විශ්වාසභංගය විපක්‍ෂයේ ලිට්මස් පරීක්ෂාවයි

0
100

සමගි ජන බලවේගය විසින් රජයට එරෙහි විශ්වාසභංගය 2022 අප්‍රේල් 19 අඟහරුවාදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ. 

“අපි අඟහරුවාදා යෝජනාව භාර දෙනවා. බැරි වුණොත් බදාදා යෝජනාව භාර දෙනවා. මේ පාර්ලිමේන්තු සතියේ පළමු දින දෙක ඇතුළත එය භාර දෙනවා” ස.ජ.බ. මන්ත්‍රිවරයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මේ අතර කලින් සැලසුම් කරගෙන සිටි පරිදි ජනාධිපතිවරයාට එරෙහි ‍ෙදා්ෂාභියෝගය ගෙන ඒම ප්‍රධාන විපක්ෂය

විසින් පසුවට කල් තබනු ඇති බවට මේ වන විටත් ඉඟි පහළ වී ඇත.

 විශ්වාසභංගයක් අස්සන් විස්සක් හෝ ඊට අඩු ගණනක් සහිතව කථානායකවරයාට භාරදීමට ඉඩ ඇතත් ‍ෙදා්ෂාභියෝගයක් භාරදීම ඊට එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඉක්මවන, එනම් අස්සන් 113කට වඩා ලබාගත යුතුවේ. අස්සන් සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයට සමපාත වන අවස්ථාවක කථානායකවරයාට ඒ සම්බන්ධව ඍජුව ක්‍රියාකිරීමේ බලයක් ඇති නමුත් අස්සන් 113ට වැඩි එහෙත් තුනෙන් දෙකේ බහුතරයට අඩු වන විට කථානායක විසින් අදාළ ‍ෙදා්ෂාභියෝගයේ සඳහන් කරුණු ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා යොමු කෙරේ. ඉදිරි කටයුතු තීරණය වන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය අනුව වේ. ස්ථාවර නියෝග අනුව දෝෂාභියෝගයක් හා විශ්වාසභංගයක් එකවර ඒ නම්, විශ්වාසභංගයකට ප්‍රමුඛත්වය දිය යුතුයි. 

මේ අතර මන්ත්‍රිවරුන් තම පැත්තට ගෙන්වා ගැනීම සඳහා රජය ඩොලර් අල්ලස් ලබාදෙන බවටද ස.ජ.බ. මන්ත්‍රිවරුන් දැන් සිටම චෝදනා එල්ල කරන අතර මන්ත්‍රිවරයකුට පිරිනැමූ මුදල ඩොලර් මිලියන දෙකක් ලෙසද ඔවුහු පවසා සිටිති.

කරුණු එසේ වෙද්දී අමතක නොකළ හැකි කරුණක් වන්නේ මේ වන විට ශ්‍රී  ලංකාව සිටින්නේ එක්කෝ වසර 45ක අත්තනෝමතික පාලනය අවසන් වන ඓතිහාසික දේශපාලන විප්ලවයක අද්දර හෝ බරපතළ ප්‍රතිවිපාක ගෙන දියහැකි නීතිය හා සාමය විනාශකාරී බිඳවැටීමක් අසල බවයි.

ජාතියක් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයන් බහුතරය මේ වන විට සිටින්නේ දැඩි කෝපයකිනි. ඔවුන් ඉතා ශීග්‍රයෙන් ඉවසීමේ සීමාව කරා ළඟා වෙමින් සිටී. ඒ මාස කිහිපයක් පුරාවට ජීවත් වීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා වන ආහාර, ඉන්ධන, විදුලිය සහ ඔෟෂධ පිළිබඳ අහිමි කර ඇති වාතාවරණයක් තුළයි. වෛද්‍යවරුන් වෛද්‍ය සැපයුම් ඉල්ලා ආයාචනා කරද්දීත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඊට පටහැනි ප්‍රකාශයක් නිකුත් කරයි.

ඉවුම් පිහුම් ගෑස් හෝ ඉන්ධන මිලදී ගැනීම සඳහා පෝලිම්වල සිට ගෙන සිටියදී අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් අටදෙනෙකු, බොහෝ විට වැඩිහිටි පිරිමින් මිය ගොස් ඇත. ජනතාව දැන් වටේටම චෝදනා කරන්නේ රාජපක්ෂ පවුල ආධිපත්‍ය දරන ආණ්ඩුවටයි. රටේ මූල්‍ය තත්ත්වය පහත වැටෙමින් පවතින බවට වසරකට පෙර ආර්ථික විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම් පාලකයන් නොසලකා හැරියේය.

දැන් රට බංකොලොත් වී ඇති අතර එහි ණය ගෙවීමට නොහැකිව IMF ආධාර ලබා ගැනීමට බල කෙරී ඇත.

එක දෙයක් පැහැදිලියි, රාජපක්ෂලා

හීනෙකින්වත් නොසිතූ අයුරින් තම අනුගාමිකයන් තමනට එරෙහි වී ඇත.

එහෙත් වීදි උද්ඝෝෂණ ආරම්භ වීමට බොහෝ කලකට පෙර ගෝඨාභය, මහින්ද සහ මුළු පවුලම මහජනතාවගේ උසුළු විසුළුවලට ලක්ව සිටියහ. ජනතාව කෙරෙහි දැඩි ග්‍රහණයක් තමන්ට ඇතැයි විශ්වාස කළ ආණ්ඩුවට කිසිදාක එතරම් වැරදීමක් සිදුවී නැත.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් විපක්ෂය කරළියට ගෙනෙන්නේ මෙවැනි වටපිටාවක් තුළයි. විශ්වාසභංගයක් ගෙන ඒමේ පිටුපස ස.ජ.බ. හෝ එහි නායකත්වයේ සැබෑ අරමුණු මොනවාදැයි අපි තවමත් නොදන්නෙමු. කෙසේ වෙතත් ඉවතලිය නොහැකි මහා පොළොවේ සත්‍ය වනුයේ සමස්ත රජය කෙරෙහි මෙන්ම පාර්ලිමේන්තුවේ වසර ගණනාවක් පුරාවට තට්ටුමාරු ක්‍රමයට මෙරට ජනතාවගේ විශ්වාසය පළුදු වී භංග වී ඇති බවයි. 

ස.ජ.බේ. අරමුණු හෝ එය පොදු අරමුණක් වෙනුවෙන් ගෙන එන විශ්වාසභංගයක්ද යන සැකසංකා හේතුවෙන් මේ වන විටත් බොහෝමයක් පක්ෂ – විපක්ෂ දේශපාලන පක්ෂ එයට ඡන්දය දීමෙන් වැළකි සිටින බවක්ද පෙනී යයි. කෙසේ වෙතත් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුව එය සැමට පිළිගත හැකි ආකාරයට සංශෝධනය කිරීම සිදුකළ යුතුව ඇත. ස.ජ.බ. මෙය ගෙන එන්නේ ප්‍රධාන

විපක්ෂය ලෙස සද්භාවයෙන් නම් ඔවුන් අදාළ යෝජනාව කථානායකවරයාට භාරදීමට පෙර අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කොට බහුතර කැමැත්ත ලබා ගත යුතුව ඇත. බොහොමයක් පක්ෂවලට එකංඟ විය නොහැකි බවට මැනවින්ම හැඟෙන කරුණු එක් කොට දැන දැනම අදාළ විශ්වාසභංගය පරාජය වන තැනට කටයුතු කොට එහි වගකීම අන් අය මත පැටවීමට සිතා සිටී නම් ස.ජ.බ.ට මතක් කරදිය යුතු වන්නේ පරණ පොත් පෙරළා දැන් අවදි වී සිටින ජනතාව රැවටීමට ලක් කරනු හැකි නොවන බවයි.

අදාළ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන හා ඡන්දයේදී ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රිවරුන්ව ජනතාව හංවඩු ගසනු ඇත. මේ වනවිට ආණ්ඩුවට එරෙහිව බස්නාහිර, දකුණ, ක¾දුකරය, උතුර, නැඟෙනහිර මේ සෑම ප්‍රදේශයකම විරෝධතා ආරම්භ කර ඇති ජනතාව තමන් ඡන්දය ලබාදුන් මහජන නියෝජීතයාගේ වෙස් මුහුණ හ¾දුනා ගැනීමට හැකිවනු ඇත.

මේ සතියේ ගෙන එන විශ්වාසභංගය ආණ්ඩුව පිළිබඳව විපක්ෂයේ ලිට්මස් පරීක්ෂාවක් වනු ඇත.