මනෝකාය සහ මරණාසන්න අත්දැකීම් ගැන ඇත්තම කතාව මෙන්න

0
671

සායනික මරණය තුළ හෘදවස්තුවේ ක්‍රියාකාරිත්වය හා රුධිර සංසරණ ක්‍රියාකාරිත්වය ඇනහිටියි. මිනිත්තු 5-6 කාලය තුළ යම් ප්‍රතිකර්මයක් මඟින් නැවත එම ක්‍රියාකාරිත්වයන් හට පණ පෙවිය හැකි නම් මොළය මිය යා නොදී එය යළි පණ පෙවිය හැකිය. එනම් යළි ජීවිතය උදාකර දිය හැකිය.

මේ කෙටි සංක්‍රාන්ති මොහොතේ පසුවන කෙනෙකුට, “මරණාසන්න අත්දැකීම්” නම් වූ මායා දර්ශනයන් පෙනෙනවා සේ සංජානනය වෙයි.
එහෙත් ජෛව විද්‍යාත්මක මරණයක් සිද්ධ වූ පසුව ඒ තැනැත්තා හට යළි ප්‍රාණය ලබාදිය හැකි ප්‍රතිකර්මයක් තවම අපට නැත.


Out of Body Experiences (OBEs) and Near Death Experiences (NDEs)
සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් සියයට 10ක් (එනම් දස දෙනෙකුගෙන් එක් අයෙකු) පමණ තම ජීවිතයේ කිනම් අවස්ථාවකදී හෝ මෙවැනි ‘අත්දැකීමකට’මෙවන් සංවේදනාවකට භාජන වී ඇති බව පෙනේ.

ඉහත ‘අත්දැකීමකට’ යන්න විශේෂයෙන් උද්ධෘත කොට සඳහන් කළේ, මෙය ඇත්තෙන්ම යථාර්ථයේ ලබන අත්දැකීමක් හෙවත් භෞතිකව ලබන අත්දැකීමක් නොවන බැවිනි. එය ඔවුන් ලබන සිහිනයක් බ¾දු සංඥා මාත්‍රයක් පමණක් වන හෙයිනි. මායාමය අත්දැකීමක් වන හෙයිනි.


තම භෞතික ශරීර ස්කන්ධයෙන් මිදී, ඊට ඉහළින් පාවෙමින් සිට, තමන්වමද ඒ අවට සෙසු සිදුවීම්ද ‘දකිමින්’ සිටි බවක් ඒ අත්දැකීම ලද ඔවුන්ගෙන් කියැවෙනවා. සමහර එවැනි ‘අත්දැකීම්’ හදිසි හෙවත් Spontaneous OBEs වෙයි. එනම් නින්දට වැටෙන අවස්ථාවකදී හෝ හදිසියේ නින්දකින් අවදි වන අවස්ථාවකදී මෙවැන්නක් සිදුවිය හැකිය.

  1. මෙවන් ‘අත්දැකීමකට’ කෙනෙකු භාජනය වීමට පසුබිම් වන තත්ත්වයන් මොනවද?
    අ) භාවනා කරන විටකදී,
    (එවිට ඔවුන් එය තේරුම් ගන්නේ තමන් යම් ධ්‍යාන අවස්ථාවකට එළඹුණා යැයි කියාය.)
    ආ) මරණීය නොවූ අනතුරකින් දිවි ගලවාගත් අවස්ථාවකදී,
    ඇ) ශල්‍යාගාරයකදී නිර්වින්දන ඔෟෂධ ලබාදී, නිර්වින්දනයට භාජන වූ අවස්ථාවකදී,
    (අතීතයේ භාවිත කළ Ketamine – කෙටමින් නම් පැරණි නිර්වින්දක ඔෟෂධය දුන් අවස්ථාවලදී මේ තත්ත්වය බහුලව වාර්තා විණි.)
    අෑ) මෝහනයට ලක්වන අය හට,
    ඉ) දරු උපතක් සිදුවන අවස්ථාවකදී,
    ඊ) දියේ ගිලෙන්නට ගොස් හුස්ම සිරවූ අවස්ථාවලදී,
    උ) ප්‍රථමවරට රාත්‍රි වැඩ මුරයක හුදෙකලාව කටයුතු කරන්නට සිදුවූ අවස්ථාවකදී,
    උෟ) LSD, DMT, MDA, ගංජා වැනි, මනෝ භ්‍රාන්තිය උපදවන මත්ද්‍රව්‍ය
    ( Hallucinogenic drugs) භාවිතයේදී,
    එ) ගුවන් නියමුවන්, අභ්‍යවකාශගාමීන් තමන්ට සුපුරුදු ගුරුත්ව බල ක්ෂේත්‍රයෙන් වෙනස්ව ක්ෂණිකව වේගවත් උඩු ගුවන්ගත වීමක් සිදුවන අවස්ථාවලදී, – හෙවත් Spatial Disorientation තත්ත්වයකදී,
    (මෙවැනි විටකදී මොළයේ ඉතා කුඩා කේශ නාළිකාවකින් සිදුවන සුළු රුධිර වහනයක් නිසාද මෙවැන්නක් සිදුවිය හැකිය.)
    ඒ) අධික වධ බන්ධනයකට ලක්වූ අවස්ථාවකදී
    (මෙහිදී මොළයට හෝ ස්නායු පද්ධතියට සිදුවන භෞතික හානියක් නිසා මෙන්ම එවන් විටක සිදුවන බිය/වේදනාව හා තදබල මානසික කම්පනයක් නිසා ද මෙවැන්නක් සිදුවීමට ඉඩ ඇත.)
    ඕ) වකුගඩු රෝගීන්ද මෙවන් ‘අත්දැකීම්’ ලද බවට වාර්තා වෙයි.
  2. මෙවන් මායාමය දර්ශනය වීමක් නිසා, නැත්නම් මනෝ භ්‍රාන්තිමය තත්ත්වයක් නිසා සමාජීයව මතුවන ගැටලුව කුමක්ද ?

  3. මෙම (OBE හා NDE යන මානසික ගැටලුකාරී) තත්ත්වයන්,
  4. මරණින් මතු ජීවිතයක් ඇති බවට සාක්ෂියකි;
  5. ආත්මය නම් අභෞතික, දිව්‍යමය (Spiritual) යමක් ඇත යන්නට සාක්ෂියකි;
  6. මනුෂ්‍ය ශරීරය, භෞතික ශරීරය හා මනස යනුවෙන් ආකාර දෙකකින් සමන්විත බවට වන සාක්ෂියකි;
    1v. ආගමික විශ්වාසයන්ට සාක්ෂියක් ලෙස වැරදි අර්ථ නිරූපණයකට යොදා ගැනීම අපට නොයෙක් විට අසන්නට ලැබෙනවා.

  7. මෙම තත්ත්වය නිවැරදිව විග්‍රහ කොට ගැනුමට, මනෝ වෛද්‍ය විද්‍යාත්මක හා ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකොට ඇත. ඉදිරියටත් එවැනි පර්යේෂණ සිදු කෙරෙනු ඇත.
    2014දී සිදුකළ පර්යේෂණයකදී, රෝහල් කිහිපයකින් හා හෘද අකරණියට (Cardiac arrest) බ¾දුන්වී දිවි ගලවා ගැනීමට සමත්වූ අය සම්මුඛ පරීක්ෂණයට භාජන කොට තොරතුරු ලබාගෙන ඒවා සායනික හා මනෝවෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක්කොට, මේ තත්ත්වය සම්බන්ධ විද්‍යාත්මක දැනුම වර්ධනය කර ගෙන ඇත.

  8. OBE හා NDEයන මානසික ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි අවස්ථා පෙර පරිදි හ¾දුනාගෙන එවන් තත්ත්වයකට මුහුණ දෙන රෝගීන්ගෙන්, යම් ආකාරයක සිරුරින් බැහැර (මනෝ කාය) තත්ත්වයකට හෝ මරණාසන්න අත්දැකීමකට (OBE හා NDE තත්ත්වයකට) තමන් මුහුණ පෑවේද කියා ඔවුන්ගෙන් විමසා සිටින ලදී.
    කෙසේමුත් අවසානයේ එවන් තත්ත්වයක් ‘දර්ශනය’ වූ බව ප්‍රකාශ කළේ දෙදෙනකු පමණි.
    මෙම පර්යේෂණයේ සායනික අවස්ථාවේදී, යම්කිසි අයුරකින් තම ශරීරයෙන් ‘ආත්මය’ නික්ම ගියා යැයි ප්‍රකාශ කළහොත් එවැන්නක් ග්‍රහණය කර ගැනීමට සුක්ෂ්ම මෙවලම්ද අටවා තිබිණි.
  9. මෙහි අදහස වූයේ යම් භෞතික හෝ තරංගමය යමක් බැහැර වුණිද යන්නට එය සාක්ෂියක් වශයෙනි. එහෙත් එසේ දර්ශනය වී යැයි ප්‍රකාශ කළ රෝගීන් දෙදෙනාට අදාළව පවා කිසිවක් මෙම උපකරණ තුළින් සටහන් නොවීය.

  10. ස්නායුවේද විශේෂඥ Wilder Penfield විසින් අපස්මාර රෝගියකුගේ මොළයේ Right Temporal lobe කොටස වෙත බාහිරින් උත්තේජනයක් ලබාදුන් විට රෝගියා “ඕ .. දෙවියනි, මම මගේ ශරීරයෙන් ඉවත් වෙනවා!” යි ප්‍රකාශ කොට ඇත. (අපස්මාර රෝගය යනු මොළය ආශ්‍රිත රෝගී තත්ත්වයකි)
    2002දී ස්විස් විද්‍යාඥ කණ්ඩායමක් මෙවැනිම පර්යේෂණයකදී, අපස්මාර රෝගියකුගේ මොළයේ Parietal lobe හා Temporal lobe යන කොටස් මුණගැහෙන Right angular gyrus වෙත දුර්වල විද්‍යුත් ධාරාවක් යොමු කළා. එවිට එම රෝගියා “මා ඉහළක සිට පහළට වැටෙන බවක් දැනුණා” යි ප්‍රකාශ කළා.
    අනතුරුව ඒ රෝගියා හට මොළයේ පෙර කී ස්ථානයට යළිත් වතාවක් පෙරට වැඩි විද්‍යුත් ධාරාවක් යොමු කළා. අනතුරුව ඔහු ප්‍රකාශ කළේ, “මම ඇඳ මත වැතිර සිටින ආකාරය ඉහළ සිට දුටුවා. ඒත් මගේ ශරීරයේ පාද කොටස පමණයි දුටුවේ” ලෙසයි.

  11. මෙවැනි පරීක්ෂණවලින් බොහෝ දුරට එළිවන්නේ මිනිසාගේ මොළයේ Right angular gyrus නම් කොටස වෙත කරනු ලබන යම් උත්තේජනයක් හෝ උද්දීපනයක් හේතුවෙන් ඇතිවන සංඥා ව්‍යාකුලත්වයක් මෙවැනි මායාමය දර්ශනයකට (OBE හා NDE තත්ත්වයකට) හේතුව වන බවයි. (අපගේ මොළයේ එක් එක් කොටස් වෙත පැවරී ඇති කාර්යයන් එකිනෙක වෙනස්ය. මතකයට අදාළ කොටසට යම් හානියක් සිදුවුවහොත් ඔහුගේ අනෙකුත් ක්‍රියාකාරිත්වයන්ට ගැටලුවක් නොවී එහෙත් මතකය අකර්මණ්‍ය වනු ඇත. අංශ භාග තත්ත්වයේදී, මොළයේ එක් කොටසකට හානිවීම නිසා ඒ කොටසින් පාලනය වන ශරීර ක්‍රියාකාරිත්වය-ශරීර අවයව- අඩපණ වන ආකාරය අපි දනිමු.)
    ඒ අනුව මොළයේ අදාළ කොටසට,
  12. යම් විද්‍යුත් උද්දීපනයක් ලබාදුන් විට,
  13. ඔෟෂධ හෝ LSD වැනි මත්ද්‍රව්‍ය හෝ වෙනත් රසායනික යමක් මඟින් උත්තේජනයක් ලබා දුන්විට,
  14. (මොළයේ එම කොටසට) යම් අනතුරක් සිදුවූ විට එසේත් නැත්නම් බලවත් මානසික කම්පනයක් ඇතිවූ විට,
  15. භාවනාව හෝ එවැනි ඒකාකාරී මානසික අභ්‍යාසයක් හේතුවෙන් හෝ එසේත් නැත්නම් දිගුකාලීන පීඩාකාරී මානසික යොමුවකින් (සිදුවිය හැකි ස්නායු සන්නිවේදනයේ ව්‍යුහගත වෙනස් වීමකින්)
    මෙලෙස මොළයට හෝ ස්නායු පද්ධතියට (වඩාත් නිවැරදිව Right Temporal lobe කොටසට හෝ Right angular gyrus කොටසට) සිදුවන රසායනික හෝ භෞතික බලපෑමක් හේතුවෙන් OBE හා NDE වැනි මායාමය භ්‍රාන්තිමය තත්ත්වයකට කෙනෙකු භාජනය විය හැකිය.

තාරක වරාපිටිය