“යක්කුන්ට බය නැත්නම් ජනතාව අතරට එන්න, චණ්ඩිකම් එපා!”: දමිතාගෙන් අගමැතිට අභියෝගයක් (VIDEO)

0
341

විරෝධතාවල නිරත ජනතාව තවමත් සාමකාමීව කටයුතු කරන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 29) අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධාවට එක්වූ අවස්ථාවේදී ය.

“අද ගෑස් එක එක පාරට දෙදාස් ගාණකින් වැඩි කරනකොට, පෙට්‍රල් ඩීසල් දෙසීය තුන්සීයකින් වැඩි කරනකොට, මිනිස්සු මෙහෙම නෙමෙයි පාරට බහින්න ඕනේ ඔයගොල්ලන්ට විරුද්ධව. තවමත් මිනිස්සු හරි ම සාමකාමී යි.”

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයට ද ඇය ප්‍රතිචාර දැක්වූවා ය.

“ඒ අස්සේ මහින්ද මහත්තයා කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ ලු. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හැදුවේ ඔයගොල්ලෝ නෙමෙයි අපි. ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා. එහෙම නම් එන්න මෙතනට. බය නැත්නම්. බහින්න මිනිස්සු අතරට.

මේ මොකක් ද මේ ලැජ්ජා නැති වැඩේ? මිනිස්සුන්ව මෙහෙම පාවලා දුන්නා, මුළු රටක් ම. දැන්වත් දැනෙන්නේ නැද්ද ඔය හිත්වලට? ඔයගොල්ලන්ගේ පුත්තු සැපෙන් ඉන්න හින්දා ද මේවා දැනෙන්නේ නැත්තේ? අනිත් දරුවෝ බඩගින්නේ. ඒක දැනෙන්නේ නැද්ද? මේ කියන්නේ මොකක් ද කියලා ඇත්තට ම කාලකන්නි දේශපාලනඥයින්ට දැනෙන්නේ නැද්ද? කරුණාකරලා මේ ඉල්ලන ඉල්ලීම ඉෂ්ට කරන්න.”