ආණ්ඩුවට එරෙහිව ගාල්ලේ ජනතාව පන්දම් රැගෙන වීදි බසිති

0
458

ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් හිඟය සහ විදුලි කප්පාදුවට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (අප්‍රේල් 23) ගාල්ල, හපුගල ප්‍රදේශයේ විරෝධතාවක් පවත්වා තිබේ.

මොල්ලිගොඩවත්ත, උක්වත්ත, වක්වැල්ල සහ හපුගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ම ජනතාව ඊට එක්ව සිට ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාකරුවන් පන්දම් දල්වා ගෙන, රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉන්ජිනේරු පීඨය අසල සිට පා ගමනින් හපුගල මංසන්ධිය වෙත පැමිණ විරෝධතාවයේ නිරත වූ බව ය.