2022 මැයි මස 04 වැනි බුධ දිනත්, 2022 මැයි මස 06 වැනි සිකුරාදා දිනයත් අකුරු කියවීමට මෙන්ම වෙළෙඳ ව්‍යාපාරික කටයුතු උදෙසාද යොදාගත හැකි සුබ දින දෙකකි. මැයි මස 04 වැනිදා මුවසිරස නැකැත උදාව පවතින අතර මැයි 06 වැනිදා අද නැකැත උදාවනු ඇත.
අකුරු කියවීම සහ අත්පොත් තැබීම සඳහා මැයි 04 වැනිදා බදාදා උදේ 05.58ට යෙදෙන සුබ මුහුර්තය උතුර බලා යොදාගත හැකිය. මූල්‍ය කටයුතු, වෙළෙඳ ව්‍යාපාර ආරම්භය, ළිං කැපීම, ගෙවල් සෑදීම, රැකියා භාර ගැනීම, හිසකෙස් කැපීම, බත් කැවීම, පැවිදි කිරීම, වෙහෙර විහාර කටයුතු පොළොව සම්බන්ධ කටයුතු, මැණික් පතල් කටයුතු ආදිය ආරම්භය උදෙසා උදේ 07.23ට උතුර දිසා බලා යොදාගත හැකිය. ශුභ වර්ණය, ළා කොළ පැහැයයි.
බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවන, මුවසිරස, සිත. දෙනට, අද , සා , සියාවස , පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට , රේවතී යන නැකැත් හිමියන්ට ඉතා සුබයි.
එමෙන්ම 2022 මැයි මස 06 වැනිදා සිකුරාදා දින උදේ 8.38 ට යෙදෙන සුබ මුහුර්තය උතුර බලා මිශ්‍ර වර්ණයෙන් සැරසී අකුරු කියවීම උදෙසා භාවිත කළ හැකිය. තවද 06 වැනිදා සිකුරාදා උදේ 8.48 ට වෙළෙඳාම් කටයුතු ආරම්භ කිරිමට, රැකියා භාර ගැනීමටද ඉතා යෝග්‍යයි.
කෙසේ වෙතත් එදින සුබ වන්නේ අස්විද, මා මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස. සිත, දෙනට, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමි අයටයි.
ආචාර්ය කැළුම් ගුණතිලක විසිනි