රටේ තත්ත්වය භයානක බව රනිල් කියයි

0
1701

රට තුළ පවතින තත්ත්වය ඉතා භයානක බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (අප්‍රේල් 20) පාර්ලිමේන්තුවේදී රඹුක්කන විරෝධතාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, එම තත්ත්වය වෙනත් ප්‍රදේශවලට පැතිරීමට ඉඩ ඇති බවට තමන්ට ආරංචි ලැබී ඇති බව ය. 

“අද රටේ තියෙන තත්ත්වය භයානයකයි. අපි තීරණය කළ යුතුයි මොකද්ද අපි කරන්නේ කියලා. අද පැතිරෙන්න පුළුවන්. මට ආරංචි වෙලා තියෙනවා එක එක ප්‍රදේශවලට මේක පැතිරෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපිට තියෙන විකල්පත් සීමාවෙලා තියෙන්නේ. මම මිය ගිය පුද්ගලයාගේ භාර්යාවට ත් කතා කළා. ඒ පවුල ගැනත් අපිට වැඩ කටයුතු කරන්න තියෙනවා.”