පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සමග කාදිනල් හිමි වතිකානයට

0
565

පාප් වහන්සේගේ විශේෂ ආරාධනයක් අනුව, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (අප්‍රේල් 22) දින උදෑසන වතිකානය බලා මෙරටින් පිටත්ව ගොස් තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 8 දෙනෙකු අද අලුයම 05.02ට කටාර් ගුවන් සේවයේ QR-659 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් වතිකානය වෙත පිටත්ව යාමට නියමිත ය.

මීට අමතරව, පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ වින්දිතයන් 4 දෙනෙකු, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 6 දෙනෙකු සහ මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද වතිකානය බලා පිටව ගොස් තිබේ.

ටී.කේ.ජී. කපිල – කටුනායක