තිබෙන තත්ත්වය අවදානම් පිරිවැය පියවාගන්නත් බැහැ

Date:

මේ දවස්වල වැඩකටයුතු මොනවාද? 

මේ දවස්වල මගේ අලුත් චිත්‍රපටය ‘ද ගේම්’ තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. පසුගිය ජනවාරි මාසයේ ‘ඇම්ඩන්’ කියලා වෙබ් සීරීස් එකක් කරන්න පටන් ගත්තා, එහි වැඩකටයුතුත් කරගෙන යනවා.

‘ද ගේම්’ චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැඟුණේ කොහොමද?

මේ චිත්‍රපටය සැලසුම් කළේ නිෂ්පාදකවරයාගේ ආරාධනාව මත. මම ‘කිඩ්නැප්’ කියන චිත්‍රපටය අවසන් කරලා එය තිරගත කිරීමට සූදානමින් සිටින අතරතුර මගේ මිතුරියක් වන ගංගු රොෂානා මට නිෂ්පාදක අනුර සමරජීව මුණගැස්වුවා. ඔහු ආරාධනා කළා චිත්‍රපටයක් කරන්න. ඒ අනුව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. මේ අතරේදී තමයි පාස්කු ප්‍රහාරය සිදුවුණේ. ඒ අනුව අපි පාස්කු ප්‍රහාරය අලළා එහි නොදැකපු පැත්තක් සම්බන්ධයෙන් චිත්‍රපටයක් කරමු කියන එකඟතාවකට පැමිණියා. නිශාන්ත වීරසිංහ, නදීෂ සමිත් ඩයස් සහ අරුණ ශාන්ත යන රචකයන්ගේ එකතුවෙන්, ගවේෂණයන් සහ සංශෝධනයන් සිදුකරමින් ද ගේම් චිත්‍රපටයේ පිටපත රචනා කළා.

චිත්‍රපටය තිරගත වන්නේ කවදාද?

අපි මාර්තු මාසයේ අග වන විට තිරගත කරන්න සූදානම් කළා. නමුත් මාර්තු මාසයේ මුලදී තේරුණා රට තුළ කුමක් හෝ ගැටලුවක් ඇති වෙයි කියලා. එම නිසා අප්‍රේල් මාසයේ අවසන් සති දෙක ඇතුළත තිරගත කරන්න සූදානම් කළා. මේ තත්ත්වය තව දුරටත් උග්‍ර වුවොත් තිරගත කිරීම තවත් කල් දමනවා.

ද ගේම් සඳහා සම්බන්ධ වූ පිරිස ගැනත් සඳහන් කරමු?

මෙහි ප්‍රධාන චරිත සඳහා රන්ජන් රාමනායක සහ තරින්දි ප්‍රනාන්දු යන දෙදෙනා දායක වුණා. ඊට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, ධනංජය සිරිවර්ධන, වසන්ත කුමාරවිල, බුද්ධික ජයරත්න, ජනිත් වික්‍රමගේ, නිල්මිණී කෝට්ටෙගොඩ, සැන්ඩෝ හැරිස්, ලක්ෂ්මන් අමරසේකර, ගයාන් මාපලගම, ගීතිකා රාජපක්ෂ, චතූ රාජපක්ෂ, ටිරෝන් මයිකල් යන රංගන ශිල්පීන් දායක වුණා. කැමරාකරණය ගාමිණී මොරගොල්ලාගම. සංගීතය නිර්මාණය කළේ මගේ පියා සරත් ද අල්විස්. කලා අධ්‍යක්ෂණය කළේ ඇහැළියගොඩ සෝමතිලක. අංගරචනයෙන් සුදත් මන්දාරම්නුවර, ඇ¾දුම් නිර්මාණයෙන් ප්‍රියාන් අනුර ශ්‍රී, සටන් අධ්‍යක්ෂණයෙන් සමන්ත රංග මායාදුන්නත් සම්බන්ධ වුණා.

රංගන ශිල්පී රන්ජන් රාමනායකව තෝරා ගත්තේ ඔහුගේ රංගන හැකියාවට අමතරව ප්‍රචාරණයකුත් බලාපොරොත්තුවෙන්ද?

ඕනෑම රටක චිත්‍රපටයකට නළුවෙක් තෝරා ගන්නේ නළුවාව විකුණන්න පුළුවන් කියන පදනම මත. ඉන්දියාවේ ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් වගේ නළුවන් දාලා චිත්‍රපට කරන්නේ ඇයි? විකුණන්න පුළුවන් නිසා. නැත්නම් නානාපටේකාර්ලා දාලා හැමදාම චිත්‍රපට කරනවානේ. අපේ රටේ ප්‍රතිභා පූර්ණ නළුවන් අතරේ කතාබහක් තිබෙනවා නළුවන්ට චිත්‍රපට අලෙවි වන්නේ නැහැ කියලා. එහෙම නැහැ. කතා තේමාව වගේම නළුවන් නිසාත් චිත්‍රපට දුවනවා. හොඳ කතා තේමාවක් වගේම විකුණන්න පුළුවන් නළුවෙකුත් තෝරා ගැනීමට මම සිතුවා. චිත්‍රපටයට රන්ජන් රාමනායකට ආරාධනා කරන විට ඔහු රාජ්‍ය අමාත්‍යවරයෙක්. පසුව තමයි ගැටලු මතු වුණේ. ඔහු විසින් නිර්මාණය කරගත් ජනප්‍රියත්වය බිඳ දමන්න කිසිවෙක්ට බැහැ කියලා මම සිතනවා. අදටත් සුපිරි තරුව ඔහුයි. 

අද වනවිට රටේ තිබෙන තත්ත්වයත් සමඟ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවෙන් අෑත් වෙලා තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න සිනමාවට පුළුවන් වෙයිද?

මීට අවුරුදු දෙකකට පෙරම සිංහල සිනමාව මිනී පෙට්ටියට දාලා ඇණ ගසලා අවසන්. දැන් ඉතුරු වෙලා තිබෙන්නේ වළට දාලා පස් දාන්න පමණයි. නමුත් පාස්කු ප්‍රහාරයට පෙර වන තුරුම ලංකාවේ චිත්‍රපට අධික ලෙස ප්‍රදර්ශනය වුණා. ඒ කාලයේදී අවුරුද්දක් තුළදී සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ හැත්තෑ හතර ලක්ෂයක් පමණ චිත්‍රපට නරඹලා තිබෙනවා. 2013 සිට 2019 වසරේ පාස්කු ප්‍රහාරය වන තෙක් සිරිපැරකුම්, පත්තිනි, ධර්ම යුද්ධය ආදී චිත්‍රපට ලක්ෂ දහසක් හෝ ඊට ආසන්න ආදායමක් උපයලා තිබෙනවා. ඒ කියන්නේ ලංකාවේ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෝ සිටිනවා. නමුත් අවාසනාවකට පාස්කු ප්‍රහාරයත් ඉන්පසුව කොවිඩ් වසංගතයත් පැමිණියා. කොවිඩ් කාලයේදී බොහෝ ප්‍රේක්ෂකයන් නෙට්ෆිලික්ස්, ඇමසොන් ප්‍රයිම් වැනි වෙබ් අඩවි හරහා විදේශීය නිර්මාණ බලන්න පෙලඹුණා. අපේ නිර්මාණකරුවන් අතිනුත් ලොකු වැරැද්දක් වුණා. බහුතරයක් අධ්‍යක්ෂවරු නිර්මාණ කළේ ප්‍රේක්ෂකයන්ට නොවෙයි තමන්ගේ ඔළුවේ අමාරුවට. දැන්වත් සිටින ප්‍රේක්ෂකයො ටික රැකගන්න, තිබෙන සිනමා ශාලා රැකගන්න, ප්‍රේක්ෂකයා ඉලක්ක කරලා නිර්මාණකරණයේ යෙදුණොත් සිනමාව වළ නොදා බේරගන්න පුළුවන් කියලා මම සිතනවා. 

මේ කාලයේ සිනමා නිර්මාණයක් කරලා ආදායමක් උපයා ගන්න පුළුවන් ද?

දැන් තිබෙන තත්ත්වය අවදානම්. චිත්‍රපටයක් කරන්න දරන පිරිවැය පියවා ගන්නත් අමාරුයි. මේ ක්‍ෂේත්‍රය තුළ සිටින නිර්මාණකරුවන් සහ නිෂ්පාදකවරුන් විසින් තමයි මේ ව්‍යාපාරය ගොඩනැඟුවේ. අමාරු කාලයකදීවත් කිසිදු රාජ්‍ය ආයතනයක් අපිට උපකාර කළේ නැහැ. ඔවුන් සිදු කළේ අපේ විනෝද බද්ද කොල්ල කාපු එකයි, අපෙන් විවිධ බදු අය කළ එක පමණයි. අපහසු කාලයකදීවත් රජය අපට උපකාර කරන්නේ නැත්නම් අපට සිදුවෙනවා අපේ සිනමා ශාලා ටිකත් හකුළා ගෙන පැත්තකට වෙන්න.

ප්‍රේක්ෂකයන් ඩිජිටල් වේදිකාවලට යොමු වීම නිසාද ඔබත් වෙබ් සීරීස් එකක් කරන්න සිතුවේ?

නැහැ. මගේ පළමු චිත්‍රපටය නිෂ්පාදනය කළ සමාගම විසින්මයි මට මේ සඳහා ආරාධනා කළේ. මම මේ වැඩේ කරන්න සම්බන්ධ වුණේ ලොකු කැමැත්තකින් නම් නොවෙයි. ඔවුන් ඉල්ලීමක් කළා. මටත් සිතුණා අත්හදා බැලීමක් විධියට ඒක කරලා බලන්න. මොකද මම ටෙලි නිර්මාණයක් මීට පෙර කරලා නැහැ. මෙය හාස්‍ය රසයෙන් යුතු නිර්මාණයක්. පබෝදා සංදීපනී සහ කසුන් ‍ෙදාඹගොල්ල තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.

ඉදිරියේදීත් ටෙලි නිර්මාණ කරන්න අදහසක් තිබෙනවාද?

නැවත වරක් නම් ටෙලි නිර්මාණ කරන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් කියන්නේ චිත්‍රපටයක් කරනවා වගේ කාරණාවක් නොවෙයි. කොටස් සියයක, දෙසීයක ටෙලි නාට්‍යයක් තුළ නිර්මාණාත්මක දෙයක් කරන්න බැහැ. මෙම නිර්මාණයේත් බොහොම කුඩා කොටස් ප්‍රමාණයක් කරලා මම ඉවත් වෙනවා.

නිර්මාණකරුවෙක් ලෙස ඔබේ වගකීම ඉටුකළා යැයි ඔබ සිතනවාද?

මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මම සිටින්නේත් මේ කලා ක්ෂේත්‍රය තුළම තමයි. මම හැදී වැඩුණේ මේ ක්‍ෂේත්‍රය තුළමයි. මගේ පියා අපිට ඉගැන්වූයේ මේ ක්‍ෂේත්‍රයෙන් උපයාගත් මුදලින්. මම මේ ක්‍ෂේත්‍රයට යමක් කරලා තිබෙනවා. මම චිත්‍රපට 5ක් අධ්‍යක්ෂණය කළා. චිත්‍රපට 5ක් නිෂ්පාදනය කළා. නැති වෙලා වැළලෙන්න ගිය චිත්‍රපට ගොඩගත්තා. ඩීවීඩී සිනමාව මේ කර්මාන්තයට හ¾දුන්වලා දුන්නේ මම. අද වන විට එය නිෂ්පාදකවරුන්ට අමතර ආදායමක් වෙලා තිබෙනවා. මාලඹේ නගරයේ සිනමා ශාලාවක් හැදුවා. ඊට අමතරව චිත්‍රපටශාලා දෙකක් නවීකරණය කළා. දැන් මම මේ ක්‍ෂේත්‍රයට ණය නැහැ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම තවත් වැඩකටයුතු දෙකක් සඳහා මුලපුරලා තිබෙනවා. ඉන් එකක් වන්නේ ‘මයිකල්’ චිත්‍රපටය. එය අනුවර්තනයක්. ඒ වගේම සෙනේශ් බණ්ඩාර දිසානායක සහ සුනෙත් මාලිංග ලොකුහේවාගේ රචනා කළ ‘Room Number 106’ කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න භාරගෙන තිබෙනවා. ඉන්පසුව සිනමාවෙන් ඉවත් වේවිද කියන්න බැහැ. 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

 ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේය

ජීවිත කාලයේදී අපට හමුවූ අපෙන් වෙන්වූ මිතුරන් අනන්තයි අප්‍රමාණයි....

“නැති බැරි-බඩගිනි ඕනෑම කෙනෙක් ඇවිත් කාලා යන්න. රුපියලක්වත් අපිට එපා.”

පිළියන්දල, මාවිත්තර ‘ආයුබෝවන් රෙස්ටුරන්ට්’. එහි හිමිකරු තිලක් කුමාර ගමගේ...

දෑත වෙහෙසා වැඩ නොකරන අලසයාට වෙන දේ දන්නවාද?

අපි වෙසෙන මේ වත්මන් යුගයේ ඇතැම් බයිබල් ගුරුවරු අලසකම...

කමතක පුරුදු වෙලා ඕස්ට්‍රේලියාව පරද්දපු පෙදරේරු තාත්තගෙ යකඩ දියණී

නෙත්මි අහිංසා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී...