ගාලු මුවදොර අරගල බිමේදී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විශේෂ ප්‍රකාශයක්

0
42

වෘත්තීයවේදීන්ගේ කාර්යයන් සඳහා දේශපාලනමය ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන්ට නිදහසේ වැඩ කිරීමට අවශ්‍ය වාතාවරණය සැලසිය යුතු බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ගාලු මුවදොර පිටියේ ස්ථාපනය කර ඇති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

ගෙවුණු වසර ගණන තුළ දේශපලනඥයින් කටයුතු කළේ රට දියුණු කිරීමට නොව ඔවුන්ගේ ශුභසිද්ධිය සහ පෞද්ගලික වාසි සඳහා බව ද ඔහු එහිදී පැවසීය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ විජේවික්‍රම මහතා… 

“අපි මෙතෙනට පැමිණියේ වෘත්තිකයින් විදිහට ඉදිරි අනාගතයේ හොඳ රටක් බිහි කිරීම සඳහා අපගේ දායකත්වය උපරිම ආකාරයෙන් ලැබෙන බව ප්‍රකාශ කරන්න. 

ඒ දායකත්වය ලැබීම සඳහා අවශ්‍ය දේශපාලනමය හා සමාජමය වාතාවරණය සකස්විය යුතු යි. 

පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ දැක්කේ රටේ දේශපලනඥයින්, පාලකයින් වැඩ කළේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩි තර කර ගැනීම සහ ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා වෘත්තීයවේදීන්ගේ කාර්යයන් සඳහා දේශපාලනමය ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන්ට නිදහසේ නිවහල්ව වැඩ කරගෙන යාමේ ඉඩකඩ සලසාදිය යුතු යි යන මතය තමයි අපි සියලු දෙනා ම ඉන්නේ.

එහෙම කළහොත් අද තියෙන අරගලකාරී තත්ත්වය ත් සමග ඇති වන සමාජීය හා දේශපාලනමය වෙනස්කම් මතින් අපිට ඉදිරියේ සාර්ථක ශ්‍රී ලංකාවක් ගොඩනගන්න හැකියාවක් ලැබෙයි.