ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල-මාතර මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තාකරු පවසයි.
ඔහු සඳහන් කළේ, ගාල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරියේ ධීවරයින් විසින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව ය.
මේ වන විට විරෝධතාකරුවන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ගමන් කරන බව ඔහු පැවසීය.
විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
ෆර්හාන් නිසාම්දීන් – ගාල්ල