කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය දුන් නියෝගය

0
43

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම මැයි මස 2 වන දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 18) නියෝග කළේ ය.

එමෙන් ම, එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත යළි සිතාසි නිකුත් කළේ ය.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.

ඒ අනුව, ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික පැමිණිල්ලක් යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබී ය.