම් ගන්නවා. මනුෂ්‍ය නොවන සංස්කෘතියක්, භාෂාවක්, තාක්ෂණයක් අප වටා තිබෙනවා.

පිටසක්වළ බුද්ධිය බූවල්ලකුගේ, කුහුඹුවන්ගේ හෝ ඩොල්ෆින්ලාගේ බුද්ධියට සමාන විය හැකියි. ඒවා පෘථිවියේ දේවල්වලට වැඩියෙන් රැඩිකල් විය හැකියි. ඒවා අපේ බුද්ධියෙන් කිසි ලෙසකින් හෝ මැනිය නොහැකියි, පරිකල්පනය කළ නොහැකියි. ඒවා විශ්වය පුරා තාරකා අවකාශය පුරා විහිදීගිය දෙයක් යැයි සිතිය හැකියි.

2018 මුල් භාගයේ තාරකා විඳ්‍යාඥයන්, ස්නායු විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සිලිකන් වැලියේ පිහිටි SETI ආයතනයට ‘පිටසක්වළ බුද්ධිය විකේතනය’ කිරීමේ වැඩසටහනකට එක්‍රැස් වෙනවා. තාරකා විද්‍යාඥ නතාලි කැබේ‍රාල් 2016දී නිකුත් කළ ඇයගේ ‘Alien Mindscapes’ නම් තීසීසය මුල්කර ගනිමින්  මේ සාකච්ඡාව සංවිධානය වූ අතර එහිදී ‘අපි නොදන්නා ජීවයක්’ සොයා යෑම සඳහා දිගුකාලීන දැක්මක් ඉල්ලා සිටියා. මෙහිදී අපේ මනස වැනි වෙනත් අනුවාදයක් ඉල්ලා සිටීමට වැඩියෙන් අපගේ මොළයෙන් පිටත සිතීම කෙබ¾දුද යන්න පිළිබඳව කතා බහට ලක් වෙනවා. කැබේ‍රාල්ගේ තීසීසය මඟින් යොමු කරන ප්‍රශ්නය වෙන්නෙත් මේක.

SETI ආයතනය, NASA, Intel, IBM සහ අනෙකුත් හවුල්කරුවන් වන Frontier Development Lab නමින් හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි පර්යේෂණය සහ සංවර්ධන වැඩසටහනක් මඟින් අභ්‍යවකාශ විද්‍යා ගැටලු විසඳනවා.

කොංග්‍රස් පුස්තකාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ සභාපති Lucianne Walkowicz, 2017දී ‘Breakthrough Discuss’ හි කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ ‘අඥෙයවාදී සංඥා සෙවීම’ නම් ක්‍රමයක් පිළිබඳ විස්තර කළා.

වෝකොවිස් පැහැදිලි කළේ මෙයින් අදහස් කරන්නේ කලින් තීරණය කළ කාණ්ඩවලින් තොරව ඕනෑම දත්ත කට්ටලයක් දෙස බැලීමට යන්ත්‍ර ඉගෙනීමේ ක්‍රමය භාවිත කරමින් ඒ වෙනුවට එම දත්ත පොකුරු ඔවුන්ගේ ස්වාභාවික පදාර්ථයන්ට ඉඩ දෙන බව. එවිට මෘදුකාංගය අපට පිටතින් කැපීපෙනෙන දේ දැන ගැනීමට සලස්වනවා. මෙම පිටස්තරයන් පසුව අතිරේක විමර්ශනවල ඉලක්කය විය හැකියි.

SETI පර්යේෂකයන් සිතන්නේ කෘත්‍රිම බුද්ධිය ඔවුන්ගේ කාර්යයේදී ප්‍රයෝජනවත් විය හැකි බව. යන්ත්‍ර මෙලෙසින් සිතීමට ඉගෙනීම, වෙනස හඳුනා ගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කරනවා. නමුත් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය වෙනස පිළිබඳ අදහස සංකල්පනය කරන්නේ කෙසේද යන්න මත. අපගේ මොළයෙන් පිටත සිතීම යනු අපගේ විද්‍යාත්මක, සමාජීය සහ සංස්කෘතික පද්ධතියෙන් පිටත සිතීමද වෙනවා. නමුත් අපට එය කළ හැක්කේ කෙසේද?

පිටසක්වළ රේඩියෝ සංඥා කෙබඳුවිය හැකිදැයි පර්යේෂකයන් සිතන දේ අනුකරණය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කරනවා. නමුත් දැන් SETI පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ අප තවමත් සොයන්නේ නැති දේවල් සොයා ගත හැකි බව.

SETI ආයතනයේ කෘත්‍රිම බුද්ධි උපදේශකයකු වන ග්‍රැහැම් මැකින්ටොෂ් පැවැසුවේ, පිටසක්වළ ජීවීන් අපට සිතාගත නොහැකි දේවල් කරන බවත්, අපි ඒවා සොයන්නට සිතන්නේවත් නැති තරම් වෙනස් තාක්ෂණයන් භාවිත කරන බවත්. ඔහු යෝජනා කළේ කෘත්‍රිම බුද්ධියට අප වෙනුවෙන් එම දියුණු චින්තනය සිදු කිරීමට හැකි විය හැකි බව. ග්‍රැහැම් වරෙක මෙහෙම කියනවා.

“අපට අපව වඩා බුද්ධිමත් කිරීමට නොහැකි විය හැක, නමුත් අපට වඩාත් දක්ෂ යන්ත්‍ර සෑදිය හැකිය” මෙම වසරේ Breakthrough Discuss සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයකදී, තාරකා භෞතික විද්‍යාඥ මාටින් රීස් මීට සමාන අදහසක් ප්‍රකාශ කරමින් කියා සිටියේ කෘත්‍රිම බුද්ධිය අපි අභිභවා යන බව.

බුද්ධිය වායුගෝලයේ හෝ භූ විද්‍යාවේ ග්‍රහලෝක පරිමාණයෙන් හෝ තාරකා භෞතික සංසිද්ධි ලෙස දිස්විය හැකියි. විශ්වයේ පසුබිම් ක්‍රියාවලියක් ලෙස පෙනෙන දෙය නැතහොත් ස්වභාවධර්මය ලෙස අප සිතන දෙයින් කොටසක් බුද්ධිය බවට පත් විය හැකියි.

පෘථිවියේ විශාලතම ජීවියා නැඟෙනහිර ඔරිගන්හි නිල් කඳුකරයේ ඇති Armillaria ostoyae දිලීර විය හැකි බව හිතන්නකෝ. එය වර්ග කිලෝමීටර 10ක් දක්වා විහිදෙන අතර එය වසර 2,000ක් 9,000ක් තරම් පැරණි වෙනවා.

මෙම දිලීරය බුද්ධිමත් යැයි බොහෝ අය සිතන්නේ නැතත්, ජීවිතය සහ බුද්ධිය සෙවීමේදී අනපේක්ෂිත දේ ගැනත්, අපගේ පාද යට අපට අතුරුදහන් විය හැකි දේ ගැනත් සිතීමට එය අපට මතක් කර දෙනවා.

අපි SETI සෙවීම පුළුල් කිරීමට යන්ත්‍ර ඉගෙනීම සමඟ වැඩ කරන විට, අපගේ අදහස් කෘත්‍රිම බුද්ධියෙහි අනාගතය හැඩගස්වන ආකාරය සහ අපගේ අදහස්වල අනාගතය හැඩගස්වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට සමාජ විද්‍යාවන් ද අවශ්‍ය වෙනවා.

SETIහි මානව කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් වළක්වා ගැනීම සඳහා අපි වෙනස පිළිබඳ අදහස කෘත්‍රිම බුද්ධිය වෙත සංකේතනය කරන්නේ කෙසේද සහ එය ප්‍රතිඵල හැඩගස්වන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුයි. අප තවමත් එය නොදන්නා බැවින් බුද්ධිය සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට මෙය ඉතා වැදගත් වෙනවා.

මානව විද්‍යාවේ භාවිත වන සමහර ක්‍රම මඟින් අප ස්වාභාවිකකරණය කර ඇති වෙනස පිළිබඳ අදහස් හඳු නා ගැනීමට අපට උපකාර කළ හැකියි. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙක් තවමත් සොබාදහම සහ සංස්කෘතිය හෝ ජීව විද්‍යාව සහ තාක්ෂණය අතර දකින බෙදීම් තමයි එවැනි දේ.

ඒ Algorithm (ඇල්ගොරිදම යනු ගැටලු විසඳීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයකි. එය පියවරෙන් පියවර ගැටලුව විසඳන ආකාරය විදහා දක්වයි) පිළිබඳ මෑත කාලීන පර්යේෂණ මඟින් අපගේ ස්වාභාවික අදහස්, අප නිර්මාණය කරන තාක්‍ෂණය හැඩගස්වන ආකාරය සහ අප එය භාවිත කරන ආකාරය හෙළි කරනවා. මයික්‍රොසොෆ්ට් හි කුප්‍රකට කෘත්‍රිම බුද්ධිය වන චැට් බොට් ටේ (chat bot tay) අපට මතක් කර දෙන්නේ අප නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය එම අදහස්වල නරකම දේ පහසුවෙන් පිළිබිඹු කළ හැකි බව.

ඉදින් කෘත්‍රිම බුද්ධිය ලෝකය දකින ආකාරය සහ එය ලෝකයට බලපාන ආකාරය පිළිබඳව නිගමනයකට එළඹෙන්නෙ කෙසේද? මිනිසා අතික්‍රමණය කරමින් කෘත්‍රිම බුද්ධිය විශ්වයේ රහස සොයා යමින් වෙනත් ජීවයක් පිළිබඳ තොරතුරු සොයා ගන්නා දිනය වැඩි අෑතක නොවන බව මින් වැටහෙනවා.

ගිහාන් සචින්ත