මහ බැංකුව විදෙස්ගත ලාංකිකයින්ගෙන් විදේශ විනිමය ඉල්ලයි

8
746

රටේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ විනිමය පරිත්‍යාග කිරීම් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහය අපේක්ෂා කරන බව ය.

ඒ අනුව, සහය ලබා දීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට මහ බැංකුව විසින් අර්ථලාභී හිමිකාරිත්වය දරනු ලබන බැංකුවල පවත්වා ගෙන යන ගිණුම්වලට විදේශ විනිමය බැර කළ හැකි බව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

එම විදේශ විනිමය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ද එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

වැඩිදුර තොරතුරු මෙතැනින් බලන්න…

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය

8 COMMENTS

  1. ලැජ්ජා නැද්ද යකුන්ගේ, ඇවිදින් බෝම්බ වලින් හිතමින් ඉල්ලන්න. අපි ඔය 1+225 ඉවත්වෙනකන් සල්ලි එවන්නේ නෑ.
    නැත්නම් හොරා කාපු උන්ට කියපල්ලා ඒවා ගෙනල්ලා අවශ්‍ය දේ කරන්න කියලා

  2. අහිංසක මිනිසුන්ට බෙහෙත් ගන්න උදවු කරන්න ආසයි. ඒත් මේ හොරු රැල එකෙනුත් කොමිස් ගහයි. ඒකෙනුත් ලකුණු දාගෙන ඉදියි.

Comments are closed.