ජේ‍යාතිෂවේදීන් විශාල පිරිසක් රටට දායාද කර ජේ‍යාතිෂ අඹරෙන් බැස ගිය තරුව ආචාර්ය පියසේන රතුවිතාන

0
208

ජේ‍යාතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන සූරීන් පසුගිය අප්‍රේල් 14 වැනිදා දැයෙන් සමුගන්නා ලදී. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු 91ක් විය. කළුතර දිස්ත්‍රික්කයේ කොහොලාන ගම් පියසේ 1931 ඔක්තෝබර් මස 15 වැනිදා මිථුන ලග්නයෙන් උපන් ආචාර්ය පියසේන රතුවිතාන මහතා ගුරුවරයකු ලෙස පාසල් 27කද විදුහල්පතිවරයකු ලෙස පාසල් 17කද සේවය කර ඇත. ඉතා විශිෂ්ට ජේ‍යාතිෂ ග්‍රන්ථ ඇතුළු ග්‍රන්ථ 80ක් පමණ එතුමා විසින් රචනා කර ඇත. විටෙක එතුමා මාධ්‍යවේදියෙකි. විටෙක ගුරුවරයෙකි. විටෙක අතිදක්ෂ හිටිවන කවියෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. තවත් විටෙක දක්ෂ ගීත රචකයෙකි. චිත්‍රපට 03ක තේමා ගීත ඇතුළුව ගීත 20ක් රචනා කර ඇත.

එමෙන්ම විශාල ශිෂ්‍ය පිරිසක් ජේ‍යාතිෂය ලෝකයට දායක කළ අති දක්ෂ ජේ‍යාතිෂ ගුරුවරයෙකි. තිරසර ග්‍රහස්ඵුට පංචාංග ලිත්හි ප්‍රධාන කර්තෘවරයාණන්ද එතුමාය. කීර්තිමත් ජේ‍යාතිෂ ශාස්ත්‍රඥයකු වූ ජේ‍යාතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන සූරීනි ඔබතුමාට අජරාමර නිවන් සුව දුර නොවේවා!

ආචාර්ය කැලුම් ගුණතිලක