ඇස්වහ-කටවහ ‍ෙදා්ෂ නසන්න තැඹිලි ගෙඩියෙන් කළ හැකි විස්මිත හාස්කම මෙන්න

0
256

ජන සමාජය වැඩී කෙමෙන් සංකීර්ණ සමාජයන් දක්වා ව්‍යුහීය වෙනස්කම් සිදුවුවත් ඒවායේ සිදුකරන කටයුතුවල සහ යොදා ගන්නා ක්‍රමවේදයන් තුළද සම්පූර්ණ බැහැර කිරීම් සිදුවී නැහැ. එනිසා වර්තමානයේ කොතරම් තාක්ෂණික දියුණුව, මෙවලම් භාවිතාව ආදිය ඉහළ තැනක තිබුණත් මේවායින් සලසා ගත නොහැකි කාරණා පුරුදු විධියටම පැරණි ආකාරයෙන් යොදා ගන්නට බොහෝ දෙනා උත්සාහ ගනු ලබනවා. ඒ අතරින් ඉපැරණි නිවාස ආරක්ෂාවන්, ශාන්ති කර්මයන්, බලවත් යන්ත්‍ර පැලඳවීම් ආදී සමහරක් ප්‍රමුඛ වනු ලබනවා. මේවා ඇත්ත වශයෙන්ම තාක්ෂණය හා දියුණු මෙවලම් භාවිතාවෙන් ප්‍රතිශතාත්මක උසස් තත්ත්වයන් ඇති කළ හැකි ඒවා නොවේ.


මේ කාරණා අතරේ දියුණු නොදියුණු සමාජ තලයන් තුළ එදා මෙන් අදටත් බොහෝ සෙයින් පවතිනු ලබන ඇස්වහ – කටවහ ‍ෙදා්ෂයන්ද පවතිනු ලබනවා. මේවා දුරු කරන – නැති කරන ප්‍රතිකර්ම කටයුතු අදට වඩා උසස් මෙන්ම යහපත් වූයේ ඉපැරැණි සමාජය තුළය. නිවැරැදි ශාන්ති කර්ම, යන්ත්‍ර – මන්ත්‍ර ක්‍රමවේදයන් භාවිතයෙන් සියයට සියයක්ම සාර්ථක වන ආකාරයෙන් එකල මේ කටයුතු මුල් තැනක් ගනු ලැබීය. නමුත් අද නව තාක්ෂණය මෙවන් කටයුතු හමුවේ බිඳ වැටෙන බවද මෙතුළින් පෙන්වා දිය යුතු වන්නේය.
කෙසේ නමුත් අද ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන් නිතර පීඩාවට පත්වන, ඔබේ නිවෙසේ දුවා දරුවන් පීඩාවට පත්වන ඇස්වහ – කටවහ ‍ෙදා්ෂ බලවත් ලෙස හරණය කරගන්නා ක්‍රමවේදයක් මෙසේ ගෙන එමු. ශරීරයේ හටගන්නා ඇස්වහ බිබිළි ආදියටත් වගේම ශරීර අභ්‍යන්තරයේ පවතිනා බලවත් දාහය නැති කර දමන්නටත් මේ ප්‍රතිකර්මය සුවිශේෂී වනු ඇත.


විශේෂයෙන්ම තමාගේ කියන කටයුතු එකවර බිඳවැටීම, නොසිතූ හානිවලට මුහුණ දෙන්නට සිදුවීම, වගේම පවත්නා ව්‍යාපාර කටයුතු මෙන්ම නිවෙස්වල මේ වන විට තත්ත්වයන් දියුණු තියුණු භාවට පත්කර ගන්නටත් මෙය මාහැඟි ක්‍රමවේදයකි. “මෙච්චර කාලයක් හොඳට කරගෙන ගිය ව්‍යාපාරය එකපාරටම කඩා වැටිලා… බඩුවක් – මුට්ටුවක් ගන්න කවුරුත් එන්නෙත් නැහැ… හොඳට හැදිච්ච වගාව එක පාරටම පාළු වෙලා… පණුවෝ ගහන්න පටන් අරන්… හොඳට ඉගෙන අරන් ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච දරුවා දැන් කිසි දෙයක් කරන්නේ නැහැ…” මේ වගේ දේවල් නිතර අප අතරේ අහන්න දකින්න ලැබෙන දේවල්. ඇත්තෙන්ම මෙවැනි දේවල්වලට ප්‍රමුඛ වන්නේ මෙවන් බලවත් ඇස්වහ – කටවහ ‍ෙදා්ෂයන්ය. මේ කටයුතු වෙනුවෙන් මෙම බලවත් ක්‍රමවේදය ඔබත් නිවෙසේ සිටම නිසි ලෙසින් පෙළගැසී දිවියට සුවය සහනය සලසා ගන්න.
මෙය කෙම් ක්‍රමයකි. තනිවම තමාට හැකි උපරිමයෙන් සාර්ථක භාවය ඇති වන ලෙසින් කටයුතු සිදු කරන්න. අවශ්‍ය වන්නේ,

  1. තැඹිලි ගෙඩියක්
  2. අබ ස්වල්පයක්
  3. ගොරකා කැබලි කිහිපයක්
  4. කහ
  5. ලුණු
  6. කපු ඇට ටිකක්
  7. ගම්මිරිස්
  8. වී
  9. අඟුරු ස්වල්පයක්
  10. කොළ හතක් ඇති දෙහි අත්තක්

පුර පක්ෂයේ සෙනසුරාදා දිනක රාත්‍රි 7.00න් පසුව හා රාත්‍රි 9.00ට පෙරාතුව ලොකු තැඹිලි ගෙඩියක ඇස්ස කපා වතුර ඉවත් කර, ඒ තුළට අබ, ගොරකා, කහ, ලුණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟුරු ස්වල්පයද දමා, පසුව දෙහි කොළ හතක් ඇති ඒ දෙහි ඉත්තද දමා යළි තැඹිලි ගෙඩිය තිබූ තැඹිලි වතුරින් පුරවා, ඉරිදාට එළිවෙන අලුයම මෙම දී ඇති මන්ත්‍රයෙන් 108 වාරයක් ජප කරන්න.

බලවත් මන්ත්‍රය –
ඕං කිකරු නොකීකරු දුටුකරු, නොදුටුකරු ඇස්වහා කටවහා (ඉන්පසු අදාළ ආතුරයාගේ නම කියා)
අද හිටන් නෑ
යනුවෙන් ජප කරන්න. කටයුතු අවසානයේ ඒ විගසම ආතුරයාගේ ශරීරයේ තැඹිලි වතුර තවරන්න. බිබිළි හෝ තුවාල සහිත නම් දෙහි ඉත්තෙන් ශරීරය පුරා ඉසින්න. ව්‍යාපාරයක් නම් ඒ ස්ථානවලට ඉසීම සිදුකරන්න. වගාවන් සඳහා සිදු කළේ නම් ඒ වගාවන් හෝ භෝගයන් හට ඉසින්න. ඉක්මනින් සහනය උදා කරන බලවත් ප්‍රතිකර්මයකි.
ඔබට උතුම් විශ්වයේ බලයෙන් සුවය සහනය සැලසේවා!

ජේ‍යාතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී
කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර, දෙහිඕවිට
078-3905546