ඇෆ්ඝනිස්ථානයේ පාසලක පිපිරීම් දෙකක්: විශාල පිරිසකට හානි

0
1092

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර බාලක පාසලක සිදුවූ පිපිරීම් දෙකකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Abdul Rahim Shahid උසස් පාසල තුළ මෙම පිපිරීම් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම පිපිරීම්වලින් ජීවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යා ලේඛන මෙතෙක් නිකුත් වී නොමැත.

පිපිරීම් සම්බන්ධයෙන් වගකීම ද මෙතෙක් කිසිදු පාර්ශවයක් භාර ගෙන නැත.

මෙම පාසල හසාරාස් නමැති සුළු ජාතික ජන කොටසකට අයත් පාසලක් වන අතර එම ජන කොටස සුන්නි සන්නද්ධ කණ්ඩායම්වල නිරන්තර හිරිහැරවලට ගොදුරු වේ.