මුහුදු පතුලේ සැඟවුණු හෙරක්ලියෝන් නගරය

0
551

හෙරක්ලියෝන් – මිසර ශිෂ්ටාචාරය
ඒ ආකාරයට ජලයෙන් යටවූ ඉපැරැණි දේවස්ථානයක නටබුන් ඊජිප්තුවේ උතුරු වෙරළට ඔබ්බෙන් “ඊජිප්තු අත්ලාන්තිසය” යනුවෙන් හැඳින්වෙන සාගර කලාපයෙන් හමුවී ඇත. වසර 1200කට පමණ පෙර මෙම නගරය සාගර ජලයෙන් වැසී ගොස් ඇති බව පුරාවිද්‍යාඥයන් සැක පහළ කරයි.


ක්‍රි.ව. 2000දී එය සොයා ගනු ලැබීමෙන් පසු සාගර පුරාවිද්‍යාඥයන්ට එහි නව ජනපද‍ මතු කර ගැනීම සඳහා පුළුල් ගවේෂණයක යෙදෙන්නට සිදුවිය. ඉතාම මෑතකදී කරන ලද එවැනි ගවේෂණයකදී ජලයෙන් යටවූ ඉපැරැණි දේවස්ථානයක නටබුන්, තඹ කාසි හා ස්වර්ණාභරණ රැසක් සහිත ජල යාත්‍රාවක්ද‍ සොයාගැනීමට ඊජිප්තු හා යුරෝපා කිමි¾දුම්කරුවන්ට හැකි විය.


මෙහිදී සැබැවින්ම ග්‍රැනයිට් පාෂාණවලින් නිර්මිත වත්මන් මිසරයේ ප්‍රතිමාවලට සර්වසම ප්‍රතිමා ආදියද හමුවිය. ඒ අනුව මෙය පාරාවන්ගේ ගිලුණු නගරයක් විය හැකි බවට අනුමාන කෙරිණි. පසුව ඒ සඳහා හෙරක්ලියෝන් යැයි නම් තබන ලදී.
සහමුලින්ම විනාශ වී ඇති එම දේවස්ථානයේ කොටසක් ඉතා සංකීර්ණ ස්කෑන් උපකරණ මඟින් හ¾දුනාගැනීමට ඔවුහු සමත් වූහ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි හා හතරවැනි සියවස්වලට අයත් කුඩා ග්‍රීක දේවස්ථානයක නටබුන් හා මැටි බ¾දුන් රැසක්්ද‍ මෙහිදී හමුව ඇත.


මෙහි තිබී හමුවූ තඹ කාසි ක්‍රි.පූ. 283 – 246 කාලයේ සිටි දෙ‍වැනි ටොලමි රජුයේ යුගයට අයත්ය. හෙරක්ලියෝන් නගරය ආසන්නයේ සාගර ජලයෙන් යටවුණු කැනාවිස් නමැති ජනපදයේ සිතියමක් සකසා ගැනීමටද‍ පුරාවිද්‍යාඥයන්ට හැකි විය. නගරය තුළ සැතපුමකින් තුනෙන් දෙ‍කක් පමණ පෙදෙ‍සක විසිරුණු ගොඩනැඟිලි කිහිපයක නටබුන් හා ඒ අතර වූ තඹ කාසි රැසක් මෙන්ම මුදු හා කනකාභරණ ඇතුළු රන් ආභරණ කිහිපයක්ද‍ සොයාගෙන ඇත.


මෙහිදී හමුවුණු එම කලාත්මක භාණ්ඩ ක්‍රිස්තු පූර්ව 305-30 ද‍ක්වා කාලයේ පැවැති ටොලමි රාජ්‍ය සමයත් ක්‍රිස්තු වර්ෂ 330දී ආරම්භ වුණු බයිසන්ධයන් අධිරාජය සමයත් අතර කාලයට අයත් යැයි ගවේෂකයයෝ විශ්වාස කරති. මෙම සාගර කලාපය තුළ ගිලී තිබුණු නැව්වලින් කිහිපයක්ද‍ ගවේෂකයන්ගේ පරීක්ෂාවට ලක්වූ අතර ඒවායේ තිබී මැටි බ¾දුන්, කාසි හා රන් ආභරණ හමුව ඇත.


ඒවා ක්‍රි.පූ. හතර වැනි සියවසට අයත් යැයි සැලකේ. ක්ලියෝපැට්රා අනුස්මරණය කරන දේවස්ථානය පිහිටි හෙරක්ලියෝන් නගරය, අබෝකර් බොක්ක නමින් වර්තමානයේ හැඳින්වේ. තවද මෙම ස්ථානය සාගර කලාපය තුළ ගිලී යන්නට පෙර මධ්‍යධරණී කලාපයේ ඉතා වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස තිබෙන්නට ඇති බවද කියැවේ.


අතීත හෙරක්ලියෝනය පිළිබඳ තොරතුරු බිඳක්
ඊජිප්තු හා ග්‍රීක නම්වලින් හැඳින්වූ තෝනිස් – හෙරා ක්ලියෝන් අවුරුදු 1200කට පෙර සාගර ජලයෙන් සහමුලින්ම වැසී ගියේය. ක්‍රි.පූ. 331දී ඇලෙක්සැන්ඩ්‍රියා නගරය බිහිවන්නට කලින් ග්‍රීක රටවලින් ඊජිප්තුවට පැමිණි සියලුම නැව් මෙම නගරය හරහා යා යුතුව තිබිණි. එකල මේ නගරයට මහත් කීර්තියක් හා සමෘද්ධිමත් සමයක්ද‍ උදා වී තිබිණි. මෙහි වූ “අමුන්” දේවස්ථානය නිසා ආගමික අඛණ්ඩතාව හා රාජ පරම්පරාව සමඟ ආගමික අඛණ්ඩතාවද හොඳින් පැවැතුණි.


ක්‍රි.පූ. 8 වැනි සියවසේදී නිමවුණු මේ නගරය වරින්වර විනාශ වුවත් සහමුලින්ම විනාශ වී ගියේ ක්‍රි.ව. 6 වැනි සියවසේදීය. ආචාර්ය ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ ක්‍රි.ව. 2000 දී සොයා ගන්නා විටත් මේ පිළිබඳ කිසිදු සඳහනක් නොවීය. මානව සංහතියේ මතකයන් අතර එම නාමය සහමුලින්ම මැකී ගොස් මිථ්‍යාවක් වූ ස්ථානයක් පමණක් බවට පත්විය.


එහෙත් පැරණි ශාස්ත්‍රීය පොත් කිහිපයකත් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද දුර්ලභ ලේඛන කිහිපයකත් “හෙරක්ලියෝන්” නාමය සඳහන්ව ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති. “හෙරක්ලස්” නමැති සුප්‍රකට වීරයා පය තැබූ තැන ඉදිකරන ලද‍ මහා දෙවොලක් පිළිබඳව කරුණු ක්‍රි.පූ. 5 වැනි සියවයසේදී හෙරඩෝටස් නමැති ග්‍රීක ඉතිහාසඥයා ප්‍රකාශ කර ඇත. ට්‍රෝජන් සංග්‍රාමයට කලින් “හෙලන්” නමැති කාන්තාව ඇගේ පෙම්වතා හාරිස් සමඟ හෙරක්ලියෝන් නගරයට පැමිණ ඇති බවඳ එම ඉතිහාසඥයා ස¼දහන් කර ඇත.
හෙරක්ලස් දේවස්ථානය පිහිටි හෙරක්ලියෝන් නගරය නයිල් ගඟේ කැනොපික් අතු ගඟේ මුවදෙ‍ාරට නැඟෙනහිරින් පිහිටි කැනොපස් නගරයටද‍ පිහිටි බව ඊජිප්තු ඉතිහාසඥ ස්ට්‍රැබෝ ප්‍රකාශ කර ඇත.


මෙයින් දෙ‍ාළොස් අවුරුද්ද‍කට ප්‍රථම සාගර පුරාවිද්‍යාඥ ආචාර්ය ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ 18 වැනි සියවසේ ඇතිවූ නයිල් සටනේදී ගිලුණු ප්‍රංශ නැව් සොයනු පිණිස ඊජිප්ත්තු වෙරළ තීරයෙහි සෝදිසියක යෙදී සිටියදී ඔහුට නැතිවූ නගරයෙහි තිබුණු කාසි හා රන් භාණ්ඩ අහම්බෙන් හමුවිය. වසර ද‍හසකටද වැඩි කාලයක් තිබිණි ද‍ැයි සැලකෙන හෙරක්ලියෝන් නගරයේ ජන ජීවිතය කෙබ¾දුද‍ යන්න පිළිබඳ යම් ආකාරයක චිත්‍රයක් එයින් මවාගත හැකි යැයි ගවේෂකයෝ පවසති.


මෙම නගරය පිළිබඳ කරුණු ඇතැම් ශාස්ත්‍රීය පොත්පත් තුළ සඳහන් වූ නමුත් 2000 වසරේදී එය සිතියමකට නැඟෙන තෙක්ම අබුකර් බොක්කේ සැඟව තිබිණි. පරික්ෂක ගොඩ්ඩියෝ පවසන පරිදි මුලදි “තෝනිස්” නගරය ලෙස හැඳින්වූ “හෙරක්ලියෝන්” සිතියම් ගත කිරීමට පර්යේෂකයන්ට වසර 4ක් ගත විය. සිතියම සම්පූර්ණ කිරීමට සිදු වූයේද කැණීමෙන් දශකයකට පසුවය.

නගරය යට වීමට හේතුව කුමක්ද‍ යන්න සෙවීමට ගොඩ්ඩියෝගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණු පරීක්ෂක කණ්ඩායමට මෙතෙක් නොහැකි වී ඇත. නමුත් වත්මන් විද්‍යාත්මක නිගමනය වූයේ අස්ථාවර මඩ ස්තරයක් මත නගරය ඉදිකොට තිබෙන්නට ඇති බවත් මුහුදු ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එකවර සමස්ත නගරයම අඩි 12ක් පමණ මුහුදු ජලයට යට වන්නට ඇති බවය.


නමුත් එවැන්නක් එකවර පිළිගත නොහැක්කේ ග්‍රැනයිට් වැනි ඉහළම ද‍ෘඪ පාෂාණවලින් ද‍ැවැන්ත විස්මිත ඉදිකිරීම් කරන්නට ද‍ැනුම තිබූ පාරාවන් මඩ ස්තරයක් මත අධි ස්කන්ධ සහිත ඉදිකිරීම් කරන්නට තරම් අඥාන වන්නේද‍ යන්නයි.

මක්නිසාද‍යත් වර්තමානයේ පවා මඩ සහිත භූමිවල පාලම් හා ගොඩනැඟිලි වැනි කුඩා ක්ෂේත්‍රඵලයක වැඩි බරක් පොළොවට දරන ඉදිකිරීම් කිරීමට එතරම් පෙලඹෙන්නේ නැත. හොඳම උද‍ාහරණය දක්ෂිණ අධිවේගී මාර්ගයේ බොහෝ කොටස් වෙල් යායවල් මතින් ඉදිවී ඇති අතර කොන්ක්‍රීට් කුලුනු යොද‍ා ගෙන නොමැත.
ඒ අනුව ගොඩ්ඩියෝ 2013දී “ටෙලිග්‍රාෆ්” පුවත්පතට පවසා තිබුණේ තවමත් මූලික අදිරේ පරීක්ෂණ පමණක් තිබෙන නිසා සමස්ත ගවේෂණයක් කිරීමට වසර
200ක් වත් ගත විය හැකි බවය.

රවි¾දු බණ්ඩාර