දිය පහරට හසුවී මියගිය හත් හැවිරිදි ශිවකුමාර් සමරා දානයක්

0
24

ඇල්පිටිය – ගයාන් ගුණසේකර

ඇඹලෙගෙදර, ඉන්‍ෙදාළේ දිය පහරකට හසුවී මියගිය නෙළුව ඇඹලෙගෙදර පදිංචිව සිටි 07 හැවිරිදි ශිවකුමාර් දර්ශනගේ නිවෙසට ගොස් එම දරුවාගේ සත් දවසේ දානය සඳහා ආධාර කිරීමට කොළඹ, මාලඹේ පදිංචි අශෝකා දිසානායක මහත්මිය කටයුතු කළාය.

“නෙළුවෙන් ඇසෙන නූතන පටාචාරා කතාවක්” යනුවෙන් අප්‍රේල් 11 වැනිදා “මව්බිම” පුවත්පතේ  පළවූ එම දුක්මුසු පුවත දැක ඉතා කම්පාවට පත්වූ කොළඹ මාලඹේ ප්‍රදේශයේ පදිංචි සමාජ සේවිකාවක් වූ අශෝකා මහත්මිය එදිනම එම පුවත්පත් කාර්යාලයට කතා කොට විස්තර විමසා ඇත. පුවත ලියූ මාධ්‍යවේදියා මඟින් එම පවුල හමුවී වියළි ආහාර මල්ලක් සහ මියගිය ශිවකුමාර්ගේ සත් දවසේ දානය පිරිනැමීමට අවශ්‍ය දේ ගැනීම සඳහා රුපියල් දසදහසක මුදලක් පරිත්‍යාග කළාය. ශිවකුමාර්ගේ සත් දවසේ දානය යෙදී තිබුණේ අප්‍රේල් 15 වැනිදාය.

ශිවකුමාර්ගේ පවුල හින්දු ආගම අදහන අය වුවද ශිවකුමාර් බෞද්ධාගම කෙරෙහි බෙහෙවින් ඇල්මක් දැක්වීය. එබැවින් ඔහුගේ සත් දවසේ බණ සඳහා භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවීමටත්, දහවල් දානය ගමේ පන්සලට පිරිනැමීමටත් එම පවුලේ උදවිය කටයුතු කළේය.

ශිවකුමාර්ගේ පවුලේ ඔහු සමඟ දරුවන් හතර දෙනෙකි. අක්කලා දෙදෙනෙක් සහ නැඟණියකි. මෙම පවුල නෙළුව, ඇඹලෙගෙදර ප්‍රදේශයේ වත්තක නිවෙසක ජීවත් වූහ. මවුපියන් කම්කරුවන් ලෙස සේවය කළ අතර ඉකුත් 09 වැනි දින වෙනත් වත්තක සේවය සඳහා යෑමට සූදානම් වී සිට ඇත. එදින ප්‍රදේශයට පැවැති අධික වැස්ස නිසා   ඉන්ගල්‍ෙදාළ පිටාර ගැලීමෙන් ඔවුන් යායුතු වූ මාර්ගය හරහා දියපහර වේගයෙන් ගලායමින් තිබී ඇත. ශිවකුමාර්ගේ මව වූ කුමාරි දරුවන් දෙදෙනකු මෙම ගලායන දියපහරෙන් එගොඩ කර තබා අනෙක් දරුවන් දෙදෙනා රැගෙන යෑමට මෙගොඩට පැමිණ ඇත. ඇය අනෙක් දරුවන් දෙදෙනා රැගෙන එහි යද්දී ශිවකුමාර් එහි සිට නැත. ඔහු ගලායන දියපහරට හසුවී ගසාගෙන ගොස් තිබිණි. පසුව නෙළුව පොලිසිය හා ප්‍රදේශවාසීන් කළ සොයාබැලීමේදී සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි ප¾දුරක රැඳී තිබී ශිවකුමාර්ගේ නිසල සිරුර හමුවී ඇත.