අප්‍රේල් 29වැනිදා සිදුවන ශනි මාරුවේ අපල දුරු කරන ප්‍රතිකර්ම

0
539

ආචාර්ය කැළුම් ගුණතිලක විසිනි

ගිනි තියන, ගිනි නිවන ග්‍රහයා ලෙස හැඳින්වෙන ශනි හෙවත් සෙනසුරු 2022 – අප්‍රේල් – 29 වැනිදා සිකුරාදා උදෑසන 7.52ට කුම්භ රාශි ගත වේ.

මෙසේ ශනි කුම්භ රාශි ගතවීම සමඟ කටක, මකර, කුම්භ, මීන යන ලග්න හිමි අයට තදබල අශුභ පලද මේෂ, මිථුන, සිංහ, ධනු යන ලග්නවලට ශුභ පලද වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික යන ලග්නවලට මිශ්‍රපලද උදා කෙරේ.

ශනි කුම්භ රාශි ගතවීමෙන් පසු එළැඹෙන පළමු ශනි දින එනම් 2022 අප්‍රේල් මස 30 වැනිදා සෙනසුරාදා රාත්‍රි 8ත් 9ත් අතර ශනි හෝරාවේ ළඟම පිහිටි බෝධියක බටහිර දිශාවේ සිට නිල් මල් වට්ටි 08ක් පූජා කර එළඟිතෙල් පහන් 8ක් දල්වා බෝධි පූජාවක් තබන්න. ඊට නිල්පාට කොඩි වැලක්ද, බෙහෙත් ඔෟෂධ, අෂ්ටපාන, දැහැත් පූජා කරන්න. ඉන්පසුව පැන්කළයක් ගෙන

1. නමෝ බුද්ධාය තුන්වරක්ද

2. ඕම් නමෝ නාරායනාය ලෙස තුන් වරක්ද

3. සබ්බ පාපස්ස අකරණං ගාථාව තුන් වරක්ද

4. නීලාංජන සමාභාෂම්

   රවි පුත්‍රං යමා ග්‍රජම්

   ඡායා මාර්තාණ්ඩ සම්භූතම්

   තං නමාමි ශනෛශ්වරම්

ස්තේ‍රා්තය 03 වරක්ද සජ්ජායනා කර බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන්, විෂ්ණු දෙවියන්ගේ රැකවරණයෙන් සෙනසුරු දෝෂ දුරුවේවායි ප්‍රාර්ථනා කරන්න.

30 වැනිදා අඳුරු අමාවක පොහොය අවසන් බවත් සිහි තබාගෙන අඳුරු, නපුරු දෝෂ දුරු වීමට අධිෂ්ඨාන කරගන්න.

පසුව ඔබට හැකි පරිදි කාල වේලාව ලැබෙන පරිදි පහත ශාන්තිකර්මද සිදුකරන්න. ඉදිරි කාලය ඔබට යහපතක්ම උදා කිරීමට මෙම ශාන්ති කර්ම හේතු වනු ඇත.

විෂ්ණු ආඝෝර යන්ත්‍රය, ශනි මෘත්‍යුංජය, විෂ්ණු නීල මණ්ඩල යන්ත්‍රය ආදිය පැලඳීම ඉතා ශුභයි.

මැටි කළවලින් පැන් කළ 07ක් පූජා කරන්න.

කුරුල්ලන්ට නිතර වතුර භාජන තබන්න.

ආබාධිත හිඟන අයට කෑම දෙන්න.

නීලාංජන සමාභාෂම්

රවි පුත්‍රං යමා ග්‍රජම්

ඡායා මාර්තාණ්ඩ සම්භූතං

තං නමාමි ශනෛශ්වරම් ගාථාව සෑම සෙනසුරාදා දිනකම උදේ 6-7 අතර 03ක් වරක් කියන්න.

එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට කෑමට දෙන්න.

මහා විෂ්ණු දෙවියන්ට මාසයකට වරක්  පූජා තබන්න.

සෙනසුරාදා දින දහවල් නිරාහාරව සිට හිඟන  අයට කෑම දන් දෙන්න.