ස්වාධීන වූ 40 දෙනා පාර්ලිමේන්තුවේ වෙන ම අසුන් ගැනීමට කතානායකගෙන් අවසර ඉල්ලයි

0
52

ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීන වූ 40 දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවසර ඉල්ලීමට අද (අප්‍රේල් 18) කතානායකවරයා හමුවී තිබේ.‍

එම අවස්ථාවට සහභාගී වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළේ, එලෙස වෙන්ව අසුන් ගන්නේ ආණ්ඩුවේ ද විපක්ෂයේ ද යන්න වැදගත් නොවන අතර අවශ්‍ය වන්නේ අදාළ පිරිස එකට අසුන් ගැනීම පමණක් බව ය.

ඒ අනුව, ස්වාධීන වූ එම කණ්ඩායමට එක්ව අසුන් ගැනීමට කතානායකවරයා අවසර දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පැවසීය.

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවතිය ද රටේ ජනතාව සහ ස්වාධින වූ කණ්ඩායම ඉල්ලා සිටින්නේ සර්වපාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව යැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.