“මේක සමාව දිය නොහැකි ම්ලේච්ඡ ක්‍රියාවක්”: සංගා රඹුක්කන සිද්ධිය හෙළා දකී

0
656

රඹුක්කනදී “නිරායුධ විරෝධතාකරුවන් පිරිසකට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය” හෙළා දකිමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, එය හෘද සාක්ෂියට එකඟ නොවන “සමාව දිය නොහැකි” ක්‍රියාවක් බව ය.

“නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම හෘද සාක්ෂියට එකඟ නොවේ. එය සමාව දිය නොහැකි ක්‍රියාවකි. පොලිසියේ පළමු වගකීම වන්නේ, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම යි. මෙය ම්ලේච්ඡත්වයේ නින්දාසහගත ක්‍රියාවක්,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.