ආනන්තරීය පාප කර්මයක්!

0
44

මූතූර් පොලිස් වසමේ පාලතඩිව්චේන, තෝපූර් ප්‍රදේශයේදී පුතා විසින් පියාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කරනු ලැබ තිබේ.

මරණකරු වයස අවුරුදු 59ක් වූ තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමට නියමිතව ඇත.

පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 30ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.