පාස්කු ප්‍රහාරයට වසර 3ක් සපිරෙන දිනයේ සිරිල් ගාමිණී පියතුමන් හෙළි කළ රහස (VIDEO)

0
1857

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ FBI ආයතනය සොයා ගත් කරුණු අනුව සහරාන් සමග සබඳතා පැවැත්වූ අයෙකුට සම්බන්ධ IP address එකක් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයට ලබා දී තිබුණු බව මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා හෙළි කළේ ය.

මව්බිම පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ, එම තොරතුර සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොමැති බව ය.

“FBI ආයතනය ඇවිල්ලා මේ පිළිබඳව පරීක්ෂණ කරල ඉවර වුණාට පස්සේ ඔවුන් IP address එකක් දීලා යනවා අපේ බුද්ධි අංශයට. මේ අයි පී ඇඩ්‍රස් එක සහිත දුරකතනය පාවිච්චි කරපු කෙනා කවුද කියලා එතනින් එහාට විමර්ශනය කිරීම සිද්ධ වුණේ නෑ. මේ පුද්ගලයා සහ සහරාන් අතර තිබුණු සම්බන්ධය මොකක්ද කියන එක හොයා ගත්තා නම් හරියට මේකෙ සත්‍යය හොයා ගන්න පුළුවන්,” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා විශේෂ හෙළිදරව්වක් කළේ ය.

ඔහු සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.

පාස්කු ප්‍රහාරය ගැන සිරිල් ගාමිණී පියතුමා මව්බිමට කරන විශේෂ හෙළිදරව්ව

සටහන: සවනි ශේශාධි