පෘථිවිය තීයාගෙන් බේරුණේ කොහොමද?

0
558

ගුරුත්වාකර්ෂණය හා අඩු උෂ්ණත්වය හේතුවෙන් දූවිලි වලාවන් හා විවිධ පදාර්ථ එකතු වී ප්‍රමාණයෙන් විශාල වීමට පටන් ගත්තා. මෙලෙස නිර්මාණය වූ වස්තුවක ස්කන්ධය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ අතර ඇතුළත ඇති වන අධික උණුසුම සහ පීඩනය නිසා hydrogen විලයන ප්‍රතික්‍රියාව ආරම්භ වනවා. මෙය තරුවක් නිර්මාණය වන ප්‍රධාන ආකාරයයි. සූර්යයා බිහිවීමත් සමඟම ඒ හා අවට ඇති විවිධ පදාර්ථ හා ඝන දූවිලි වලාවන්වලට විශාල ශක්තියක් නිදහස් වීමට පටන් ගත් අතර සූර්ය ශක්තියේත් අධික ගුරුත්වයේත් බලපෑම නිසා ඒ හා අවට තිබූ දූවිලි වලාවන් එකට කැටි වන්නට පටන් ගත් නිසා විවිධ ග්‍රහලෝක ඇති වුණා. මෙලෙසයි පෘථිවිය සහ ඒ අවට ඇති සෑම ග්‍රහලෝකයක්ම නිර්මාණය වුණේ. එමෙන්ම මෙලෙස නිර්මාණය වූ ඝනත්වයෙන් වැඩි ග්‍රහලෝක සූර්යයාට ළඟින් කක්ෂගත වූ අතර දැවැන්ත වායු ග්‍රහලෝක සූර්යයාට අෑතින් කක්ෂගත වීම සිදු වුණු අතර වසර බිලියන 4.5කට පෙර ප්‍රථම වරට පෘථිවිය නිර්මාණය වුණා. පෘථිවිය නිර්මාණය වූ මුල් කාලයේදී බුධ සිකුරු අඟහරු පාරක් පෘථිවිය අතර ලොකු වෙනසක් නොතිබූ නමුත් වසර මිලියන 20-50ත් අතර කාලයකදී එය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන් ගන්නට ඇති බව විද්‍යාවට අනුව සලකනු ලබනවා.

පෘථිවිය සහ තීයා අතර ඇති සම්බන්ධය

සෞරග්‍රහ මණ්ඩලය සහ පෘථිවිය නිර්මාණය වූ කාලයේදීම තවත් එක් කුඩා ග්‍රහයෙක් නිර්මාණය වී තිබුණා. මේ පුරාණ ග්‍රහවස්තු හ¾දුන්වන්නේ තීයා යන නමින්. මේ පුරාණ ග්‍රහ වස්තුව හිරුට සැතපුම් මිලියන 93 අෑතින් තිබූ බවයි විද්‍යාවෙහි සලකන්නේ. අභ්‍යවකාශයේ තිබූ අධික දූවිලි ස්වභාවය නිසා තීයා අඟහරු තරම් ක්‍රමයෙන් විශාල වීමත් සමඟ පෘථිවියේ තිබූ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ අවට කක්ෂගත වූ අතර වසර බිලියන 4.5කට පෙර තීයා සහ පෘථිවිය ගැටුණා. සැබවින්ම අඟහරු වැනි දැවැන්ත විශාලත්වයකින් සහ ස්කන්ධයකින් යුතු ග්‍රහයෙක් පෘථිවියේ ගැටුණා නම් එය පෘථිවියේ අවසානය වන්නට තිබුණා. මෙවැනි ග්‍රහයන් ගැටී බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන් වටා ඇති ග්‍රහක වළලු නිර්මාණය වූ බවයි සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ. නමුත් ඇත්තටම පෘථිවිය බේරුණේ කොහොමද?

ඇත්තටම පෘථිවිය බේරුණේ කොහොමද?

සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා ග්‍රහයන් කක්ෂගත වන්නේ අධික වේගයකින් බව අපි දනිමු. අෑත ස්ථානයක සිට වේගයෙන් පැමිණෙන වස්තුවක් පෘථිවියෙහි ගැටෙනවා නම් එහි වේගය තත්පරයට කිලෝමීටර සිය ගාණක් වන්නට පුළුවන්. විශ්වයේ අෑත ස්ථානයක සිට වේගයෙන් ආ තීයා හරියටම පෘථිවියෙහි ගැටුණා නම් එයින් පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ වන බව මේ ලිපිය කියවන ඔබට වුණත් තේරෙනවා ඇති.

නමුත් සිදුවුණේ ඊට වඩා වෙනස් දෙයක්. තීයා පෘථිවිය හා ගැටෙන අවස්ථාවේදීත් එහි වේගය තිබුණේ තත්පරයට කිලෝමීටර 4ක්් වැනි සාපේක්ෂව අඩු අගයකයි. තීයා සම්පූර්ණයෙන්ම පෘථිවියේ ගැටෙනවාට වඩා අංශක 45කට ආසන්න කෝණයකින් පෘථිවිය හා තීයා ඝට්ටනයකට ලක් වුණා. මෙම ගැටීමෙන් පෘථිවියට දැවැන්ත හානියක් සිදු වුණත් කෑලිවලට කැඩී යන තරම් විනාශයක් සිදු වුණේ නැහැ.

අන්තිමට තීයාට මොකක්ද සිදු වුණේ?

තීයා සහ පෘථිවිය ගැටුණු පසු ක්ෂණිකවම පෘථිවියේ එක් කොටසක් ක්ෂණික වාෂ්පයක් බවටත් තීයා ග්‍රහකයේ ඉතුරු කොටස ඉතා උණුසුම් මැග්මා දියරයක් බවටත් පත් වුණා.

 තීයා හා පෘථිවිය ගැටීමෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ නොවූ නමුත් තීයා සම්පූර්ණයෙන්ම විනාශ වී එහි කැබලි විශ්වය පුරා විසිරී ගිය අතර තීයාගේ දැවැන්ත ග්‍රහක කොටස් පෘථිවි පතුලේ සැඟව ගියා. කෙසේ නමුත් ඒ දැවැන්ත ගැටීමෙන් විසිවී ගිය තීයාගේ කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවි කක්ෂයේ රැ¾දුණු බවටත්, තීයා නමින් හැඳින්වූ ඒ පුරාණ ග්‍රහවස්තුවේ කැබලි එකතු වී චන්ද්‍රයා නිර්මාණය වූ බවයි තාරකා විද්‍යාවේ සඳහන් වන්නේ.

මෙලෙස සඳ නිර්මාණය වූ ආකාරය හ¾දුන්වන්නේ මහා ඝට්ටන කල්පිතය (the gaint inpact hypothesis) යන නමින්.

මහා ඝට්ටන කල්පිතය (the gaint inpact hypothesis) සත්‍යයක් බව හැඟවෙන දැනට විද්‍යාවේ ඇති සාක්ෂි

1. පෘථිවිය සහ සඳ පද්ධතිය තුළ ඇති චාලක ශක්තිය ඉතාමත් ඉහළ වීම

පෘථිවිය වැනි ප්‍රමාණයෙන් විශාල පාෂාණ ග්‍රහලෝකයකට සාපේක්ෂව පෘථිවිය ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතිනවා. එමෙන්ම සඳද පෘථිවිය වටා ගමන් කරන්නේ අසාමාන්‍ය වේගයකින්. එපමණක් නොව සඳ තම අක්ෂය වටා භ්‍රමණය වන වේගය අසාමාන්‍ය ලෙස ඉහළ අගයක පවතිනවා. මෙවැනි විශාල චාලක ශක්තියක් නිදහස් වන්නට නම් ඉතා දැවැන්ත ඝට්ටනයකින් සිදුවිය යුතුයි. සාමාන්‍ය ලෙස බිහිවූ පෘථිවිය පිටත ස්ථානයක සිට පැමිණි සඳ වැනි පාෂාණ අධික වස්තුවක් තම කක්ෂයේ රඳවා ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් අවමයි. එසේ සිදුවනවා නම් පෘථිවිය සඳට කඩා වැදීම හෝ පෘථිවිය ගුරුත්වය නිදහස් වීමෙන් සිදුවිය යුතුයි. ගැටුමකින් හටගන්නා ස්කන්ධ කොටස්වලට පෘථිවිය හා සමාන වේගයක් තිබුණොත් එම කැබලි අවුරුදු මිලියන ගණනක් ගිය පසු එකට එකතු වී චන්ද්‍රයා වැනි දැවැන්ත ග්‍රහවස්තුවක් පෘථිවි කක්ෂය තුළම නිර්මාණය වීමට හැකියාවක් තිබෙන බව විද්‍යාවේ සඳහන් වනවා.

2. පෘථිවියට සඳක් පැවැතීම 

සූර්යයාට ආසන්න ග්‍රහකයන්ගෙන් චන්ද්‍රයන් පවතින්නේ අඟහරුට සහ පෘථිවියට පමණයි. නමුත් අඟහරුට ඇත්තේ ඉතාමත් කුඩා චන්ද්‍රයෙක් වන අතර ස‍ෙ¾දහි විශාලත්වයද මෙයට ඉතා හොඳ සාක්ෂියක්.

සඳ ගැන කර ඇති පර්යේෂණවලින් මෙය ඔප්පු වෙන හැටි 

සාමාන්‍යයෙන් අපි සඳ ගැන දන්නා කරුණු අනුව සඳට තිබෙන්නේ ඉතාමත් ඝනකම් පාෂාණ තට්ටුවක්. නමුත් විශ්වයේ පැතිරී ඇති වායූන්ගෙන් සෑදෙන ග්‍රහයෙක්ට ඝනකම් පාෂාණ තට්ටුවක් තිබිය නොහැකි වන අතර විශ්වයේ වස්තුන් දෙකක් ගැටීමෙන් නිකුත් වන අධික තාප ශක්තියෙන් එවැනි දෙයක් අනිවාර්යෙන් සිදුවන්නට හැකියි. සඳේ පවතින අඩු යකඩ ප්‍රමාණයද තවත් සාක්ෂියක්. සාමාන්‍යයෙන් විශ්වයේ ඇති ඕනෑම වස්තුවක අඩංගු වන යකඩ ප්‍රමාණය ඉතාමත් අධිකයි. විශේෂයෙන්ම පෘථිවිය වැනි ඕනෑම පාෂාණ අධික ග්‍රහකයක විශාල යකඩ ප්‍රමාණයක් තිබෙන බව සමහරවිට ඔබ දන්නවා ඇති. නමුත් සඳ වැනි පාෂාණ ග්‍රහයකුට යකඩ අඩු ප්‍රමාණයක් තිබීම අසාමාන්‍ය දෙයක් වන නමුත් එය ගැටීමකින් සිදුවුණා නම් ස‍ෙ¾දහි යකඩ ප්‍රමාණය අඩු වන්නට හැකියි. මන්ද පෘථිවියේ තිබෙන යකඩ ප්‍රමාණය පෘථිවි ගර්භයට ගිලා බැසීම නිසා පෘථිවිය මත තිබෙන යකඩ ප්‍රමාණය ඉතාමත් අවම වන නිසා. ඝට්ටනය වීමෙන් පෘථිවියෙන් නිදහස් වූ යකඩ හා පදාර්ථවලින් සඳ නිර්මාණය වුණා නම් සඳේ යකඩ හරය අඩු වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. විශේෂයෙන්ම චන්ද්‍රයා මත ඇති අඩු වායු ස්වභාවය මෙයට තවත් සාක්ෂියක් සපයන අතර වායුන්ගෙන් සෑදුණු ග්‍රහයෙක් නම් මතුපිට ඇති වායු ස්වභාවය ඉතාමත් ඉහළ අගයක පවතිනවා. ඇපලෝ 11 මෙහෙයුම් මෙහිදී සඳ මතුපිට කළ පර්යේෂණවලින් චන්ද්‍රයාගේ මතුපිට ඇති වායු අඩු බව ඔප්පු වනවා. බ්‍රහස්පති, සෙනසුරු වැනි වායු ග්‍රහයන්ගේ මතුපිට ස්වභාවයත් ස‍ෙ¾දහි මතුපිට ස්වභාවයත් සංසන්දනය කළහොත් සඳ යනු වායුන්ගෙන් සෑදුණු ග්‍රහයෙක් නොවන බව දැන් ඔබට තේරෙනවා ඇති. එමෙන්ම ඇපලෝ 11 මෙහෙයුමෙන් පෘථිවියට ගෙන ආ ස‍ෙ¾දහි පාෂාණ පරීක්ෂණය කළ පසු හෙළි වූයේ පෘථිවියෙහි ඇති පාෂාණ සංයෝගයට සමාන සංයෝගයක් ස‍ෙ¾දහි පාෂාණවල අඩංගු බවයි.

Arizona ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් කළ පරීක්ෂණය 

2019දී University of arizonaහි විද්‍යාඥයන් කණ්ඩායමක් බටහිර අප්‍රිකානු හා පැසිෆික් සාගරයේ කළ පරීක්ෂණයකින් හෙළි වූයේ තීයා හි විශාල නටබුන් කැබැල්ලක් පෘථිවි පතුලෙහි සැඟවී ඇති බවයි. ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා පරීක්ෂකයකු වන Quin Yuan මෙහෙයවූ අධ්‍යනයකින් හෙළි වුණේ Theiaහි නටබුන් තවමත් පෘථිවිය තුළ පවතින අතර, බොහෝ විට බටහිර අප්‍රිකාවට සහ පැසිෆික් සාගරයට යටින් මහාද්වීප ප්‍රමාණයේ පාෂාණ ස්තර දෙකක පිහිටා ඇති බවයි.

 භූ කම්පන විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ මෙම පාෂාණ ස්තර දෙක අධ්‍යයනය කර ඇති අතර භූමිකම්පාවලින් එන භූ කම්පන තරංග ස්තර හරහා ගමන් කරන විට හදිසියේම මන්දගාමී වන බව ඔවුන් සොයාගෙන ඇති අතර එයින් ඇඟවෙන්නේ ඒවා අවට ඇති මැන්ටල් පාෂාණයට වඩා ඝන සහ රසායනිකව වෙනස් බවයි. භූ කම්පන විද්‍යාඥයන් ඒවා හ¾දුන්වන්නේ විශාල අඩු කම්පන ප්‍රවේග සහිත පළාත් හෝ LLSVP ලෙසයි. ඒවා එක්ව ස‍ෙ¾දහි ස්කන්ධය මෙන් හය ගුණයක් පමණ අඩංගු වන බව සඳහන්.

කෙසේ නමුත් දිනෙන් දින දියුණු වන තාක්ෂණය සමඟින් වසර බිලියන ගණනක් පැරණි පෘථිවියේ හා මහා ඝට්ටන කල්පිතයේ සැඟවුණු රහස් අනාගතයේදී විසඳාගත හැකි වනු ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරනවා. 

සියන්සා සමදිනි