Dropshipping වලින් ගොඩයන්නේ කොහොමද?

0
773

අන්තර්ජාලය මඟින් මුදල් ඉපැයීමට බොහෝ දෙනා නැඹුරු වෙලා තිබෙනවා. ඒ අතරින් Dropshipping කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත මාතෘකාවක්. මේ ලිපිය ඔස්සේ අද අපි බලමු මොකක්ද මේ Dropshipping කියන්නේ කියලා.

මොකක්ද මේ eBay කියන්නේ? eBay සහ Dropshipping අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

අපි eBay කියල දැනගෙන සිටියේ පිටරටකින් භාණ්ඩ මිලට අරගෙන ලංකාවට හරි වෙනත් රටකට හරි ගෙන්වාගන්න පුළුවන් වෙබ් අඩවියක් විදියට. අපිට පුළුවන් eBay හරහා මොනවා හෝ දෙයක් (නීත්‍යනුකූල දේවල් විතරයි) මිලදී ගන්න වගේම විකුණන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ඔයා ගෙදර ඉඳගෙන පොල්කටු හැඳි නිෂ්පාදනය කරන කෙනෙක්. (මේ වගේ දේවලට eBay එකේ ඉල්ලුමක් තියෙනවා) ඔයාට පුළුවන් මේක eBay එකේ ලිස්ට් කරලා වෙන රටක ඉන්න කෙනෙක්ට විකුණලා ශ්‍රී ලංකා තැපෑලෙන් හරි වෙනත් කුරියර් සේවාවක් මඟින් හරි ඤඥතඪමඥප කරන්න. මේ ක්‍රියාවලියෙදී අපි සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රධානම දේ තමයි ලංකාවේ නීතියට අනුව අපිට මොනවද ලංකාවෙන් පිටට මේ විධියට යවන්න පුළුවන් සහ යවන්න බැරි දේවල් කියන එක ගැන හොයලා බලන්න ඕන. ලංකාවේ අපිට ඔෟෂධ වර්ග, බීජ වර්ග, පැළ වර්ග යවන්න බැහැ. මෙතැනදි අපනයන ආනයන නීති රීති කියවලා අවබෝධයක්, දළ අදහසක් ලබාගන්න ඔයාට පුළුවන්. කරන ව්‍යාපාරය කුමක් වුණත් ඒක නීතී විරෝධී විදිහට කරන එක ලොකු වැරැද්දක් වගේම අන්තිමේදී නීතිය ඉදිරියට යන්න වුණොත් එයින් ඔයාගේ නමට ලොකු හානියක් වෙන්න පුළුවන්.

හරි දැන් අපි කතා කරමු කොහොමද eBay එකේ selling කරන්නේ, කරන විධි මොනවාද කියන එක. අපිට eBay එකේ selling කරන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා.

Direct Selling

Dropshipping

මොකක්ද මේ ඥඕචර Direct Selling කියන්නේ?

මම මුලදී කිව්වා වගේ ඔයා පොල් කටු හැඳි නිෂ්පාදකයෙක් හරි, පොල් කටු හැඳි නිෂ්පාදනය කරන කෙනෙක්ගෙන් අඩු මිලට අරගෙන විකුණන කෙනෙක්නම් හරි, eBay එකේ විකුණුම්කරුවෙක් විදිහට register වෙලා ඇණවුම් භාර අරගෙන ඔයාම shipping කරනවා නම් ඒක අයත් වෙන්නේ  eBay direct selling කියන ගණයට. සරලව කිව්වොත් ලංකාවේ ඉන්න අපි ලංකාවෙන් මොනයම් හෝ භාණ්ඩයක් eBay හරහා විකුණලා යැවීම තමයි eBay direct shipping කියන්නේ. ලංකාවේ දේශීය නිෂ්පාදනවලට මේ direct selling වලදී ලොකු වටිනාකමකුත් ලබා ගන්න පුළුවන්.

හරි අපි දැන් දන්නවානේ eBay Direct Selling කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බලමු මොකක්ද මේ eBay Dropshipping කියන්නේ කියලා.

 මොකක්ද මේ eBay Dropshipping කියන්නේ?

හරි අපි මෙහෙම හිතමුකෝ, ඔයා ගාව විකුණන්න කිසිම දෙයක් නෑ. ඒත් ඔයාට ඕනේ eBay එකේ selling කරලා මාසෙට කීයක් හරි හොයාගන්න. මේක ඔයාට ඔයාගේ ස්ථීර ආදායම් මාර්ගය විදිහට තෝර ගන්නත් පුළුවන්. නැත්නම් මේක අතිරේක ආදායම් මාර්ගයක් විධියට තෝරා ගන්නත් පුළුවන්. මෙතැනදි ඔයා ගාව විකුණන්න මුකුත් නැත්නම් ඒකටත් විකල්පයක් තිබෙනවා. ඔයාට පුළුවන් Dropshipping මඟින් ඔයා ළඟ විකුණන්න දෙයක් නැතත් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න. ඔයා ළඟ නැති, ඒත් ලෝකයේ මිනිස්සු බහුලව මිලදී ගන්න භාණ්ඩ විකුණන්න තියෙන වෙනත් විශ්වාසවන්ත වෙබ් සයිට් විදිහට Aliexpress, Dhgate, Amazon, Etsy ආදිය දක්වන්න පුළුවන්. ඔයාට කරන තියෙන්නේ ඒ වෙබ් සයිට්වලින් භාණ්ඩ මිලදී ගෙන ඒ දෙන ගාණට පොඩි ලාභයක් එකතු කරලා eBay එකේ අලෙවි කරන එක.

මේක ගැන තමයි ගොඩක් අයට නිසි අවබෝධය නැත්තේ. වචනෙ අහපු ගමන් ටිකක් බය වෙන ක්‍රමයක් තමයි මේ Dropshipping කියන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක ගොඩාක් ලොකු බැරෑරුම් දෙයක් කියලා. බැලූ බැල්මට අමාරුයි වගේ පෙනුණත් වැඩේ ගැන අවබෝදෙන්, දැනගෙන කළොත් Dropshipping මඟින් ඕනෑම කෙනකුට හොඳ income එකක් ගන්න පුළුවන්.

උදාහරණයක් විධියට අපි ගමු Keytag එකක්. ඔයාට පුළුවන් මේ Keytag Aliexpress වගේ වෙබ් සයිට් එකකින් ඉතාම අඩු මුදලකට මිලදී ගන්න. අපි හිතමු Aliexpress එකේ තියෙනවා  key tag එකක් $2කට මිලදී ගන්න. ඔයා ඒ මිලට $2ක ලාභයක් තියාගෙන $4කට eBay එකේ විකුණන්න list කරනවා ඔයා හදා ගත්තු ඔයාගේ ඵබධපඥ එකේ. (කොහොමද මේ Account හදාගන්නේ කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු) මේ විධියට ලිස්ට් කරපු key tag එක eBay එකේ ඔයාට buyer කෙනෙක්ට සේල් කරන්න පුළුවන්. ඒ buyer ඔයාගේ තඪඵබඪදඨ එකෙන් මිලදී ගත්තොත් ඔයාට ඒ buyerගේ නම, address එක සහ අනිත් විස්තර ටික ලැබෙනවා. එතැනදි ඔයා බලන්න මේ buyer කලින් මිලදී ගත්තුවාට sellers ලාගෙන් හම්බුණ ratings. එතැනදි ratings වල ප්‍රශ්නයක් තියෙන කෙනෙක්නම් order එක cancel කරලා refund කරන්න ඔයාට හැකියාව තියෙනවා. බොරුකාරයො වුණත් මේ Online sellingවලදි ඕනෑ තරම් හමුවෙන්න පුළුවන්.

order එක confirm කළොත් ඔයාට තියෙන්නේ ඒ key tag එක විකුණන්න තියෙන සයිට් එකට ගිහින් ඒක මිලදී ගෙන ඔයාගෙන් order එක දාපු එක්කෙනාගේ address details දීලා ඒ වෙබ් සයිට් එකේ ඉඳගෙනම ඒ order එක යවන්න. ඔයා මේ වෙනකොට ඔයා දැකලවත් නැති දෙයක් අරගෙන ඔයා ගාවට ගෙන්න ගන්නෙවත් නැතුව ඔයාගේ buyer address එකට යවලා ලාභයකුත් උපයලා ඉවරයි.

ඔන්න ඔය process එක තමයි සරලව Dropshipping කියන්නේ. තේරුණේ නැත්තම් ආයේ වතාවක් හොදින් කියවන්න. පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඒත් කරන විදිහ හරියට කරන්නේ කොහොමද කියන එකයි අපි දැන ගන්න ඕනේ. මොකද නොදැන කළොත් අතරමඟ.

ආයෙමත් මං දෙයක් කියන්න කැමතියි. මං Article එක අරගෙන එන්නේ මේ දේවල් ගැන දැනගන්න ආස, මේ හරහා මුදලක් උපයාගන්න කැමති, ඒ වගේම කැපවීමෙන් හරියට කරන්න කැමැති අයට එකතු වෙලා මේ දේ ගැන ඉගෙන ගෙන තමන්ගේ ආර්ථිකය ගොඩනංවාගන්න උදවු කරන්න. ඉතින් මම පහළින් කතා කරලා තිබෙන්නේ eBay Dropshipping වල වාසිදායක තත්ත්වයන් සහ අවාසිදායක තත්ත්වයන් මොනවාද කියන එක.

Dropshippingවල Advantage එහෙමත් නැත්තම් හිතකර බලපෑම්

01 Low Startup Costs –  අඩු මුදලකින් ආරම්භ කළ හැකිවීම

සාාමාන්‍යයෙන් ව්‍යාපාරක් ආරම්භ කරන්න ලොකු පිරිවැයක් යනවා කියන එක ගැන අපි දන්නවානේ. ඒත් මේ අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාර ආරම්භයට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නෑ. Dropshippingලදි නම් Startup cost එකක් නැති නිසා ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තමන්ගේම කියලා ව්‍යාපරයක් eBay හරහා ආරම්භ කරන්න පුළුවන්.

02. Low Cost of inventory – තොගයක් පාලනය කිරීම අවශ්‍ය නොවන නිසා එම පිරිවැය අවම වීම

වෙළෙඳාමක් කරනකොට අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය තමයි stock එකක් maintain කරන්න වෙන එක. ඒකට වෙනම ඉඩක් ඕන වෙනවා. ඒත් Dropshipping කරනකොට කරන්නේ,buyerගෙන් සල්ලි අපි අරගෙන, වෙන කෙනෙක්ට ඕර්ඩර් එක දාලා buyer ගේ address එක යවන එක. ඉතින් අපිට stock එකක් maintain කරන්න ඕනේම නෑ.

03. Low Order Fulfillment Costs ඇණවුම් සඳහා පිරිවැයක් දැරීමට නොමැති වීම

අපිට සාමාන්‍ය කඩයක් කරගෙන යනවා නම් නැත්නම් අපිම stock එකක් තියාගෙන ඩිලිවරි කරනවා නම් මහන්සියක් වෙන්න තියෙනවා. ඒ වගේම ඒකට වෙනම වියදමක් කරන්නත් වෙනවා. Dropshipping කරන කෙනෙක්ට කරන්න තියෙන්නේ ජධථනභබඥප එකක් ඉස්සරහ වාඩි වෙලා එන ඕඩර් එකට අදාළව ඕන කරන එක සොයලා Aliexpress, ebay, amazon වගේ එකකින් order කරන කෙනාගේ address එකට යවන එක විතරයි.

දැන් අපි බලමු  Dropshipping වල අහිතකර බලපෑම් එහෙමත් නැත්තම් Disadvantage මොනවද කියලා.

Less Control Over Order Fulfillment and Lead Times – තොග පාලනය බාහිරව සිදු වන නිසා එය පාලනය කළ නොහැකි වීම

මේක වාසියක් වගේම අවාසියකුත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට ඔයාල දැකලා ඇති order කරන එක නෙවෙයි ගෙදරට එන්නේ, ඊට වඩා හාත්පසින් වෙනස්,quality අඩු දේවල්. ඉතින් මේක ලොකු අවාසියක් අපිට, අපේ reputation එකට.

02. Reliance on Other People’s Stock – අන් අයගේ තොගයන් මත යැපීමට සිදු වීම

අපි වෙන වෙබ්සයිට්ස්වල තියෙන ඒවා බලලා අපේ ඵබධපඥ එකක් හැදුවට හදිස්සියේවත් ආපු ඕඩර් එකකට ඩිලිවරි රෙඩි කරන්න හදනකොට එයා ගාව ඒක නැති වුණොත් අනාථයි.

03. Less Profit ‐ අඩු ලාභ

ඔය කොච්චර කරත් අපිට dropshiping වලදි මහා ලාභ තියාගන්න බෑ. ඔය සීන් එක කරන අය අච්චරයි මෙච්චරයි අද සේල්ස් කිව්වට කොතනකවත් කියන්නේ නෑ මෙච්චර ගාණක් seller ට ගෙවන්න තියෙනවා කියලා. අපිට ලොකු margin එකක් තියාගෙන වැඩේ කරන්න බෑ. මොකද අපෙන් ගන්න එන කෙනා අනිවාර්යෙන්ම වෙන අයගේ ඒවටත් ගිහින් බලනවා.

ශෙනායා හේවාගම