අපි දහදෙනාගේ දේශපාලන අනාගතය  දංගෙඩියට තියලයි  එළියට බැස්සේ

0
73

ජන අරගලය ජනපතිවරයාව ප්‍රතික්ෂේප කරමින් ට්ධඩ්ධථඥ කියන තත්ත්වයට පත්වෙලා මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

GotaGoHome සංකල්පය සිද්ධාන්තයක් වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් වැරදි බවයි මගේ අදහස.

ඇයි ඔබ එහෙම කියන්නේ?

මොකද මේ අර්බුදය පැනනැඟුණේ එකවිටම නෙවෙයි. ජනතාව පීඩාවට පත්ව සිටින බව ඇත්ත. මේ ඔබයි මමයි කතා කරන මොහොත වන විටත් රට තුළ ජනතා ප්‍රතිවිරෝධතා එල්ල වෙනවා. Gota Go Home කීම තුළින් අර්බුද නිරාකරණය වෙන්නෙ නැහැ කියන එකයි මගේ අදහස. ජනතාව තමන්ගේ ගැටලු ටික, පීඩාව අරගෙන පාරට පැමිණීම සාධාරණයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපති වෙන්නේ වෙනම ජන වරමකින්. වසර 5ක ජන වරමක් ලබාගෙනයි ඔහු ආවේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා බලයකින් නෙවෙයි ඔහු ජනාධිපති වුණේ. ඔහුව ඉවත් කරනවා නම් ඉන්පසුව මොකක්ද වෙන්නේ කියන කාරණය ගැන තීරණයක් තිබිය යුතුයි. මොකක්ද විසඳුම් යාන්ත්‍රණය. ජනතාව ඉල්ලා සිටින්නේ දරාගන්න බැරි බඩු මිල පහළ හෙළන්න, උද්ධමනය පාලනය කරන්න, සැපයුම්දාම කඩා වැටීම නිවැරැදි කරන්න, මහජන පීඩනය අවම කරන්න, රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න කියලයි. නමුත් GotaGoHome කියන්නේ ඒකට විසඳුම නෙවෙයි.

නමුත් ජනතාව දැඩි සේ කියා සිටින්නේ ජනාධිපතිවරයා සහ 225ම එපා. ඉවත් විය යුතු බව?

අපි මේක ව්‍යවස්ථාපිතව තේරුම් ගමුකෝ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රජයක්. එනිසා අපි විසඳුම්වලට යනවා. යා යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ගෙන් පමණයි. ඒකාධිපතිවාදය අපි ප්‍රතික්ෂේප කරනවා. Gota Go Home වුණාම ඔහුට බලය අහිමි වෙනවා. ඉන්පසුව බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවට. එතැනදී පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගන්නා කෙනා ජනාධිපතිවරයා බවට පත් වෙනවා.

දැනට බහුතර බලය වැනි 113 තිබෙන්නේ අගමැතිවරයාට. එතුමා මේ රටේ දෙවරක්ම ජනාධිපති ධුර දරපු කෙනෙක් නිසා නැවත ජනාධිපති ධුරය දරන්න ගියොත් ව්‍යවස්ථාපිත ගැටලුවක් ඇති වෙනවා. එය විස¼දා ගැනීමට මත විමසුමක් කිරීමට අපිට ශේ‍ර්ෂ්ඨාධිකරණයට යෑමට සිදු වෙනවා. මේ ක්‍රියාවලියට යම් සැලකිය යුතු කාලයක් ගතවෙනවා.

එතරම් කාලයක් ගත් විට මේ රටේ ප්‍රශ්න තව තවත් උග්‍ර වෙලා තිබෙයි. ජනාධිපතිවරයා කවුද කියලා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් තීන්දුවන තෙක් බලා සිටින කාලය තුළ මේ රට පාතාල කල්ලිකරුවන්ගේ ග්‍රහණයට ලක්වෙලා රට අරාජික වෙයි. GotaGoHome සංකල්පය අත්පත් වන්නේ පාතාල කල්ලිකරුවන්ගේ ග්‍රහණයට නිසා එය නිවැරැදි පිළිතුරක් වෙන්නේ නැහැ.

ජනතාව Gota Go Home කියනවා. ඔබලා අගමැතිට ට්ධ ඩ්ධථඥ කියනවා. මෙය ජනතා යෝජනාවට පරස්පර යෝජනාවක් නේද?

අපි කියන්නේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් නව අගමැතිවරයෙක් පත්කොට ගත යුතුයි කියලයි.

අගමැතිවරයා තබාගෙන කැබිනට් මණ්ඩලය විසුරුවන්න බැහැ. කලිනුත් අගමැතිතුමා තබාගෙන කැබිනට් මණ්ඩලය විසිරුවා හැරලා වෙනත් කැබිනට්ටුවක් පත්කර ගත්තත් ප්‍රශ්නය අවසන් වුණේ නැහැනේ. ඒ නිසා හරි විදිහට අගමැතිවරයාත් සමඟම කැබිනට් මණ්ඩලය ඉවත් විය යුතුයි. මොකද අගමැතිවරයා ඉවත් වුවොත් පමණයි කැබිනට් මණ්ඩලය විසිරෙන්නේ. අපිට ජනාධිපතිතුමාව තබාගන්න සිදුවෙනවා. එතුමාට ශක්තියක් විය හැකි කෙනෙක් නව අගමැති විදිහට පත්විය යුතුයි. එළියේ ජනතාවට සෑහෙන මට්ටමකින් එකඟ විය හැකි ආකාරයේ යාන්ත්‍රණයක් අපි සෑදිය යුතුයි. ඒ නිසා අගමැතිවරයා ඉවත් විය යුතුයි. අපිට එතුමා සම්බන්ධයෙන් කිසිදු පෞද්ගලික ගැටලුවක් නැහැ. එතුමා කෙරෙහි ගෞරවය එදා වගේමයි. කිසි වෙනසක් නැහැ. නමුත් රට ගැන හිතලා මේ තීරණය ගන්න වෙනවා.

දැන් කවුද ඔබලා අපේක්ෂා කරන නව අග්‍රාමාත්‍යවරයා

මීට පෙරත් මම පැවසුවා අපි අගමැතිවරයාව පත්කොට ගත යුත්තේ පො.ජ.පෙ. කියලා. පො.ජ.පෙ. තුළ ඉතාමත් දක්‍ෂ අය සිටිනවා. නමුත් ඔවුන් බොහෝ දෙනකුට නිසි අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා අපිට හැඟෙනවා. රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම, සහ අපේ කථානායකතුමා වැනි දක්‍ෂයන් පො.ජ.පෙ. තුළ සිටිනවා. සියලු පක්‍ෂ තුලනය කරගත හැකියි මධ්‍යස්ථ මතධාරියෙක් තමයි අපිට අවශ්‍ය,

ඔබ ඇතුළු කණ්ඩායම සර්වපාක්‍ෂික කැබිනට්ටුව ගැන යෝජනාව ජනාධිපතිතුමාට භාර දුන්නට පසුව තර්ජන, ගර්ජන ආවා කියන්නේ ඇත්තද?

ඒවා ඉතින් ස්වාභාවික දේවල්නේ. අපි ඒවා ලොකුවට ගණන් ගන්නේ නැහැ.

මොනවා කියලද තර්ජනය කළේ?

ද්වේෂසහගත වචන හුවමාරුවීම් විධියටත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය පදනම් කරගෙන කරන අවලාද නැඟීම් විධියටත් තමයි ඒ තර්ජන පැමිණුනේ.

ඒවා ඉතින් ඒ තරම් දේවල් නෙවෙයි. දේශපාලනයේදී අපි ඒවා දරාගත යුතුයි.

රාජපක්‍ෂ පවුලේ කෙනෙක්ගෙන්ද තර්ජන ආවේ?

මෙතෙක් මට රාජපක්‍ෂ පවුලේ කිසි කෙනෙක්ගෙන් කිසිදු ආකාරයකට හානියක් සිදුවෙලා නැහැ. මට නාමයෝජනා පවා ලබා දුන්නේ ශ්‍රීල.පො.ජ.පෙ. ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහත්මයා. ඒ නාමයෝජනා ලැබීමම තමයි අද මට මෙවැනි ජාතික කර්තව්‍යයකට අතගසන්නට අවස්ථාව විවර කළෙත්.

පැනනැඟී තිබෙන අර්බුදවලට ඇති එකම විසඳුම සර්වපාක්‍ෂික ආණ්ඩුවක් තැනීම බව ඔබලා විශ්වාස කරන්නේ ඇයි?

මා ඇතුළු අපි 10ගේ කණ්ඩායම එම යෝජනාව කරන්නේ යම් පදනමක් මත පිහිටලයි. අපි විශ්වාසය කරනවා තනි දේශපාලන පක්‍ෂයකට වර්තමානයේ පවතින අර්බුද සමනය කිරීමට නොහැකි බව. මේ මොහොතේ බලය තිබෙන්නේ ජනතාව අතේ මිසක කිසිදු දේශපාලන පක්‍ෂයක් අතේ නොවෙයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් තුළ සිටගෙන අපි සියලුදෙනා සාමූහිකව එකතු වෙලා මේ අර්බුදය විසඳිය යුතුයි. රටට ආදරය කරන හැමෝටම අපි ඒ වෙනුවෙන් ආරාධනා කරනවා.

වසරක් හෝ ඊට අඩු කාලයක් වෙන්න පුළුවන්. ඒ කෙටි කාලය තුළ අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතුයි. එය සර්වපාක්‍ෂික මොඩලයෙන් කළ යුතුයි.

ජනාධිපතිතුමා හැමෝගෙන්ම යෝජනා ඉල්ලුවා. දැන් මොනවද රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ඔබලා යෝජනා කරන විසඳුම්? 

අපි දස දෙනාගේ කණ්ඩායම “පිබිදෙන්න ඉඩදෙන්න” මැයෙන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් යෝජනා කළා.

එම ආර්ථික වැඩපිළිවෙළ තුළ අපගේ අපේක්‍ෂාවන් තමයි

තෙල්, ගෑස්, ඔෟෂධ, ආහාර, පොහොර, කිරි අමුද්‍රව්‍ය බහුල කිරීම, අධික උද්ධමනය පාලනය කර දුප්පත් ජනයාගේ අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීම, තරුණයන්ගේ අවශ්‍යතා අතර ප්‍රමුඛතාවයේ තිබෙන පුහුණුවීම් අධ්‍යාපනය, රැකියා, ක්‍රීඩා ආදිය කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්තිවල වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම, තරුණ අසහන කොමිසමක් පත්කර නූතන තරුණ ගැටලු හඳුනාගැනීම, සියලු දේශපාලනඥයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් විගණනයකට ලක් කිරීම,  දූෂණය කළ හෝ අනීතිකව ලබාගෙන ඇති දේශීය හා විදේශීය වත්කම් රජයට අත්පත් කර ගන්නා වැඩසටහනක් සම්පාදනය කිරීම. 

බදු ප්‍රතිපත්ති සංශෝධනය කිරීම සහ රජයේ මූල්‍ය තත්ත්වය නිවැරදිව ජනතාව වෙත දැක්වීම, තෘප්තිමත් ඵලදායක අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම, තරුණ අධ්‍යාපනය තුළ ගුණාත්මක නොවන තරගය අඩු කිරීම, විශ්වවිද්‍යාලවලට නොපිවිසෙන දරුවන්ගේ වෘත්තීය පුහුණුව බහුල කිරීම, දේශපාලන බලපෑම් මත රැකියා ලබාදීම නතර කිරීම, පාසරික ආරක්‍ෂාව තහවුරු කිරීමත් ඒ අතරම තරුණයන්ගේ දක්‍ෂතා එළිදැක්වීමට සුදුසු වැඩසටහනක් ඇරඹීම, ඉන්ධන සඳහා මිල පාලනය කිරීම, ශ්‍රී ලංකාව සමඟ ආර්ථික ගනුදෙනු නිසා බිඳවැටුණු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම උදා:- ජපානය (LRT)

ආර්ථික කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජනතා සහාය ගොඩනඟා ගැනීම, ජාතන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලිය කඩිනම් කිරීම,  දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණය, අක්‍රමිකතා හා අල්ලස් තුරන් කිරීම, රාජ්‍ය ආයතනවල කාල ප්‍රමාදය වැළැක්වීම ආදී යෝජනා ගණනාවක් සවිස්තරාත්මකව ඉදිරිපත් කළා.

ඉහත අරමුණු ඉටු කර ගන්නේ කොහොමද?

අන්තර්ජාල වෙළෙඳාම හෙවත් E-Commerce ප්‍රවර්ධන කිරීම, Freelance/Paypal ක්‍රම පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීම සහ හැකි ඉක්මනින් එම ගෙවීම් ක්‍රම ශ්‍රී ලංකාවට ලබාගැනීම සහ අද වනවිට ශ්‍රී ලංකාවේ තරුණයන් අන්තර්ජාල/සමාජ මාධ්‍ය භාවිත කරමින් විදේශ මුදල් ඉපැයීමට යොමුවී තිබුණද ප්‍රමාණාත්මකව එය පහළ මට්ටමක පවතිනවා. දැනට අන්තර්ජාලය හරහා මුදල් උපයන තරුණයන්ගේ අදහස්ද ලබාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමත් එම ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාවේ තරුණයන් යොමු කරවීමට රජය මඟින් වැඩපිළිවෙළක් සකස් කිරීමත් විදේශ සේවා නියුක්තිය පිළිබඳව තානාපති නිලධාරීන්ගේ දායකත්වය ඉලක්ක පසුපස හඹා යන බලවේගයක් බවට පත් කිරීමත්

සංචාරක ඉපැයුම් ප්‍රවර්ධනය කිරීමේ නව ක්‍රියාමාර්ග ඇරඹීමත් උණ්ඩියල් හා හවාලා වැනි අනීතික ක්‍රමවලින් තොරව විදේශ ප්‍රේෂණ  රටට ගෙන්වා ගැනීමට පෙලඹුම් ක්‍රියාත්මක කිරීමත් රාජ්‍ය අංශයේ අතිරික්ත මානව සම්පත් විදෙස් රැකියා සඳහා යොමු කෙරෙන පුහුණු වැඩසටහන් හා ර්චද ර්ථීධඹඥප සමාගම් සමඟ එකඟතා සකසා ගැනීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි රට තුළ හිඟ ශ්‍රමයේ අධික වැටුප් මිල පහළ දැමීමට “පුහුණුව“ බහුල කිරීම් වැඩසටහන් ඇරඹීම, සෑම ගෘහස්ථ, කාන්තාවකට දෙවැනි ආර්ථිකයක් හඳුන්වාදීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තේ වෙළෙඳපොළ නවීකරණය කිරීම, ප්‍රායෝගික දැනුම් ආර්ථිකය ගොඩනැංවීම, කළු විදේශ විනිමය ආර්ථිකය තුළ ගනුදෙනු වන විදේශ අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී  ලංකාවට කැඳවා ගන්නා වැඩසටහනක් ඇරැඹීම.

අත්හැර දමා ඇති කුඹුරු ඉඩම්, මුඩු ඉඩම්, ගොඩ ඉඩම් මාස 3ක් ඇතුළත වගාවට ගැනීමට අදාළ “වගා සංග්‍රාමය” නම් ප්‍රාථමික වැඩසටහන ආරම්භ කිරීම. රාජ්‍ය ආයතනවල කාල ප්‍රමාදය හා දූෂණය වැළැක්වීම, සෑම රාජකාරියකටම අදාළ කාල රාමුවක් නියම කිරීම. ආදියත් කෘෂිකර්මාන්ත නංවා සීටීම වෙනුවෙන් ගතහැකි බොහෝ ක්‍රියාමාර්ගත් අපි අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ දක්වා සිටියා.

තවත් විශේෂ දේවල් තිබෙනවාද?

සංවේදී නොවන ප්‍රදේශවල විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකි නීති සංශෝධනය, මෙහිදී ඉඩමේ තක්සේරු වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් තක්සේරු කොට 100% බදු පදනම මත සින්නක්කර අයිතිය ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම. ඒවා ලබාදීමට ඇති හැකියාව තහවුරු කිරීම.

එන්ජින් ධාරිතාව CC 2000ට වැඩි වාහන වසරක් දක්වා මාර්ගයෙන් ඉවත් කර තැබීම.

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් සහ ඩීසල් ක්‍රමානුකූලව අඛණ්ඩව සැපයීමට පියවර ගැනීම.

ගෑස් සැපයුම්, කෘමිනාශක සහ පොහොර සැපයුම යථාවත් කිරීමට පියවර ගැනීම.

ශ්‍රී  ලංකාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩවලට ලැබෙන විදේශ විනිමය සාධාරණ කාලසීමාවක් තුළ ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැකසීම ඉක්මන් කිරීම. මේ සඳහා (HQ License) ක්‍රමය නැවත ස්ථාපිත කිරීම.

විදේශගත ශ්‍රමිකයන්ගේ වැටුප්වලින් සාධාරණ ප්‍රතිශතයක් සෘජුව ලංකාවේ බැංකු වෙත ගෙවීම් සඳහා වන ක්‍රමවේදයක් සකස් කිරීමක් කළ යුතුයි.

අද පැන නැඟී ඇති අර්බුදය මූල්‍ය අර්බුදයකට එහා ගිය ආර්ථික අර්බුදයක් බව පිළිගත යුතුය. එය සමාජ හා දේශපාලන අර්බුදයක් දක්වා විකාශනය වූ හේතු හා ඒවාට පිළියම් යෙදීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකසා ගත යුතුයි.

ඔබලාගේ සියලු චේෂ්ටාවන් මුදුන්පත් වෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වුණොත් පමණයිනේ?

ඔව්. පැහැදිලිවම.

අගමැතිවරයා පැවැසුවා ඔහු ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා ඔහුට ඉවත් වීමට යෝජනා නොකළ බවත්?

ඉදිරියේදී මේ ප්‍රශ්නයට නිසැකවම විසඳුමක් ලැබෙයි.

අගමැතිවරයා ඉවත් නොවුණහොත්, මොකක්ද ඔබලාගේ Plan B එක?

ඔව්. අගමැතිවරයා මේ රටේ 30 වසරක් පැවැති යුද්ධය ජයගත් ශ්‍රී  ලංකා දේශපාලන වංශ කතාවේ සුවිශේෂීම චරිතයක්. එතුමගේ කෘතහස්ත දේශපාලනය නිසා තමයි මටත් ඉතිරි නවදෙනාටත් පාර්ලිමේන්තු එන්න අවස්ථාව හිමිවුණේ.

ඒ අද්විතීය දේශපාලන චරිතයට මුවා වී කවුරු හෝ වංචාවක්, දූෂණයක් හෝ ඒවාට තුඩුදෙන කාරණාවක් කිරීමට කටයුතු කළහොත් අපි එය පිටුදැකීමට අපේ තීන්දු තීරණ ගන්නවා.

විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමද එම තීන්දුව?

විශ්වාසභංගයක් පිළිබඳව කතා වෙන බව ඇත්ත. නමුත් අපි දහදෙනාට ඒ යෝජනාව ඉදිරිපත් කළේ නැහැ තවම. අපි මාධ්‍යවලත් පැවැසුවා කරුණාකරලා අපිට ඒ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. කොතැන හරි මෙන්න මෙහෙම විශ්වාසභංගයක් තිබෙනවා, ගිහින් අස්සන් කරන්න කිව්වට දුවගෙන ගිහින් අස්සන් කරන්න අපිට අමාරුයි. මොකද අපි ඒ යෝජනාව ගැන හරියටම දන්නේ නැහැනේ. ඒ නිසා මම නැවතත් ඉල්ලා සිටිනවා අපි 10ට ඒ විශ්වාසභංග යෝජනාව ලබාදෙන්න කියලා.

ජා.ජ.බ., ස.ජ.බ., එ.ජා.ප. වැනි විපක්‍ෂයේ බලවේග සර්වපාක්‍ෂික ආණ්ඩුවට සහාය නොදෙන බවට තරයේම පවසනවා. එහෙම වුණොත් ඔබලාගේ බලාපොරොත්තුවට මොකද වෙන්නේ?

ජාතික ජන බලවේගය සමඟ ස.ජ.බ. සහ එ.ජා.ප. සමඟ තවමත් අපි සාකච්ඡා කරලා නැහැ. දැනට අපි සාකච්ඡා කොට තිබෙන්නේ ශ්‍රී ල.පො.ජ.පෙ. සමඟ සන්ධාන ගතව පසුව ඉවත් වූ කණ්ඩායම් සමඟ පමණයි. ඒ සාකච්ඡා ඉතාම සාර්ථකයි. නමුත් ඔබ කියූ පක්‍ෂවලට අපි ලිපි යොමු කළා සාකච්ඡාවලට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉදිරියේදී ඒ  සාකච්ඡාවලට අවස්ථාවක් ලැබෙයි.

මහ නායක හිමිවරු සහ රටේ විද්වතුන් සමඟත් අපි  සාකච්ඡා කිරීමට සූදානම් බව දන්වා යැව්වා.

අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස පවසනවා ගෝඨාභය මුල් පුටුවේ සිටිනතාක් සර්වපාක්‍ෂික ආණ්ඩුවලට එක්නොවෙන බව?

ස.ජ.බ.යේ සජිත් ප්‍රේමදාස මහත්මයා එවැනි ප්‍රකාශ කළත් එම පක්‍ෂයේ බහුතර මන්ත්‍රිවරු එම මතයේ නැති බව මට හැඟෙනවා. එම පක්‍ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්මයා ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවල තිබුණා සෙසු සහෝදර කණ්ඩායම් සමඟ අන්තර්වාර පාලනයකට යෑමට කැමැති බව හඟවන අදහස්.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජා.ජ. බලවේගයටත් අපි ආරාධනා කරනවා මේ රට තවත් විනාශ මුඛයට ගමන් කරනකන් බලා නොසිට රට සහ ජනතාව වෙනුවෙන් මේ වැඩපිළිවෙළට එකඟ වෙන්න කියලා. ඒ වගේම මේ මොහොතේ අපි පක්‍ෂ පාට පදනම් කොටගෙන දේශපාලනය නොකරමුයි කියලත් ඉල්ලා සිටිනවා.

ඔවුන්ගේ යෝජනාව මහ මැතිවරණයක්, ඇයි ඔබලාට එයට එකඟ වෙන්න බැරි?

මැතිවරණයකට අපි යමු, එයට අපි කිසි විරෝධතාවක් නැහැ. නමුත් මේ එයට සුදුසු මොහොතද කියන එක ප්‍රශ්නයක්. මොකද මැතිවරණයකට රුපියල් කෝටි 1200ක් වැනි මුදලක් වැය වෙනවා. එවැනි සුවිශාල මුදලක් වියදම් කරන්න තරම් ශක්තිමත් තැනක අපි නැහැ. මේ මොහොතේ මැතිවරණයක් තියන්න ගියොත් ඒ රුපියල් කෝටි 1200 ගන්න වෙන්නෙත් ජනතාවගේ පරිප්පු වෑංජනයෙන් හෝ පාන් ගෙඩියෙන්.

හරි අපි උපකල්පනය කරමු ඔවුන් කිසිසේත්ම ඔබලාගේ අදහසට සහ යෝජනාවට එකඟ නොවුණා කියලා, ඉදිරියේදී මොකද වෙන්නේ?

එසේ වුවහොත් අපිට ඔවුන් ගැනත් රටට හෙළිදරව් කරන්න සිදුවෙනවා. අපි දහදෙනාගේ දේශපාලන අනාගතය දංගෙඩිය උඩ තබලයි අපි එළියට බැස්සේ. ඇතැම් විට අපේ දේශපාලන ගමන මෙතැනින් අවසන් වෙයි. අපිට නැවත ශ්‍රී ල.පො.ජ.පෙ. නාමයෝජනා නොදේවි. 117ට වැටුණාට පසුව අපි පාර්ලිමේන්තුවේ යතුර අත්පත් කරගත්තා කියලා ඔවුන් අපිට චෝදනා නඟාවි. නමුත් අපි මේ තීරණය ගත්තේ පෞද්ගලික අභිලාෂයන් ගැන සිතලා නොවෙයි. මිලියන 22ක ජනතාවගේ අභිලාෂයන් යම් සාධනීය තැනකට ගෙන ඒමේ අරමුණින් තමයි අපි මේ තීරණය ගත්තේ.

නමුත් මම තවදුරටත් ඔවුන් කෙරෙහි විශ්වාසය තබනවා මහ නායක හිමිවරුන්ගේ කීමට ඔවුන් පිටුනොපාවි කියලා.

සර්පාක්‍ෂික ආණ්ඩුවෙන් ඇමැතිකමක් එහෙම බලාපොරොත්තු වෙනවාද?

එවැනි කිසිදු බලාපොරොත්තුවක් අපිට නැහැ. එහෙම නම් අපිට තිබුණා ඇතුළෙම ඉඳලා ඒකට අවස්ථාව උදා කරගන්න. අපිට අවශ්‍ය මහජනතාවගේ විශ්වාසය දිනාගැනීමේ වැඩපිළිවෙළකට  යෑමයි. එවැනි අරමුණක් තිබියදී අපි ගිහින් ඇමැතිකම් ගත්තොත් ඒ මහජන විශ්වාසය ගොඩනැඟෙයිද? එනිසා අපිව විශ්වාස කරලා අපිට ඡන්දය දුන්න 69 ලක්‍ෂයට සාධාරණයක් ඉටු කිරීම තමයි අපේ පාරිශුද්ධ අරමුණ. ඒ හැර වෙනත් කිසිවක් මේ වැඩපිළිවෙළ තුළ නැහැ.

මීට පෙර ඇයි ඔවැනි දේශපාලන තීන්දුවකට ඔබලා අවතීර්ණ නොවුණේ. ආණ්ඩුව යන්නේ වැරැදි ට්‍රැක් එකේ කියලා හැඟුණු මොහොතෙම ඉවත් වෙන්න තිබුණා නේද?

ඔව්. අපිට තේරුණා නම් බොහෝ වැරදි සහ උද්ධච්ච තීන්දු  තීරණ ආණ්ඩුව ගන්න බවට. අපි මුලින් උත්සාහ කළේ ඒ සම්බන්ධව හඬක් නඟලා  ඒවා වෙනස් කරගැනීමට. නමුත් එයට අවස්ථාවක් ලැබුණේ නැහැ. ආණ්ඩුවට 159 සිටින මොහොතේ අපි දහදෙනා බලපෑමක් කළත්  එය ආණ්ඩුවට කිසිසේත්ම දැනෙන්නේ නැහැ. ඕන නම් 159 _ 149 දක්වා අඩුවෙයි. එපමණයි. ඒත් රජයේ බහුතරයට හානි වෙන්නේ නැහැ. ඔවුන්ට වඩාත්ම බලපෑම්සහගත, අත්‍යවශ්‍යම මොහොතේ තමයි අපි දහදෙනා මේ දේශපාලන තීන්දුව ගත්තේ. පෙර සඳහන් කළ ආකාරයටම අපේ දේශපාලන අනාගතය දංගෙඩිය උඩ තියලයි අපි මේ තීරණය ගත්තේ.

117ක් ආණ්ඩුවට තිබෙනවා කියන මොහොතක අපි දහදෙනා හෘදය සාක්ෂියට එකඟව තීන්දුව ගත්තා. එදා බහුතර බලය තිබෙන මොහොත වගේ නෙවෙයි. දැන් අපි දහදෙනා නඟන හඬ එකවතාවක් නෙවෙයි දහවතාවක් ආණ්ඩුවට අහන්නට සිදුවෙනවා.

ඔබේ කණ්ඩායමේ දහදෙනා අතරින් වැඩි ප්‍රමාණයක් සිටින්නේ වියත් මඟෙන් පැමිණි පිරිස් බවට පැවසෙනවා?

අනුරාධපුර දිස්ත්‍රික්කය ගතහොත් කේ.පී.එස්. කුමාරසිරි මන්ත්‍රිතුමා ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට අවතීර්ණ වුණු වසර 30 වඩා දේශපාලන අත්දැකීම්වලින් හෙබි අයෙක්. එතුමා වැනි පරිණත පුද්ගලයොත් අපේ කණ්ඩායමේ සිටිනවා.

ඊට අමතරව ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන දක්ෂ රාජ්‍ය ඇමැතිවරයෙක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ සුදත් මංජුල මන්ත්‍රිවරයත් ප්‍රාදේශීය සභාවේ සිට දේශපාලනය ආරම්භ කළ අයෙක්. ඔහුත් වසර 30ක් වැනි කාලයක් පුරා මේ දේශපාලන කර්තව්‍යයේ නියැළෙන පෘථුල දැනුමක් තිබෙන අයෙක්. නීතිඥ උදයන කිරිඳිගොඩ මන්ත්‍රිවරයත් නියෝජනය කරන්නෙත් මා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයමයි. එතුමා ජේ‍යෂ්ඨ නීතිඥවරයෙක්. ශ්‍රී ල:පො.ජ.පෙ. නීතිඥ සංගමයේ උපසභාපතිවරයෙක් වශයෙනුත් කටයුතු කරනවා. ඔහු වියත් මඟ නියෝජනය කරනවා. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලලිත් එල්ලාවල මැතිතුමාත් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් තමයි දේශපාලනය ආරම්භ කරන්නේ. ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාවේ සභාපති විදිහට එක්තරා කාලයක ඔහුට ඇගැයීමක් පවා ලැබුණා. ඔහු කෘතහස්ත දේශපාලන නායකයෙක්.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන කරුණාදාස කොඩිතුවක්කු මැතිතුමා ලංකාවේ සිටින ප්‍රකට ව්‍යාපාරික මහතෙක්. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ උදයකාන්ත ගුණතිලක මැතිතුමාත් ව්‍යාපාරික මහත්මයෙක්. එතුමත් ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි මහ ඇමැති ධුරයකුත් දරපු දක්ෂ දේශපාලන නායකයෙක්.

අකිල සාලිය එල්ලාවල මන්ත්‍රිතුමා බළන්ගොඩ දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. ඔහු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක්. ඔහු පැරැණි දේශපාලන පවුලකින් එන කෙනෙක්. වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරපු උපුල් ගලප්පත්ති මැතිතුමා වියත්මඟ නියෝජනය කරපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙක්. ඒ නිසා වියත්මඟේ බහුතරයක් අපි අතර ඉන්නවා කියන  කතාව වැරදියි.

අපි ඔබ ගැන සඳහන් කළේ නැහැනේ?

මම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. මම ආර්ථික විද්‍යාව සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය හදාරපු කෙනෙක්. ඉන්පසුව නීතිවේදය පිළිබඳ උපාධිය හැදෑරුවා සහ නීති විද්‍යාලයේ Attorney at Law වෘත්තීය සුදුසුකමක් ලැබූවෙක්. මේ වනවිට මගේ ර්ඕඒ උපාධියේ වැඩ කටයුතු අවසන් කරගෙන යනවා. ඊට අමතරව වසර ගණනාවක් මම ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට කටයුතු කළා.

අධ්‍යාපන සුදුසුකම් තිබුණට සුදුසු තනතුරු තානාන්තර ලැබුණේ නැහැ නේද?

මට කෝප් සහ කෝපා කමිටුවේ සාමාජිකත්වයවත් ලැබුණේ නැහැ. මුදල් කාරක සභාවේ සාමාජිකත්වයවත් ලැබුණේ නැහැ. ආර්ථික විද්‍යාවට කිසිදු සෘජු සම්බන්ධයක් නැති පරිසර උපදේශන කාරක සභාවට තමයි මාව දැම්මේ. සුදුසුකම් අනුව කිසිදෙයක් ලැබුණේ නෑ. බුද්ධික ගලප්පත්ති මන්ත්‍රිතුමා කිව්වෙත් සුදුසුකම් තිබෙන අය පාර්ලිමේන්තුවට පැමිණියාට පසුව ඔවුන්ව රස්තියාදු කරන්න එපා කියලයි.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූපය: වෙනුර චන්ද්‍රමාලිත