ආදි මානවයාගේ කාලයේ එනම් දඩයම් යුගයේ සිටම මිනිසා සතුන් ඇති-දැඩි කිරීම ආරම්භ කොට ඇත. එහිදී මිනිසාට මූලිකවම සමීප වූ සත්ත්වයා වූයේ සුනඛයායි. නමුත් කාලයේ ඇවෑමෙන් පසුව අනෙකුත් සතුන්ද ක්‍රම ක්‍රමයෙන් මිනිසා කෙරේ ආකර්ෂණය වීම සිදුවිය. මෙවර Her අතිරේකය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඔබ සුරතලයට ඇති කරන සුනඛයන් පිළිබඳව ඔබ නොදත් කරුණු කාරණා රැසක් පිළිබඳව දැනුවත් කිරීමටයි.
වර්තමානයේදී මිනිසාට හිතවත් සුරතල් සතුන් ගත් කල එය මූලිකවම කාණ්ඩ කිහිපයකට වර්ග කොට දැක්විය හැකියි. ඒ අතරින් අලියා, හරකා, එළුවා, උෟරා වැනි විශාල සිවුපාවුන්ගේ සිට ලේනා, දඬුලේනා වැනි ප්‍රමාණයෙන් කුඩා සිවුපාවුන්, විවිධ මත්ස්යය වර්ග, පක්ෂීන්, උරග විශේෂ, සර්ප විශේෂ ආදී වශයෙන් විශාල පරාසයක් දක්වා සුරතලයට ඇති කළ හැකි සතුන් වර්ග කොට දැක්විය හැකිය. මෙවැනි සතුන් සුරතලයට ඇති කරනවා සේම ඔවුනගෙන් විවිධ ප්‍රයෝජන ලබා ගැනීමද සාමාන්‍යයෙන් සිදුවේ.
නමුත් මෙවැනි සතුන් අතරින් බහුල වශයෙන් සුරතලයට ඇති කරන සත්ත්වයන් වන්නේ බල්ලන් සහ බළලුන්ය. එසේ නම් ලොව තුළ දැනට හඳුනාගත හැකි සුනඛ විශේෂ මොනවාද, එයින් ලංකාව තුළ අපට දැකිය හැකි සුනඛ විශේෂයන් කවරේද, ඒ ඒ විශේෂයට ආවේණික ගුණාංගයන් මොනවාද යන්න පිළිබ¼දව එකින් එකට විස්තර සහිතව දැන් අප පහතින් කියවා බලමු.
දැනට ලෝකයේ සුනඛ විශේෂ (Breeds) 200-300ක් අතර ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ආදිතම විශේෂයන්ද (Old Breeds) සහ නවතම විශේෂයන් (Latest Breeds) වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වර්ග කොට දැක්විය හැකියි. ඒ අතරින් දැනට ලංකාව තුළ
German shepherd
Golden Retriever
Labrador retriever
Rottweiler
Doberman pinscher
Dalmatian
Husky
Pomeranian
Bullmastiff
Boxer
Cocker Spaniel
Ridgeback
Great Dane
Tibetan Mastiff
Pug
Chihuahua
Bull Terrier
English Cocker Spaniel
English bulldog
Basset Hound
Great Dane
American Staffordshire
Dachshund
American Pit Bull Terrier
Belgian Shepherd
Japanese Spitz
Shih Tzu
Tibetan Terrier ඇතුළු අනෙකුත් ටෙරියර් වර්ග
ශ්‍රී ලාංකීය සුනඛයා ආදී විශේෂ හඳුනා ගත හැකියි.
එමෙන්ම නවතම විශේෂ (Latest Breeds) වශයෙන් American bully, Pit-bull හා Cane Corso යන විශේෂ හැඳින්විය හැකිය.
මෙම සුනඛයන් නැවත ප්‍රධාන වශයෙන් කොටස් 03කට බෙදිය හැකියි. එනම්,
1. නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයන් -Family Dogs
2. ආරක්ෂාවට ඇති කරන සුනඛයන් _ Guard Dogs
3. වර්කින් ඩෝර්ග්ස් _ Working Dogs (පොලිසිය ත්‍රිවිධ හමුදාව තුළ වැඩි වශයෙන් හඳුනාගත හැකියි) වශයෙනි.
සෑම වර්ගයකම සුනඛයන් එධපඬඪදඨ ච්ධඨඵ වශයෙන් යොදා ගත නොහැකි අතර එම කර්තව්‍යය සඳහා වෙන්වූ විශේෂ කිහිපයක් ඇත. එනම්,
German shepherd
Cocker Spaniel
Labrador retriever
Poodle
Rottweiler
Husky
Pointer
යන විශේෂ හඳුනාගත හැකියි.
නිවෙසේ සුරතලයට
ඇති කරන සුනඛයන් -ඵ
Family Dogs
උදාහරණ _
Labrador retriever
German shepherd
Shih Tzu
Pomeranian
ශ්‍රී ලාංකීය සුනඛයා
Golden Retriever
Husky
Pugs
Pit-bull
American Pit-bull
Cane Corso
ආරක්ෂාවට ඇති කරන සුනඛයන් (Guard Dogs) උදාහරණ –
Doberman pinscher
German Shepherds
Australian Shepherds
Akita
Bullmastiff
Rottweiler
Pit-bull
Cane Corso
Boxer
Ridgeback විශේෂයන් හඳුනාගත හැකියි.
ඊට අමතරව සුනඛ කළමනාකරණය (Dog Management) අනුවද සුනඛයන් වර්ග කළ හැකියි. එනම් සුනඛයකුගේ උපතේ සිට (Puppy Management) වර්ධන කාලය දක්වාත්, ඉන්පසු තරුණ අවිධියේ සිට වැඩිහිටි අවධිය දක්වාත්, වැඩිහිටි අවධියේ සිට මහලු අවධිය දක්වාත් ඔවුන්ව රැකබලා ගත යුතු ආකාරය අදාළ Breed එක අනුව වෙනස් වේ.
උදාහරණ වශයෙන් එය පහත පරිදි වර්ග කොට දැක්විය හැකියි.
1. Small Breed – කුඩා සතුන්
කුඩා සතුන් (Small Breed) ගේ අවශ්‍යතාවන් අන් විශේෂවලට වඩා වෙනස් වේ. ඔවුනට කුඩා කෑම ප්‍රමාණයක් ලබා දිය යුතු අතර විටමින් වර්ගද ඉතා අඩු ප්‍රමාණයන්ගෙන් ලබා දිය යුතුයි. විටමින් වර්ග නොදුන්නද වර්ධනයෙහි ගැටලු ඇති නොවේ.
උදාහරණ –
Pomeranian
Chihuahua
Pug
Maltese dog
Yorkshire terrier
Toy Poodle
Shih Tzu
Papillon
Havanese
Japanese chin
Dachshund
Havanese
Cavalier King
Charles Spaniel
Pekingese
French bulldog
2. Middle Breed
මධ්‍යම ප්‍රමාණයේ සතුන්
මධ්‍යම ප්‍රමාණය වන විට ඉහත අවශ්‍යතාවන් වෙනස් වේ. කිලෝ 20ට සහ ඊට අඩු බර ප්‍රමාණයක් සහිත සුනඛයන් මීට අයත් වේ.
Pug
ශ්‍රී ලාංකීය සුනඛයා
Dalmatian
Doberman
Boxer
3. Large Breed
විශාල ප්‍රමාණයේ සතුන්
කිලෝ 35-40ට වැඩි සතුන් මේ ගණයට අයත් වේ.
Great Dane
Bullmastiff
Cane Corso
Rottweiler
German shepherd
Labrador
Belgian Shepherd
Pit-bull
American Bully
මෙම Pit-bull, American Bully වර්ග දෙකද ශරීර ප්‍රමාණය අනුව එනම් Medium, XL, Double XL ආදී වශයෙන් නැවත වර්ග කිරීමක් සිදුවේ.
දිනූෂා මනෝරි නිශ්ශංක