ඉස්සර දවසෙම text කරපු ගෑනු දැන් මැරිලද කියලවත් හොයන්නේ නෑ

0
97

බොහොම ස්ථීර විධියට එකිනෙකාගෙන් වෙන්වෙලා ගියාට පස්සෙත්, එකඟතාවකට පැමිණීමෙන් ප්‍රේම සම්බන්ධතාවලට නැවතීමේ තිත තිබ්බට පස්සෙත් සමහරු අහිමි ප්‍රේමය ගැන, තවදුරටත් නැවතිල්ලක් නැතුව ‍ෙදාඩවන්නේ කිසිම තේරුමක් නැතුවනේ කියලා මට හිතෙනවා. සමහර වෙලාවට එහෙම අහිමිවීමකට පස්සේ අපි හදවතින්ම ඒ අයව බදාගෙන අඬන්න හදන්නේ පරණ නොස්ටැල්ජියාවක හිරවෙලා නිසා කියලා මට හිතෙනවා.

අනේ එයා මට මෙහෙම ආදරේ කළානේ, අනේ එයා මං වෙනුවෙන් මෙහෙම දේවල් කලානේ, අනේ අපි මේ තරම් ළංවෙලා හිටියනේ කියන නොස්ටැල්ජියාව අස්සේ හිරවෙන මිනිස්සු හදවතින් ගලාගෙන එන සිතුවිලිවලට, හැඟීම්වලට බොහොම සංවේදි විධියට ඇහුම්කන් දෙනවා. එතකොට ඇඬෙනවා. ක¾දුළු වැක්කෙරෙනවා. ඒ වේදනාව ගලායෑමට ප්‍රතිචාර දක්වන්න සමහරු කවි ලියනවා. සමහරු අරක්කු බොනවා. සමහරු අත කපා ගන්නවා. සමහරු ෆොටෝ ලීක් කරනවා. සමහරු ඩෙස්ටිනේෂන් එකක් ගැන වගේ වගක් නැතුව ට්‍රැවල් කරනවා. සමහරු මහණ වෙනවා. වේදනාවෙන් ගැලවෙන්න, වේදනාව නිදහස් කරන්න එකිනෙකා තමන්ටම ආවේණික විවිධ ක්‍රමවේද තෝරාගන්නවා. අතීතයේ සිරකරුවෙක් වීම නිසා මිනිස්සු විවිධ ක්‍රමවලට දුක් විඳිනවා. වර්තමානය තේරුම් ගන්නට බැරි සංවේදී ප්‍රශ්නය ඉදිරියේ මිනිස්සු සෑහෙන්න අසරණ වෙනවා.

ඉස්සර කළු පාටට ආසවුණු ගැහැනු ළමයි පස්සෙ සුදු පාටට ආස වෙනවා. ඉස්සර සමාජවාදී වුණු පිරිමි ළමයි පස්සේ ධනවාදී වෙනවා. ඉස්සර ඉන්දියන් මල් කතා බලපු මිනිස්සු පස්සේ ඉංග්‍රීසී ටී.වී. සීරීස් බලනවා. ලැබෙන අත්දැකීම් උඩ, මුණගැහෙන අත්විඳීම් මත මිනිස්සුන්ගේ මතවාද, රුචි අරුචිකම්, සංකල්ප, අදහස් වෙනස් වෙනවා. ප්‍රේමයේදීත් එහෙම තමයි. ආදරය ඇතුළේ, ජීවිතය ඇතුළේ එයාලට හමුවෙන අත්දැකීම් සහ අත්විඳීම් මත ආදරය කරන හැටි වෙනස් වෙනවා. ආදරය කියවන හැටි වෙනස් වෙනවා. ඉස්සර ගොඩක් ආදරේ වෙන කෙනෙක් දැන් ඔයාට පොඩ්ඩයි ආදරේ කිව්වොත් ඒක සාමාන්‍ය තත්වයක්. ඉස්සර ආදරේ නොකරපු කෙනෙක් ඔයාට ආදරේ කරන්න පටන් අරන් කිව්වොත් ඒකත් සාමාන්‍ය තත්ත්වයක්. ඉස්සර පණ වගේ ආදරේ කරපු කෙනෙක් දැන් ඔයා ගැන කිසිම හැඟීමක් නැහැ කිව්වොත් ඒකත් සාමාන්‍ය තත්ත්වයක්.

මහා වෙන්වීම්වලට පස්සෙත් එයා ඉස්සර තරමටම මට ආදරේ ඇති කියලා අපි හිතනවා. ඉස්සර එයා මං වෙනුවෙන් දේවල් කරපු නිසා තාමත් එයා එහෙම තමයි කියලා අපි හිතනවා. ඉස්සර තිබුණ ආදරය එක්ක මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා අපෙන්ම ප්‍රශ්න කරනවා. නමුත් ලැබෙන අත්වීඳීම් මත, අත්දැකීම් මත ප්‍රේමය වෙනස් වෙන්න පුළුවන් කියන එක අපි අමතක කරනවා. ප්‍රේමවන්තයන්ගේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන් කියන එක අපි අමතක කරනවා.

හැම විරහවක්ම නිර්මාණය වෙන්න ප්‍රේමය ඇතුළේ එකිනෙකා ලබාගන්නා අත්දැකීම්, අත්විඳීම් බලපෑම් සහගත වෙනවා. විශේෂයෙන්ම හැරයන කෙනාගේ ජීවිතය උඩියටිකුරු වෙන විධියේ යම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් සිද්ධ වුණාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ පැරණි අදහස්, මතවාද, කියවීම් වෙනස් වෙන්න පටන්ගන්නවා. එතනින් පස්සේ තවදුරටත් ඉන්නේ අපි එක්ක අතීත කතාවල පණ දීගෙන ආදරය කරපු හැඟීම්බර, රොමෑන්ටික් මනුස්සයා නෙමෙයි. හැරයන මොහොතේදී පරණ මනුස්සයා වෙනුවට අපි නොදන්නා වෙනත් කෙනෙක් සෑමවිටම අපිව හැර යනවා. හැර ගියාට පස්සේ පරණ මතකවල, නොස්ටැල්ජියාවල හිරවෙලා අපි පරණ මනුස්සයාව හති හලාගෙන හෙව්වත් අපිට හැරයන්නා තුළින් ඒක හොයාගන්න බැරුව යනවා. මොකද හැම බූට් එකකට පස්සේ මනුස්ස ෆෝමේෂන් වෙනස් වෙනවා.

තමන්ගේ නැති වුණ පෙම්වතියටත් වඩා පිරිමි ගොඩක් වෙලාවට බැඳීම් ගොඩනඟා ගන්නේ ඇය සමඟ ගත කළ මතකය එක්ක. ඇය සමඟ කතා කළ වචන එක්ක. ඇය සමඟ හුවමාරු කරපු ලිප් කිස් එක්ක. තමන්ගේ නැති වුණ පෙම්වතාටත් වඩා ගැහැනු ගොඩක් වෙලාවට බැඳීම් හදාගන්නේ ඔහු සමඟ සිදුකළ චැට් එක්ක. ඔහු සමඟ ඇවිදපු ලොකේෂන් එක්ක. ඔහුගේ අතේ එල්ලිලා, ගත කළ පැරණි දින වකවානු එක්ක. මිනිස්සු බැ‍ෙ¾දන්නේ නොස්ටැල්ජියාවක් එක්ක. වර්තමානයේ සැබෑ තත්ත්වය නොවන අතීත මිරිඟුවක් එක්ක.

වර්තමාන තත්ත්වය අපි හිතනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඉස්සර බැඳි පෙම කොච්චර සුවඳ වුණත් දැන් දැන් ඒකෙන් හමන්නේ දුගඳක් වෙන්න පුළුවන්. ඉස්සර පහසුයි, නියමයි කියලා හිතුණු සහකරුවා දැන් දැන් විස සහිත සම්බන්ධයක් බවට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්. ඉස්සර ආදරේ මියගිහින් ප්‍රේමයේ වර්ෂ බර ගණනක් මේ වෙලාව වෙනකොට ගතවෙලා තියෙන්න පුළුවන්. වර්තමානය සහ අතීතය අතර අපට ගණනය කළ නොහැකි විධියේ මහා දුරක් තිබෙනවා වෙන්න පුළුවන්.

එහෙම බැලුවම තව දුරටත් ‘’ඒකි එහෙම නෑ බන්’’ කියන එක තවදුරටත් සත්‍යයක් වෙන්න විධියක් නෑ. මොකද ඒ ප්‍රකාශය වලංගු වෙන්නේ අතීතයට. නැතුව මේ ගෙවෙන වර්තමානයට නෙමෙයි.

ප්‍රේමයේ නොස්ටැල්ජියාවල හිර වෙන්න එපා. අතීත මතකවල හිරවෙන සිරකාරයෙක් වෙන්න එපා. එහෙම වුණොත් ජීවිත කාලය පුරාවටම විරහවේ ලුණු රසින් හදවත තෙමෙන එක නතර කරන්න බැරි වෙයි. ඒකි එහෙම නෑ බන් කියලා මිරිඟුවක හිර වෙන්න සිද්ධ වෙයි. වර්තමානයේ සැබෑව තේරුම් ගත්තොත් විරහව වුණත් අවබෝධය භාරගෙන ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය දිහාවට යන්න පුළුවන් වෙයි.

‘’ඇත්තටම අතීතය කියන්නේ සිහිනයක් විතරක්. එතන අපි හිතාගෙන ඉන්න විධියේ කිසිම සුවඳක් නැහැ. එදා සෙනෙහෙන් බැ¾දුණත් මෙදත් ඒකම තියෙයි කියලා ඔයා හිතන එක කොහොමත්ම අනුමත කරන්න බැහැ.’’

ප්‍රමේෂ් වික්‍රමසිංහ